සූරා ලුක්මාන්
PDF —
Built right in your browser — download starts automatically
සූරා ලුක්මාන් pdf — බාගත කරන්න (සිංහල)
සූරා ලුක්මාන් pdf සිංහල — බාගත කරන්න සූරා ලුක්මාන් පරිවර්තනය. ලුක්මාන් (Meccan) 34 ආයාත්.
Related
- ලුක්මාන් පරිවර්තනයසිංහල
- ලුක්මාන් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා ලුක්මාන්

ﭑﭒ
අලිෆ්, ලාම්, මීම්.
ﭓﭔﭕﭖﭗ
ඒවා ප්‍රඥාවෙන් සපිරුණු ධර්ම ග්‍රන්ථයේ වදන්ය.
ﭘﭙﭚﭛ
එය දැහැමියන්ට මගපෙන්වීමක් හා ආශිර්වාදයකි.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳ ව තරයේම විශ්වාස කරන්නෝ වෙති.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ මග පෙන්වීම මත වෙති. තවද ඔවුහුමය ජයග්රාහකයෝ.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
තවද ජනයා අතරින් කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ මාර්ගයෙන් මුළා කරනු වස් පුහු වදන් මිලට ගෙන ඒවා විහිළුවක් බවට ගන්නා අය ද වෙති. තමන් හට නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
තවද ඔහු වෙත අපගේ වදන් පාරායනා කර පෙන්වනු ලබන අවස්ථාවේ තම දෙකන්හි බිහිරි බව ඇත්තාක් මෙන් තමන්ට එය නොඇසුණාක් මෙන් අහංකාරයකු සේ හැරී ගියේය. එහෙයින් වේදනීය දඬුවම ගැන ඔහුට ශුභාරංචි දන්වනු.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සුව පහසුකම් සහිත (ස්වර්ග) උයන් ඇත.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
ඔවුන් එහි සදාතනිකයින්ය. තවද (මෙය) අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨ
නුඹලා එය දකින අයුරින් කිසිදු කලුණකින් තොර ව අහස් ඔහු මැව්වේය. තවද (භූමිය) නුඹලා සමඟ නොසැළී සිටීම පිණිස මහපොළොවේ ඔහු කඳු ඇති කළේය. තවද එහි සෑම ජීවියකුම ව්යාප්ත කළේය. තවද අපි අහසින් ජලය පහළ කොට එහි යහපත් සෑම ජෝඩුවකින්ම පැළෑටි හටගැන්වූයෙමු.
ﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
තවද අල්ලාහ්ට කෘතවේදී වන්නට සැබැවින්ම අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු. තවද කවරෙකු කෘතවේදී වන්නේ ද එසේ ඔහු කෘතවේදී වනුයේ ඔහුටමය. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය; ප්‍රශංසාලාභීය.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵ
තවද ලුක්මාන් තම පුතණුවන්ට උපදෙස් දෙමින් ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු. අහෝ මාගේ පුතණුවනි! ඔබ අල්ලාහ්ට ආදේශ නොකරනු. නියත වශයෙන්ම ආදේශ කිරීම මහත් වූ අපරාධයකි.
ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
ඔහුගේ මව දුර්වලත්වයෙන් දුර්වලත්වයට පත්වෙමින් ඔහු ඉසිලුවාය. ඔහුට කිරිවැරීම වසර දෙකක් තුළ විය. මට හා ඔබේ දෙමාපියන්ට කෘතවේදී වනු. නැවත යොමු වීමේ ස්ථානය මා වෙතය යැයි මිනිසාට ඔහුගේ දෙමව්පියන් පිළිබඳ ව අපි උපදෙස් දුනිමු.
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
ඔබට කවර දෙයක් ගැන දැනුම නැත්තේ ද එවන් දෑ මට ආදේශ කිරීමට ඔවුන් දෙදෙනා ඔබට උත්සාහ දැරුවේ නම් එවිට ඔබ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. තවද මෙලොවෙහි යහපත් අයුරින් ඔවුන් දෙදෙනා සමග මිත්රශීලී ව කටයුතු කරනු. තවද මා වෙත යොමුවූවන්ගේ මාර්ගය ඔබ අනුගමනය කරනු. පසු ව නුඹලාගේ නැවත හැරී එන ස්ථානය ඇත්තේ මා වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මම නුඹලාට දන්වමි.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම අබ ඇටයක තරම් ප්‍රමාණකින් යමක් වී එය කළු ගලක් තුළ හෝ අහස් තුළ හෝ මහපොළොව තුළ හෝ තිබුණ ද අල්ලාහ් එය ගෙන එනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියුම් ඥානය ඇත්තාය; අභිඥාන වන්තය.
ﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
මාගේ පුතණුවනි! ඔබ සලාතය විධිමත් ව ඉටු කරනු. තවද යහපත් දෑ අණ කරනු. තවද පිළිකුල් සහගත දැයින් වළක්වනු. ඔබට හට ගත් දෑ මත ඉවසීමෙන් කටයුතු කරනු. නියත වශයෙන්ම එය අධිෂ්ඨාන පූර්වක කරුණු අතරින් වූවකි.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈ
(උඬඟුකමින්) ඔබේ කම්මුල මිනිසුන්ට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන්, උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
ﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕ
තවද ඔබේ ගමනෙහි නිහතමානී වනු. තවද ඔබේ හඬ පහත් කරනු. නියත වශයෙන්ම හඬ අතරින් වඩාත් පිළිකුල් සහගත (හඬ) වනුයේ බූරුවාගේ හඬය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට වසඟ කර දුන් බවත් ඔහුගේ ආශිර්වාදය නුඹලා වෙත මතුපිටින් ද ඇතුළාන්තයෙන් ද සම්පූර්ණ කර දී ඇති බවත් නුඹලා නොදුටුවෙහුද? (එහෙත්) කිසිදු දැනුමකින් හෝ මග පෙන්වීමකින් හෝ ආලෝකය ලබා දෙන ධර්ම ග්‍රන්ථයකින් හෝ තොර ව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නෝ ද ජනයා අතරින් වෙති.
ﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි අපගේ පියවරු කවර දෙයක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පැවසූහ. ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ෂෙයිතාන් ඔවුන් ඇරයුම් කර සිටිය ද (ඔවුන් එසේ අනුගමනය කරයි ද?)
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
තවද කවරෙකු දැහැමියකු ව සිට තම මුහුණ අල්ලාහ් වෙතට යටහත් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු ශක්තිමත් රැහැනක් තදින් ග්‍රහණය කර ගත්තේය. තවද සියලු කරුණු වල අවසානය අල්ලාහ් වෙතය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔබ දුකට පත් නොකළ යුතුය. ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව අපි ඔවුනට දන්වා සිටිමු. නියත වශයෙන්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔ
අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසු ව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦ
තවද අහස් හා මහපොළොව මැව්වේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවේ නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ට යැයි ඔබ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නියත වශයෙන්ම අල්ලාහ්, ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර ය; ප්‍රශංසාලාභී ය.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
තවද මහපොළොවේ ගස් (සියල්ල) පන්හිදවල් වී තවද මුහුද ද එයට පසු ව තවත් මුහුදු හතක් (තීන්ත බවට) එයට එකතු වුව ද අල්ලාහ්ගේ වදන් නිමා නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖ
නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එක් ආත්මයක් (මැවීම) මෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව නිරීක්ෂකය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවල තුළ ඇතුළත් කරන බවත් දහවල රාත්‍රිය තුළ ඇතුළත් කරන බවත් ඔබ නොදුටුවෙහි ද? තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. (එය) සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සත්යය. තවද නියත වශයෙන්ම ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන දෑ අසත්යය වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය උත්තරීතර; අතිමහත්.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
ඔහුගේ සංඥා අතරින් නුඹලාට ඔහු(ගේ බලය) පෙන්වීම පිණිස නියත වශයෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් මුහුදෙහි ගමන් කරන නැව් ඔබ නොදුටුවෙහි ද? ඉවසිලිවන්ත කෘතගුණ සලකන සෑම කෙනෙකුටම එහි සංඥාවන් ඇත.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
තවද කඳු මෙන් රළ ඔවුන් වසා ගත් විට දහම අල්ලාහ්ට පමණක් පුද කරන්නන් ලෙසින් ඔවුහු ඔහු ඇරයුම් කළෝය. නමුත් ඔහු ඔවුන් ගොඩබිම වෙත මුදවාගෙන ආ කල්හි එවිට ඔවුන් අතරින් මධ්යස්ථ ව කටයුතු කරන්නන් ද විය. එමෙන්ම වංචාකාර ගුණමකු සෑම කෙනෙකුම මිස අපගේ සංඥා පිටු නොදකිනු ඇත.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. තවද පියකු තම දරුවා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි එමෙන්ම දරුවකුට තම පියා සම්බන්ධයෙන් කිසිවක් කටයුතු කරන්නකු විය නොහැකි දිනයකට නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලාව මුළා කර නොදැමිය යුතුය. තවද මුළා කරන්නා ද අල්ලාහ් ගැන නුඹලා මුළා නොකර යුතුය.
ﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහු අබියස ය. ඔහු වැසි පහළ කරයි. තවද ගර්භාෂයන් තුළ ඇති දෑ දනී. හෙට දින උපයනුයේ කුමක්දැයි කිසිදු ආත්මයක් නොදනී. තවද කවර භූමියක මරණයට පත් වන්නේ දැයි කිසිදු ආත්මයක් නොදනී. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; අභිඥානවන්තය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







