PDF —
45 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා ෆාතිර් pdf — බාගත කරන්න (සිංහල)

සූරා ෆාතිර් pdf සිංහල — බාගත කරන්න සූරා ෆාතිර් පරිවර්තනය. ෆාතිර් (Meccan) 45 ආයාත්.



45 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද පියාපත් දෙක බැගින් ද තුන බැගින් ද හතර බැගින් ද යුත් මලක්වරුන් (තම) දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰ
අල්ලාහ් (තම) දයාවෙන් මිනිසාට විවෘතව ප්‍රධානය කළේ නම්, එය වළක්වන කිසිවෙකු නැත. තවද ඔහු (තම දායාදයන්) වළක්වන්නේ නම් ඉන්පසුව ඒවා ඔහුට එවන්නෙකු ද නැත. තවද ඔහු සර්ව බලධාරිය; මහා ප්‍රඥාවන්ත ය.
ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
අහෝ ජනයිනි! නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට සැබැවින්ම නුඹට පෙර ද ධර්ම දූතවරුන් බොරු කරනු ලැබීය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලා රවටා නොදැමිය යුතුය. තවද මහා රැවටිලිකරු ද අල්ලාහ් ගැන නුඹලාව නොරැවටිය යුතුය.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
නියත වශයෙන්ම ෂෙයිතාන් නුඹලාට සතුරුය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින්ම ගනු. නියත වශයෙන්ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමටය.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන් වූ අයකු මෙන් වේ)ද? එහෙයින් නියම වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් වෙමින් නුඹේ ආත්මය පහකර නොයවනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදුකරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
තවද සුළඟ එවා සිටියේ අල්ලාහ් ය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසු ව එමගින් ප්රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීමද එලෙසය.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද ඒ සියලු ගෞරවයන් අල්ලාහ් සතුය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙතය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්රණය විනාශ වී යන්නකි.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛﰜﰝﰞ
තවද නුඹලාව පසින් ද පසු ව ශුක්රාණුවෙන් ද අල්ලාහ් මැව්වේය. පසු ව නුඹලා ජෝඩු බවට පත් කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නොගනී. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. ලේඛනයේ සටහන් ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නොලැබෙයි. එමෙන්ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නොලැබෙයි. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
තවද මුහුදු දෙක සමාන වන්නේ නැත. මෙය බීමට හිතකර ඉමිහිරි රසැතිය. තවද එය තිත්ත ලුණු රසැතිය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පළඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) නොදන්වයි.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝය. තවද අල්ලාහ් වන ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර; ප්‍රශංසාලාභී.
ﯓﯔﯕﯖﯗﯘﯙ
ඔහු අභිමත කරන්නේ නම් නුඹලා පහකර, නව මැවීමක් ගෙන එනු ඇත.
ﯚﯛﯜﯝﯞﯙ
තවද එය අල්ලාහ් වෙත බලවත් කටයුත්තක් නොවේ.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
තවද (බර) උසුලන්නෙකු තවකෙකුගේ බර නොඋසුලයි. තවද බර උසුලනු ලැබූ තැනැත්තා තමන්ගේ බර ඉසිලීමට (අනෙකාට) ඇරයුම් කළ ද (ඔහු)සමීප ඥාතියකු වුව ද එය ඉසිලීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ. (නබිවරය!) නියත වශයෙන්ම නොපෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත් ව ඉටු කරන්නන් වෙත පමණක් නුඹට අවවාද කළ හැක. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ටමය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය.
ﭑﭒﭓﭔﭕ
තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙයි.
ﭖﭗﭘﭙﭚ
තවද අන්ධකාරයන් හා ආලෝකය ද (සමාන) නොවේ.
ﭛﭜﭝﭞﭟ
තවද හෙවණ හා සූර්ය තාපය (සමාන) නොවේ.
ﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
තවද ජීවත් ව සිටින්නන් හා මළවුන් සමාන නොවෙයි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට සවන් වැකෙන්නට සලස්වයි. නමුත් ඔබ මිනී වල වල් තුළ සිටින්නන්ට සවන් වැකෙන්නට සලස්වන්නකු නොවේ.
ﭳﭴﭵﭶﭷ
(නබිවරය!) නුඹ අවවාද කරන්නෙකු මිස වෙනත් කිසිවෙකු නොවේ.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ
නියත වශයෙන්ම ශුභාරංචි දන්වනනෙකු වශයෙන් හා අවවාද කරනනෙකු වශයෙන් අපි ඔබ සත්යයෙන් යුතු ව එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත් ව ගියා මිස නැත.
ﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
තවද ඔවුන් නුඹව බොරු කරන්නේ නම් එවිට (දැනගනු!) ඔවුනට පෙර සිටියවුන් ද (මෙසේ) බොරු කළෝය. ඔවුන් වෙත ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ ද ශුද්ධ ලියකියවිලි සමග ද ආලෝකමත් ධර්ම ග්‍රන්ථය සමග ද පැමිණියහ.
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
පසු ව මම ප්‍රතික්ෂේප කළවුන් හසු කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද? (යැයි අල්ලාහ් විමසයි)
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
(අහෝ නබිවරය!) නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කළ බව නුඹ නොදුටුවෙහි ද? එමගින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් බවභෝග අපි හටගැන්වූයෙමු. තවද කඳු අතරින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් සුදු හා රතු කඳු මාර්ග ද කළු පැහැති දෑ ද ඇත.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
තවද ජනයා අතරින් ද සතුන් හා ගොවිපළ සතුන් අතරින් ද එහි වර්ණ විවිධත්වයෙන් යුත් දෑ ද එලෙසම ය. නියත වශයෙන්ම අල්ලාහ්ට බියවනුයේ ඔහුගේ ගැත්තන් අතරින් දැනුම ඇත්තන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා සලාතය විධිමත් ව ඉටු කර, අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ වියදම් කළවුන් වන ඔවුහු කිසිවිටෙක පාඩු නොවිඳින ව්යාපාරයක් අපේක්ෂා කරති.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
(එය) ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට පූර්ණ ව ඔහු දෙනු පිණිසය. තවද ඔහුගේ භාග්යයෙන් ඔහු ඔවුනට වර්ධනය කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී ය; ගුණගරුක ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
තවද ධර්ම ග්‍රන්ථයෙන් එය ඉදිරියේ වූ දෑ සත්ය කරවන්නක් වශයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ වනාහි එයමය සත්යය වන්නේ. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්ත ය; සර්ව නිරීක්ෂක ය.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺ
පසු ව අපි අපගේ ගැත්තන් අතරින් අප තෝරා ගත් අයට එම ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතරින් තමන්ටම අපරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් මධ්යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි පෙරටු වන අය ද වෙති. එයම ය මහත් භාග්‍යය.
ﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
(එහි අද්න් නම්) සදාතනික උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. රනින් වූ වළලු ද මුතු ද එහි ඔවුනට පලන්දවනු ලබෙති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද ය.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
තවද “අපගෙන් දුක පහ කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා ගුණගරුක ය” යැයි ඔවුන් පවසනු ඇත.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
“ඔහු වනාහි ඔහුගේ භාග්යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි කිසිදු දුෂ්කරතාවක් අප ස්පර්ශ නොකරයි. තවද එහි කිසිදු දොම්නසක් අප ස්පර්ශ නොකරයි.”
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් මිය යෑම ඔවුන් වෙත තීන්දු කරනු නොලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුටම ප්‍රතිඵල පිරිනමනුයේ.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
තවද “අපගේ පරමාධිපතියාණනි! අප සිදු කරමින් සිටි දෑ නොවන වෙනත් දැහැමි ක්‍රියාවක් අප සිදු කිරීම සඳහා අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂ
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොවේ ගුප්ත දෑ දන්නාය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ සර්වඥය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහුය. එහෙයින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට එරෙහිවම ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුව මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
(නබිවරය!) නුඹ මෙසේ අසනු. “අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට ධර්ම ග්‍රන්ථයක් පිරිනමා ඔවුන් ඉන් පැහැදිලි සාධකයක් මත සිටී දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නොදෙති.”
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦ
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නොවන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසු ව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්ත අතික්ෂමාශීලී අයෙකි.
ﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
සැබැවින්ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත ඔවුන් දිවුරා සිටියෝය. නමුත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට වැඩි කළේ නැත.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
(ඔවුන්) මහපොළොවේ උඬඟුකම් කිරීම හා නපුරු කුමන්ත්‍රණ කිරීම( මිස වෙන කිසිවක් ඔවුනට වැඩි කළේ නැත.) නපුරු කුමන්ත්‍රණය (පෙරලා) එය කරන්නන් වෙතට එල්ල වෙයි. මුතුන්මිත්තන්ගේ පිළිවෙත හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිවිටක කිසිදු වෙනස් කිරීමක් නුඹ නොදකින්නෙහිමය. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් නුඹ නොදකින්නෙහිමය.
ﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛﰜ
මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැ යි ඔවුහු නොබැලුවෝද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූවෝය. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් අල්ලාහ්ව පරාජය කළ නොහැක. නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
තවද ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. නමුත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්‍රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ ව නිරීක්ෂා කරන්නෙකු විය.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers