සූරා ඝාෆිර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා ඝාෆිර් pdf සිංහල — බාගත කරන්න සූරා ඝාෆිර් පරිවර්තනය. ඝාෆිර් (Meccan) 85 ආයාත්.
Related
- ඝාෆිර් පරිවර්තනයසිංහල
- ඝාෆිර් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා ඝාෆිර්

ﭥﭦ
හා මීම්.
ﭧﭨﭩﭪﭫﭬﭭ
(මෙය) සර්ව බලධාරී, සර්වඥානී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමයි.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
(ඔහු) පාපයට සමාව දෙන්නාය. පාපක්ෂමාව පිළිගන්නාය. දැඩි ලෙස දඬුවම් කරන්නාය. ත්යාගශීලීය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. නැවත යොමු වීම ඔහු වෙතමය.
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් හැර වෙනත් කිසිවකු අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක නොකරනු ඇත. එහෙයින් නගරවල්වල ඔවුන්ගේ සැරිසැරීම ඔබ ව රවටා නොදැමිය යුතුය.
ﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
ඔවුනට පෙර වූ නූහ්ගේ ජනයා ද ඔවුනට පසු වූ සතුරු කණ්ඩායම් ද (ඔවුන්ගේ ධර්ම දූතවරුන්ව) බොරු කළෝය. සෑම සමූහයක්ම තමන්ගේ ධර්ම දූතයාණන්ව ග්‍රහණය කිරීමට තැත් කළෝය. තවද ඔවුන් සත්යය විනාශ කරනු පිණිස ව්‍යාජ දැයින් තර්ක කළෝය. එහෙයින් මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
තවද එලෙසම නියත වශයෙන්ම ඔවුහු (නිරා) ගින්නේ සගයෝ වෙතැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි නුඹේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම විය.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯮ
අර්ෂය උසුලා ගෙන සිටින්නන් හා ඒ අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද ඔහුව විශ්වාස කරති. තවද අපගේ පරමාධිපතියාණනි! දයාවෙන් හා දැනුමෙන් සියලු දෑ ඔබ පුළුල් ලෙස ආවරණය කර සිටින්නෙහිය. එහෙයින් පසුතැවිලි වී ඔබගේ මාර්ගය අනුගමනය කළවුන්හට ඔබ සමාව දෙනු මැනව! තවද නිරයේ වේදනාවෙන් ඔබ ඔවුන් ආරක්ෂා කරනු මැනව! යැයි විශ්වාස කළවුනට සමාව අයැද සිටිති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
අපගේ පරමාධිපතියාණනි! ඔබ ඔවුනට ප්‍රතිඥා දුන් සදාතනික ස්වර්ග උයන් තුළට ඔවුන් හා ඔවුන්ගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ පරපුරින් දැහැමි දෑ කළවුන් ද ඇතුළත් කරනු මැනව! නියත වශයෙන්ම ඔබ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
තවද ඔබ ඔවුන් නපුරු දැයින් ආරක්ෂා කරනු. තවද ඔබ කවරෙකු එදින නපුරු දැයින් ආරක්ෂා කරන්නේ ද සැබැවින් ඔබ ඔහුට කරුණාව දැක්වූයෙහිය. තවද එයයි අතිමහත් ජයග්‍රහණය.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁ
‘දේව විශ්වාසය වෙත නුඹලා ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි අවස්ථාවේ නුඹලා තුළ වූ පිළිකුලට වඩා අල්ලාහ්ගේ පිළිකුල ඉමහත් විය’ යැයි නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඇරයුම් කරනු ලබනු ඇත.
ﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
අපගේ පරමාධිපතියාණනි! ඔබ අප දෙවතාවක් මරණයට පත් කළෙහිය. තවද ඔබ අපට දෙවතාවක් ජීවය දුන්නෙහිය. එහෙයින් අපගේ පාපයන් අපි පිළිගන්නෙමු. එහෙයින් බැහැර වීමට කිසියම් මගක් ඇත් දැ?යි ඔවුහු (ප්‍රතික්ෂේප කරන්නනෝ) විමසා සිටිති.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
එය (වූ කලී), අල්ලාහ් පමණක් ඇරයුම් කරනු ලබන විට නුඹලා ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද ඔහුට ආදේශ කරනු ලබන්නේ නම් නුඹලා විශ්වාස කළ බැවිනි. එහෙයින් තීන්දුව අතිමහත් වූ උත්තරීතර අල්ලාහ් සතුය.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
ඔහු වනාහි ඔහුගේ සංඥා නුඹලාට පෙන්වයි. තවද නුඹලාට අහසින් පෝෂණ සම්පත් පහළ කරයි. (ඔහු වෙත) යොමුවන්නන් හැර (වෙනත් කිසිවකු) උපදෙස් නොලබනු ඇත.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පිළිකුල් කළ ද නුඹලා අල්ලාහ්ට පමණක් දහම පුද කරමින් අවංකයින් ලෙස ඔහුට කන්නලව් කරනු.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
(ඔහු) තරාතිරම් උසස් කරන්නාය. අර්ෂ් (හෙවත් දේවාසනයෙ)හි හිමිපාණන්ය. එකිනෙකා හමුවන දිනය පිළිබඳ අවවාද කරනු පිණිස ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන්නන් වෙත ඔහුගේ නියෝගයෙන් වූ දේව පණිවිඩ පහළ කරයි.
ﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
එදින ඔවුන් බැහැරව එති. ඔවුන්ගෙන් කිසිවක් අල්ලාහ් වෙත නොසැඟවෙයි. එදින ආධිපත්යය කවුරුන් සතු ද? යටහත් කොට පාලනය කරන්නා වූ ඒකීය වූ අල්ලාහ්ට පමණය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
අද දින සෑම ආත්මයක්ම උපයා ගත් දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබයි. අද දින කිසිදු අපරාධයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි වේගවත්ය.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
තවද ඔබ ශීඝ්‍රයෙන් පැමිණෙන දිනය ගැන ඔවුනට අවවාද කරනු. එවිට හදවත් උගුරුට ළඟා වී (ගිල ගත නොහැකිව) හිර වී පවතී. කිසිදු සමීප මිතුරෙකු හෝ පිළිගනු ලබන කිසිදු මැදිහත්කරුවකු හෝ අපරාධකරුවන්හට නොමැත.
ﭲﭳﭴﭵﭶﭷﭸ
ඇස් වලින් සිදුකරන වංචාව හා හදවත් සඟවන දෑ ද ඔහු (අල්ලාහ්) දනී.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ
තවද අල්ලාහ් යුක්තිසහගතව තීන්දු දෙයි. තවද ඔහු හැර දමා ඔවුන් ඇරයුම් කරන අය කිසිවක් සම්බන්ධයෙන් තීන්දු නොදෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක වනුයේ.
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
තවද ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැයි අධීක්ෂණයෙන් නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා මහපොළොවේ බලයෙන් හා සලකුණුවලින් බලවත් අය වූවෝය. එමෙන්ම ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. තවද අල්ලාහ්ගෙන් (ඔවුන්) මුදවාගන්නෙකු ඔවුනට නොවීය.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
එය ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණිය ද ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කළේය. නියත වශයෙන්ම ඔහු බලවත්ය. දඬුවම් දීමෙහි දැඩිය.
ﯜﯝﯞﯟﯠﯡﯢ
තවද සැබැවින්ම අපි මූසා ව අපගේ සංඥා හා පැහැදිලි අනුබලයක් සමග යැව්වෙමු.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪ
ෆිර්අවුන් හාමාන් හා කාරූන් වෙත (යැව්වෙමු). එවිට ඔවුහු (මොහු) හූනියම්කරුවෙකි. මහා බොරුකාරයෙකි යැයි පැවසුවෝය.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿ
අප වෙතින් වූ සත්යය සමග ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි “ඔහු සමග වූ දේවත්වය විශ්වාස කළවුන්ගේ පිරිමි දරුවන් මරා දමනු. ඔවුන්ගේ ගැහැනුන්ට ජීවිත දානය දෙනු.” යැයි ඔවුහු පැවසුවෝය. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය මුළාවෙහි මිස නැත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
තවද “නුඹලා මා අතහැර දමනු. මම මූසා ව මරා දමමි. තවද ඔහු ඔහුගේ පරමාධිපතිට ඇරයුම් කරත්වා! නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇත. එසේ නැතහොත් මහ පොළොවේ ඔහු අර්බුධ මතු කරනු ඇතැයි සැබැවින්ම මම බිය වෙමි” යැයි ෆිර්අවුන් පැවසීය.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
තවද “විනිශ්චය දිනය පිළිබඳ විශ්වාස නොකරන සෑම අහංකාරයකුගෙන්ම, මම මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි“ යැයි මූසා පැවසුවේය.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
තවද “මාගේ පරමාධිපති අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන් නුඹලා මිනිසෙකු මරා දමන්නෙහු ද? නුඹලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සාධක සමග සැබැවින්ම ඔහු නුඹලා වෙත පැමිණ ඇත. තවද ඔහු බොරුකාරයකු වන්නේ නම් ඔහුගේ බොරුව ඔහුට එරෙහිවමය. තවද ඔහු සත්යවාදියෙකු වන්නේ නම් නුඹලාට ප්‍රතිඥා දුන් ඇතැම් දෑ නුඹලාට හට ගනු ඇත. කවරෙකු සීමාව ඉක්මවා යමින් මහා බොරුකාරයකු ලෙස සිටියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට මග පෙන්වන්නේ නැතැ” යි ෆිර්අවුන්ගේ පරපුර තම විශ්වාසය සඟවා සිටි මිනිසෙකු පැවසීය.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
අහෝ ජනයිනි! අද දින නුඹලා මහපොළොවේ අබිබවා යමින් ආධිපත්යය නුඹලා සතු කර ගෙන ඇත. නමුත් අල්ලාහ්ගේ දඬුවම අප වෙත පැමිණියේ නම් ඉන් අපට උපකාර කරනුයේ කවු ද? (යැයි ඔහු තවදුරටත් විමසීය.) මා දකින දෑ හැර වෙනෙකක් මම නුඹලාට නොපෙන්වමි. එමෙන්ම යහමග හැර වෙනත් මගක් මම නුඹලාට නොපෙන්වමි” යැයි ෆිර්අවුන් පැවසීය.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥ
තවද අහෝ මාගේ ජනයිනි! සේනාංකයන්ගේ දින මෙන් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි යැයි දේවත්වය විශ්වාස කළ තැනැත්තා පැවසුවේය.
ﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
නූහ්ගේ ජනයා, ආද්, සමූද් හා ඔවුනට පෙර සිටි කණ්ඩායම් වැනි අයට සිදුවූවාක් මෙන් (යමක් නුඹලා වෙත සිදුවීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි). තවද ගැත්තන් හට අපරාධයක් සිදු කිරීමට අල්ලාහ් අපේක්ෂා නොකරයි.” යැයි දේවත්වය විශ්වාස කළ එම තැනැත්තා පැවසීය.
ﯶﯷﯸﯹﯺﯻﯼ
“තවද, අහෝ මාගේ ජනයිනි! ඇරයුම් කරන දිනය නුඹලා වෙත පැමිණීම ගැන මම බිය වෙමි.”
ﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎ
“නුඹලා පිටුපාමින් පලා යන දිනයේ අල්ලාහ්ගෙන් ආරක්ෂා කරන කිසිවෙකු නුඹලාට නැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට කිසිදු මග පෙන්වන්නෙකු නැත.”
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
“තවද මීට පෙර සැබැවින්ම යූසුෆ් පැහැදිලි සාධක සමග නුඹලා වෙත පැමිණියේය. නමුත් ඔහු කවර දෙයක් නුඹලා වෙත ගෙන ආවේ ද ඒ ගැන සැකයෙහි ම සිටියෙහුය. ඔහුගෙන් පසු ව ‘අල්ලාහ් රසූල්වරයකු එවන්නේම නැතැයි’ නුඹලා පැවසුවෙහුය. කවරෙකු සීමාව ඉක්මවා යමින් සැක ඇති කරන්නේ ද එවැන්නන් අල්ලාහ් නොමග යවනුයේ එලෙසය.”
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
“ඔවුහු වනාහි ඔවුනට පැමිණි කිසිදු බල සාධකයකින් තොරව අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරති. අල්ලාහ් අතරත් විශ්වාස කළවුන් අතරත් එය මහත් සේ කෝපය ඇති කළේය. අහංකාර බලාධිකාරී සෑම හදවතක් මත ම අල්ලාහ් මුද්රා තබනුයේ එලෙසය.”
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
තවද ෆිර්අවුන් මෙසේ පැවසීය “අහෝ හාමාන්! මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් ඉදි කරනු මැනව! අහස්හි මාර්ග වෙත මා පිවිසීමට හැකි වනු පිණිස.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
අහස්හි මාර්ග වෙත (මා පිවිස) මූසාගේ දෙවියා මා දැකබලා ගත යුතුයි. "එනමුත් නියත වශයෙන්ම ඔහු බොරුකාරයෙකු ලෙස මම සිතමි” ෆිර්අවුන්ගේ නපුරු ක්‍රියාවන් ඔහුට අලංකාර කර පෙන්වනු ලැබුවේ එලෙසය. තවද ඍජු මාර්ගයෙන් ඔහුව අවහිර කරනු ලැබීය. ෆිර්අවුන්ගේ කුමන්ත්‍රණය විනාශය තුළ මිස නොවීය.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ
තවද “අහෝ මාගේ ජනයිනි! මා අනුගමනය කරනු. මම නුඹලාට ඍජු මාර්ගය වෙත මග පෙන්වමි” යැයි විශ්වාස කළ එම තැනැත්තා පැවසීය.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥ
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මේ මෙලොව ජීවිතය සුළු භුක්ති විඳීමක් පමණි. තවද නියත වශයෙන්ම මතු ලොව සදා නිවහනයි.”
ﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
“කවරෙකු යම් නපුරක් සිදු කළේ ද ඒ හා සමාන දෙයක් මිස ඔහුට ප්‍රතිඵල වශයෙන් දෙනු නොලැබේ. තවද යම් පිරිමියකු හෝ වේවා කාන්තවක හෝ වේවා තමන් විශ්වාසවන්තයකු ව සිට දැහැමි ක්‍රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිස, එහි කිසිදු ගණනයකින් තොර ව පෝෂණය දෙනු ලබන අය වනුයේ ඔවුහුමය.”
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
තවද “අහෝ මාගේ ජනයිනි! මට තිබෙන අවශ්යතාව කුමක්ද? මම නුඹලා ජයග්‍රහණය වෙත ඇරයුම් කරමි. නමුත් නුඹලා (නිරයේ) ගින්න වෙත මා ඇරයුම් කරන්නෙහුය.”
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
“මා අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු පිණිසත් කවර දෙයක් පිළිබඳ මට දැනුමක් නොමැත්තේ ද එවන් දෙයක් ඔහුට මා ආදේශ කරනු පිණිසත් නුඹලා මාහට ඇරයුම් කරන්නෙහුය. තවද මම නුඹලා ඇරයුම් කරනුයේ අති ක්ෂමාශීලී සර්ව බලධාරියාණන් වෙතය.”
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
“නියත වශයෙන්ම නුඹලා කවර කෙනෙකු වෙත මා ඇරයුම් කරන්නේ ද ඔහුට මෙලොව හෝ මතු ලොව (ඇරයුම් කිරීමේ) කිසිදු උරුමයක් නැතැයි යන්නටත් සැබැවින්ම අපගේ නැවත යොමු වීමේ ස්ථානය අල්ලාහ් වෙතය යන්නටත් තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන් වන ඔවුහු (නිරා) ගින්නේ සගයින් වන්නේය යන්නටත් කිසිදු සැකයක් නැත.”
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
එබැවින් මා නුඹලා වෙත පවසන දෑ ගැන නුඹලා මතු සිහිපත් කරනු ඇත. තවද මාගේ කරුණ මම අල්ලාහ් වෙත යොමු කරමි. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
එමෙන්ම ඔවුන් කුමන්ත්‍රණ කළ දෑහි (සියලු) නපුරුකම් වලින් අල්ලාහ් ඔහු ආරක්ෂා කළේය. තවද දඬුවමේ බිහිසුණුකම ෆිර්අවුන්ගේ සේනාව වැටලීය.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. එම හෝරාව සිදුවන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවමට ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)
ﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
තවද (නිරා) ගින්නේ ඔවුන් එකිනෙකා වාද කරමින් සිටින විට “නියත වශයෙන්ම අපි නුඹලා අනුගමනය කරමින් සිටියෙමු. එහෙයින් (නිරා) ගින්නෙන් කොටසක් අපගෙන් ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෝ” දැයි දුබලයින් උඩඟු වූ අයගෙන් විමසනු ඇත.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
“නියත වශයෙන්ම අපි සියල්ලෝම සිටින්නේ එහිය. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ”යි උඩඟු වූවෝ පවසති.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼ
තවද “දිනකට අපෙන් දඬුවම සැහැල්ලු කරන මෙන් නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
“නුඹලාගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග නොපැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරමු.
ﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නොවනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන්ම නපුරු නිවහනද ඔවුනට ඇත.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ
තවද අපි සැබැවින්ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු.
ﮆﮇﮈﮉﮊ
(එය) ප්‍රබුද්ධිමත් අයට මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද නුඹේ පාපය සඳහා නුඹ සමාව අයදිනු. තවද නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
නියත වශයෙන්ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නොතිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නොවෙති. එහෙයින් නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟ
මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අති මහත්ය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙති. තවද විශ්වාස කොට යහකම් සිදු කළවුන් හා නපුරුකම් කරන්නා ද (සමාන) නොවෙති. ස්වල්පයකි නුඹලා මෙනෙහි කරනුයේ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜ
නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (එය) විශ්වාස නොකරති.
ﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
තවද “නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන්ම මට ප්රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁ
රාත්‍රිය එහි නුඹලා සැනසුම ලබනු පිණිසත් දහවල පෙනෙන්නට හැකි ලෙසත් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් ජනයා වෙත භාග්යය පිරිනමන්නාය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
ﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. (ඔහු) සියලු දෑහි මැවුම්කරුය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එසේ නම් නුඹලා (මුළා කරනු ලැබ) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
ﮐﮑﮒﮓﮔﮕﮖﮗ
අල්ලාහ්ගේ වදන් හෙළා දකිමින් සිටි අය වෙනතකට හරවනු ලබනුයේ එලෙසය.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
මහපොළොව වාසස් ස්ථානයක් ලෙස ද අහස වියනක් ලෙස ද නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ්ය. තවද නුඹලාව හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද යහපත් දැයින් නුඹලාට ඔහු පෝෂණ සම්පත් පිරිනැමීය. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. එහෙයින් ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
ඔහු ජීවමානයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. එහෙයින් නුඹලා ඔහුට පමණක් දහම පුද කර අවංකයින් ලෙස ඔහු ඇරයුම් කරනු. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
මාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සංඥා මා වෙත පැමිණි කල්හි අල්ලාහ්ගෙන් හැර දමා නුඹලා ඇරයුම් කරන අයට මා නැමදුම් කිරීමෙන් නියත වශයෙන්ම මම තහනම් කරනු ලැබුවෙමි. තවද ලෝකයන්හි පරමාධිපතිට මා යටහත් වන්නටත් මම අණ කරනු ලැබුවෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
මැටියෙන් ද පසු ව ශුක්රාණු බිඳුවකින් ද පසු ව එල්ලී පවතින කැටියකින් ද නුඹලා මැව්වේ ඔහුය. පසු ව ඔහු නුඹලා බිළිදෙකු ලෙස බැහැර කරයි. පසු ව නුඹලා වැඩිවියට පත්වන්නටත් පසුව වයෝවෘද්ධභාවයට පත්වන්නටත් ඔහු සලස්වයි. නුඹලා අතරින් ඊට පෙර මරණයට පත් කරනු ලබන්නන් ද වෙති. තවද (මෙසේ) නියමිත කාලයක් දක්වා නුඹලා ළඟා වන්නට ඉඩ හරිනු පිණිස හා නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
ජීවය දෙන්නේත් මරණයට පත් කරන්නේත් ඔහුය. එහෙයින් ඔහු යම් කරුණක් සිදුවීමට තීන්දු කළේ නම් එවිට ‘සිදුවනු’ යැයි එයට පවසනවා පමණි. එවිට එය සිදුවනු ඇත.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ
අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ඔවුන් (සත්ය මාර්ගයෙන්) වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? යැයි (නබිවරය!) නුඹ නොදුටුවෙහි ද?
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන්ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.
ﮖﮗﮘﮙﮚﮛﮜ
එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති.
ﮝﮞﮟﮠﮡﮢﮣ
නටන ජලයෙහි. පසු ව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.
ﮤﮥﮦﮧﮨﮩﮪﮫ
පසු ව “නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?” යි ඔවුනට පවසනු ලැබේ.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
අල්ලාහ්ගෙන් හැර දමා (ආදේශ කරමින් සිටි දෑ කොහේද?) “ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නොසිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන්ව අල්ලාහ් නොමග යන්නට හරිනුයේ.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
එය, යුක්තියෙන් තොර ව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා ගර්වයෙන් කටයුතු කළ බැවින් ද වේ.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලට ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින්ම අපි නුඹට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑ හි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි නුඹ මරණයට පත් කරන්නෙමු. පසුව ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
නුඹට පෙර ධර්ම දූතවරු සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි නුඹ වෙත කතා විස්තර කළ අය වෙති. තවද නුඹ වෙත අපි කතා විස්තර නොකළ අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිදු සාධකයක් ගෙන ඒමට කිසිදු ධර්ම දූතයකුට නොවීය. අල්ලාහ්ගේ නියෝගය පැමිණි විට යුක්තිසහගත ව තීන්දු කරනු ලැබීය. එහි දී ව්‍යාජව කටයුතු කරන්නෝ පරාජිත වූවෝ ය.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
ඒවායෙහි නුඹලා ප්‍රවාහනය කරනු පිණිසත් ඒවායින් නුඹලා අනුභව කරනු පිණිසත් නුඹලා වෙනුවෙන් ගොවිපළ සතුන් ඇති කළේ අල්ලාහ්ය.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ
තවද නුඹලාට එහි ප්‍රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ්ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහුය.
ﮋﮌﮍﮎﮏﮐﮑ
ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා හෙළා දකිනුයේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි අධීක්ෂණය නොකළෝද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණු වලින් ඉතා බලවත් හා අධික වූවෝය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
ﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
එවිට ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්‍රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
නමුත් ඔවුන් අපගේ දඬුවම දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්‍රයෝජනවත් නොවීය. (එය) තම ගැත්තන් අතරෙහි ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතය. එහිදී දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පරාජිත වූවෝය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







