සූරා අත්-තලාක් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අත්-තලාක් pdf සිංහල — බාගත කරන්න සූරා අත්-තලාක් පරිවර්තනය. අත්-තලාක් (Medinan) 12 ආයාත්.
Related
- අත්-තලාක් පරිවර්තනයසිංහල
- අත්-තලාක් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අත්-තලාක්

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දා ව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. තවද ඉද්දා කාලය ගණනය කරනු. තවද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට බිය බැතිමත් වනු. පැහැදිලි දුරාචාරයක් සමග ඔවුන් පැමිණියා නම් මිස ඔවුන්ගේ නිවෙස් වලින් නුඹලා ඔවුන් පිටුවහල් නොකරනු. එමෙන්ම ඔවුන් ද පිටවිය නොයුතුය. තවද එය අල්ලාහ්ගේ සීමාවන්ය. තවද කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඔහුටම අපරාධ කර ගත්තේය. මින් පසු ව යම් කරුණක් අල්ලාහ් ඇති කරන්නට පුළුවණ යන වග නුඹ නොදන්නෙහිය.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
(දික්කසාදයට පත්) ඔවුන්ගේ නියමිත (ඉද්දා) කාල සීමාවට ඔවුන් ළඟා වූ විට නුඹලා යහපත් අයුරින් ඔවුන්ව (භාර්යාවන් ලෙස) රඳවා ගනු. එසේ නැතහොත් නුඹලා යහපත් අයුරින් ඔවුන්ගෙන් වෙන් වනු. තවද නුඹලා අතරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂියට පත් කර ගනු. අල්ලාහ් වෙනුවෙන් එම සාක්ෂිය නුඹලා ඉටු කරනු. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරමින් සිටින්නාට මෙමගින් උපදෙස් දෙනු ලබනුයේ එලෙසයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට බැහැර වීමේ මගක් ඇති කරයි.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
තවද ඔහු නොසිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි. තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත්ය. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ කාර්යය සිදු කරන්නාය. සෑම දෙයකටම නියමිත ප්‍රමාණයක් අල්ලාහ් ඇති කළේය.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ
තවද නුඹලාගේ බිරියන් අතරින් ඔසප් වීමේ තත්ත්වය ගැන බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. තවද ඔසප් තත්ත්වයට පත් නොවූ කාන්තාවන්ට ද (එලෙසමය.) ගර්භණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය වන්නේ ද ඔහුගේ කාර්යය ඔහුට ඔහු පහසු කර දෙනු ඇත.
ﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින්ම (ඉද්දා කාලය තුළ) ඔවුන් ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නොකරනු. ඔවුන් ගර්භණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් (ගෙන ඇති දරුවා) ප්‍රසූත කරන තෙක් ඔවුන් වෙත නුඹලා වියදම් කරනු. නුඹලා වෙනුවෙන් (නුඹලාගේ දරුවන්ට) ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනා කරණය කරනු. නුඹලා එකිනෙකා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් දරුවාට වෙනත් අයෙකු කිරි දෙත්වා.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කිසිවෙකුට හෝ බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසු ව අල්ලාහ් පහසු ව ඇති කරයි.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
තම පරමාධිපතිගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ට පිටුපෑ ගම්මාන කොපමණක් වී ද? එවිට අපි දැඩි විනිශ්චයකින් එය විනිශ්චය කළෙමු. තවද දරුණු දඬුවමකින් අපි එයට දඬුවම් කළෙමු.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨ
එවිට එය එහි විෂයෙහි විපාකය භුක්ති වින්දේය. තවද එහි විෂයෙහි අවසානය පරාජයක් විය.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කර ඇත. එහෙයින් දේවත්වය විශ්වාස කළ ප්‍රබුද්ධිමත් ජනයිනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත මෙනෙහි කිරීමක් පහළ කර ඇත.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁ
විශ්වාස කොට යහකම් කළවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත පාරායනය කරන රසූල්වරයකු ද (පහළ කළේය.) කවරෙකු අල්ලාහ් ව විශ්වාස කොට යහකම් කරන්නේ ද ඔහු ව ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා උයන් වලට ඔහු ඇතුළත් කරනු ඇත. (ඔවුන්) එහි සදහටම සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔහුට පෝෂණ සම්පත් අලංකාරවත් කළේය.
ﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛﰜ
අහස් හතක් හා මහපොළොවෙන් ඒවාට සමාන දෑ ද මැව්වේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා බවත් සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ඔහු සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටින බවත් නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







