📖 0/604 කියවූ පිටු
📄 576
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ  ۝١٨ فَقُتِلَ كَيۡفَ قَدَّرَ  ۝١٩ ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ  ۝٢٠ ثُمَّ نَظَرَ  ۝٢١ ثُمَّ عَبَسَ وَبَسَرَ  ۝٢٢ ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ  ۝٢٣ فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ يُؤۡثَرُ  ۝٢٤ إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ  ۝٢٥ سَأُصۡلِيهِ سَقَرَ  ۝٢٦ وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ  ۝٢٧ لَا تُبۡقِي وَلَا تَذَرُ  ۝٢٨ لَوَّاحَةٌ لِّلۡبَشَرِ  ۝٢٩ عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ  ۝٣٠ وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةً لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنًا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ  ۝٣١ كـَلَّا وَٱلۡقَمَرِ  ۝٣٢ وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ  ۝٣٣ وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ  ۝٣٤ إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ  ۝٣٥ نَذِيرًا لِّلۡبَشَرِ  ۝٣٦ لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ  ۝٣٧ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ  ۝٣٨ إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ  ۝٣٩ فِي جَنَّٰتٍ يَتَسَآءَلُونَ  ۝٤٠ عَنِ ٱلۡمُجۡرِمِينَ  ۝٤١ مَا سَلَكَكُمۡ فِي سَقَرَ  ۝٤٢ قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ  ۝٤٣ وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ  ۝٤٤ وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ  ۝٤٥ وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ  ۝٤٦ حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ  ۝٤٧
74:18
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ  ۝١٨
නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
74:19
فَقُتِلَ كَيۡفَ قَدَّرَ  ۝١٩
ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
74:20
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ  ۝٢٠
පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
74:21
ثُمَّ نَظَرَ  ۝٢١
පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
74:22
ثُمَّ عَبَسَ وَبَسَرَ  ۝٢٢
පසු ව ඔහු රවා කිපුණේය.
74:23
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ  ۝٢٣
පසු ව ඔහු පිටු පා උඩඟු විය.
74:24
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٌ يُؤۡثَرُ  ۝٢٤
එවිට මෙය දන්වනු ලැබූ හූනියමක් මිස නැත ඔහු පැවසුවේය.
74:25
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ  ۝٢٥
මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි (ඔහු පැවසුවේය.)
74:26
سَأُصۡلِيهِ سَقَرَ  ۝٢٦
මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
74:27
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ  ۝٢٧
සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
74:28
لَا تُبۡقِي وَلَا تَذَرُ  ۝٢٨
එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
74:29
لَوَّاحَةٌ لِّلۡبَشَرِ  ۝٢٩
සම දැඩි ලෙස දවාලන්නකි.
74:30
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ  ۝٣٠
ඒ මත දහනව දෙනෙකි.
74:31
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةً لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنًا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ  ۝٣١
නිරයේ සගයින් ලෙස මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් ධර්ම ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
74:32
كـَلَّا وَٱلۡقَمَرِ  ۝٣٢
එසේ නොව සඳු මත දිවුරමින්.
74:33
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ  ۝٣٣
රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
74:34
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ  ۝٣٤
අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
74:35
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ  ۝٣٥
නියත වශයෙන්ම එය (නිරය) බලවත් කරුණු අතරින් එකකි.
74:36
نَذِيرًا لِّلۡبَشَرِ  ۝٣٦
මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
74:37
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ  ۝٣٧
එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
74:38
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ  ۝٣٨
සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය.
74:39
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ  ۝٣٩
නමුත් දකුණුපස ජනයා හැර.
74:40
فِي جَنَّٰتٍ يَتَسَآءَلُونَ  ۝٤٠
ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
74:41
عَنِ ٱلۡمُجۡرِمِينَ  ۝٤١
වැරදි කරුවන්ගෙන්;
74:42
مَا سَلَكَكُمۡ فِي سَقَرَ  ۝٤٢
"නුඹලා ව සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
74:43
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ  ۝٤٣
"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
74:44
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ  ۝٤٤
තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
74:45
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ  ۝٤٥
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
74:46
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ  ۝٤٦
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
74:47
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ  ۝٤٧
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.


📚 29 📄576 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Thursday, October 15, 2026

Don't forget us in your sincere prayers