අල්-කමර් සූරා අරාබි සහ සිංහල

අල්-කමර් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (55 ආයාත් — مكية). අල්-කමර් අසන්න, අල්-කමර් පරිවර්තනය, අල්-කමර් mp3, අල්-කමර් pdf.

අල්-කමර් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්රයා පැළී ගොස් ඇත.
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.
وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
තවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
එය ගැඹුරු ප්‍රඥාවකි. නමුත් එම අවවාදය ඵලක් නොවීය.
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُّكُرٍ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී යන පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති.
مُّهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය.
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانتَصِرْ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය.
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُّنْهَمِرٍ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
එවිට අපි ඇද වැටෙන වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය.
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද ලෑලි හා ඇන සහිත දෑ (නැව) මත අපි ඔහු ඉසිලුවෙමු.
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِّمَن كَانَ كُفِرَ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ අධීක්ෂණය යටතේ එය යාත්රා විය.
وَلَقَد تَّرَكْنَاهَا آيَةً فَهَلْ مِن مُّدَّكِرٍ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
තවද සැබැවින්ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වීද?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
ආද් සමූහයා බොරු කළෝය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
අඛණ්ඩව පැවතුණු අභාග්යයමත් දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු.
تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමීය.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.
فَقَالُوا أَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهُ إِنَّا إِذًا لَّفِي ضَلَالٍ وَسُعُرٍ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِن بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
سَيَعْلَمُونَ غَدًا مَّنِ الْكَذَّابُ الْأَشِرُ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි මතු දින ඔවුන් දැන ගනු ඇත.
إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
තවද නියත වශයෙන්ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක්ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු.
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූවෝය. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේය.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝය.
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَّجَّيْنَاهُم بِسَحَرٍ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් වර්ෂාවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කර දැමීය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.
نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَن شَكَرَ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින්ම ඔහු(ලූත්) ඔවුනට අවවාද කළේය. නමුත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝය.
وَلَقَدْ رَاوَدُوهُ عَن ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
ඔහුගේ ආගන්තුකයින් සමඟ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුගෙන් පැතුවෝය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)
وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින්ම ඔවුනට උදා විය.
فَذُوقُوا عَذَابِي وَنُذُرِ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?
وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින්ම පැමිණියේය.
كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියකුගේ ග්‍රහණය මෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُولَٰئِكُمْ أَمْ لَكُم بَرَاءَةٌ فِي الزُّبُرِ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
(මක්කා වැසියෙනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන් හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේද?
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
එසේ නැතහොත් “අපි සියල්ලෝම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.
إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහි හා (නිරා ගින්නේ) වේදනාවෙහි සිටිති.
يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
එදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ. නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම ප්‍රමාණයකින් යුතු ව මවා ඇත්තෙමු.
وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි.
وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?
وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.
وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා ගංඟාවෙහි සිටිති.
فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහිය.
← 53 අල්-කමර් (54/114) 55 →
කියවන්න අල්-කමර් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

54القمر Al-Qamar 📚 55 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-කමර් සූරා — 55 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers