අන්-නජ්ම් සූරා අරාබි සහ සිංහල

අන්-නජ්ම් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (62 ආයාත් — مكية). අන්-නජ්ම් අසන්න, අන්-නජ්ම් පරිවර්තනය, අන්-නජ්ම් mp3, අන්-නජ්ම් pdf.

අන්-නජ්ම් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
وَالنَّجْمِ إِذَا هَوَىٰ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.
وَمَا يَنطِقُ عَنِ الْهَوَىٰ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
එය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.
عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
අති බලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වීය.
ذُو مِرَّةٍ فَاسْتَوَىٰ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් වූවේය.
وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය.
ثُمَّ دَنَا فَتَدَلَّىٰ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
පසු ව ඔහු පහළට පැමිණ (ඔහු) අසළටම පැමිණියේය.
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය.
فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
එවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේය.
مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
ඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය.
أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?
وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේය.
عِندَ سِدْرَةِ الْمُنتَهَىٰ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.
عِندَهَا جَنَّةُ الْمَأْوَىٰ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
(ඔහුගේ) බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්මවා නොගියේය.
لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය.
أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
ලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?
وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
අනෙක් තුන්වැනියා මනාත්ය.
أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنثَىٰ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද?
تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
එවිට එය අසාධාරණ බෙදීමකි.
إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنتُمْ وَآبَاؤُكُم مَّا أَنزَلَ اللَّهُ بِهَا مِن سُلْطَانٍ ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنفُسُ ۖ وَلَقَدْ جَاءَهُم مِّن رَّبِّهِمُ الْهُدَىٰ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.
أَمْ لِلْإِنسَانِ مَا تَمَنَّىٰ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?
فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය.
۞ وَكَم مِّن مَّلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِن بَعْدِ أَن يَأْذَنَ اللَّهُ لِمَن يَشَاءُ وَيَرْضَىٰ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි.
إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنثَىٰ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
නියත වශයෙන්ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.
وَمَا لَهُم بِهِ مِنْ عِلْمٍ ۖ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නොදෙයි.
فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
එහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු.
ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය.
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ الْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.
أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නොදුටුවෙහි ද?
وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
තවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේය.
أَعِندَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
ඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?
أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
(ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?
أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.
وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَىٰ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
තවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.
وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.
ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)
وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنتَهَىٰ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
තවද නියත වශයෙන්ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙතය.
وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමට ද සලස්වන්නේය.
وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද නැවත ප්රාණය දෙන්නේය.
وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنثَىٰ ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
නියත වශයෙන්ම ඔහු ස්ත්රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේය.
مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
ශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේය).
وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මතය.
وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පත් කරවන්නේය.
وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.
وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
තවද නියත වශයෙන්ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහුය.
وَثَمُودَ فَمَا أَبْقَىٰ ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
තවද සමූද් ජනයා ද (විනාශ කළේය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.
وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
තවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.
فَغَشَّاهَا مَا غَشَّىٰ ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.
فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?
هَٰذَا نَذِيرٌ مِّنَ النُّذُرِ الْأُولَىٰ ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
මෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.
أَزِفَتِ الْآزِفَةُ ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
සමීප වන දෑ සමීප වී ඇත.
لَيْسَ لَهَا مِن دُونِ اللَّهِ كَاشِفَةٌ ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.
أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද?
وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය.
وَأَنتُمْ سَامِدُونَ ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
නුඹලා ඒ ගැන නොසැලකිලිමත් වන්නෝ වෙති.
فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩ ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.
← 52 අන්-නජ්ම් (53/114) 54 →
කියවන්න අන්-නජ්ම් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

53النجم An-Najm 📚 62 ආයාත් مكية

ආයාත් ආයාත් – අන්-නජ්ම් සූරා — 62 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers