සූරා අල්-මුජාදිලා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-මුජාදිලා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මුජාදිලා පරිවර්තනය. අල්-මුජාදිලා (Medinan) 22 ආයාත්.
Related
- අල්-මුජාදිලා පරිවර්තනයසිංහල
- අල්-මුජාදිලා mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-මුජාදිලා

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
ඇගේ ස්වාමි පුරුෂයා විෂයයෙහි නුඹ සමග වාද කොට අල්ලාහ් වෙත පැමිණිලි කළ තැනැත්තියගේ ප්‍රකාශයට සැබැවින්ම අල්ලාහ් සවන් දුන්නේය. තවද අල්ලාහ් නුඹලා දෙදෙනාගේ කතාවට ද සවන් දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව නිරීක්ෂකය.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
නුඹලා අතරින් තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසන්නන් හට ඔවුන් මොවුන්ගේ මව්වරුන් නොවෙති. මොවුන්ගේ මව්වරු වනුයේ මොවුන්ව ප්‍රසූත කළ අය මිස නැත. තවද නියත වශයෙන්ම මොවුහු පිළිකුල් සහගත ප්‍රකාශයක් හා මුසාවක් පවසති. තවද නියත වශයෙන්ම අල්ලාහ් නොසලකා හරින්නා ය; අති ක්ෂමාශීලී ය.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
තවද තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසා පසුව පසු ව, ඔවුන් පැවසූ ප්‍රකාශයෙන් (මිදී) නැවත හැරෙන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතු ව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධ ව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවාය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නොලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතු ව ඇත. එයට ඔහු ශක්තිය නොදැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතු ව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව නුඹලා විශ්වාස කරනු පිණිසය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
නියත වශයෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය) ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන්ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝය. තවද සැබැවින්ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. නමුත් ඔවුහු එය අමතක කළෝය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නොදුටුවෙහි ද? තිදෙනෙකුගේ සාකච්ඡාවක් ඔහු සිව් වැන්නා ලෙස සිටිමින් මිස සිදු නොවනු ඇත. එමෙන්ම පස් දෙනෙකු අතර ඔහු ඔවුන්ගේ සයවැන්නා ලෙස සිටිමින් මිස නැත. ඊට වඩා අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඔවුන් කොතැනක සිටිය ද ඔහු ඔවුන් සමග මිස නැත. පසු ව ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට දන්වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
රහස් සාකච්ඡා කිරීමෙන් වළක්වනු ලැබූවන් නුඹ නොදුටුවෙහි ද? ඔවුන් කවර දෙයකින් වළක්වනු ලැබුවේ ද ඒ දේ වෙත ඔවුහු නැවත හැරී යති. පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා ඔවුහු සාකච්ඡා කරති. තවද ඔවුහු නුඹ වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුබ නොපැතූ දැයින් ඔවුහු නුඹට සුබ පතති. තවද අප පවසන දෑට අල්ලාහ් අපට දඬුවම් නොකරනුයේ මන් දැයි ඔවුන් තුළ පවසා ගනිති. ඔවුනට නිරය ප්‍රමාණවත්ය. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් යොමු වන ස්ථානය නපුරු විය.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රහස් සාකච්ඡා කළ විට පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා සාකච්ඡා නොකරනු. එහෙත් යහපත හා බැතිමත් භාවය සඳහා සාකච්ඡා කරනු. තවද නුඹලා ඔහු වෙත රැස් කරනු ලබන අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
ﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
නියත වශයෙන්ම රහස් සාකච්ඡා කිරීම දේවත්වය විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව කිසිවකින් ඔවුනට හිංසා කරන්නෙකු ලෙස ඔහු නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙතය.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම් වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රසූල්වරයා සමග පෞද්ගලික කතාවක නිරත වන්නේ නම් නුඹලාගේ පෞද්ගලික කතාවට පෙර දානයක් ඉදිරිපත් කරනු. එය නුඹලාට යහපතකි. තවද වඩාත් පිවිතුරුය. එසේ නුඹලා (හැකියාව) නොලැබුවේ නම් (එය පවක් නොවේ.) එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය; මහා කරුණාන්විතය.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
(දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නොකළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
අල්ලාහ් ඔවුන් වෙත කෝප වූ පිරිසක් තම මිතුරන් ලෙස ගත් අය නුඹ නොදුටුවෙහි ද? ඔවුහු නුඹලාගෙන් නොවෙති. එමෙන්ම ඔවුන්ගෙන් ද නොවෙති. ඔවුහු දැන දැනම ව්යාජත්වය මත දිවුරා සිටිති.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේය. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
ඔවුහු තම දිවුරුම පලිහක් වශයෙන් ගත්තෝය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝය. එහෙයින් නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් හෝ අල්ලාහ්ගෙන් වූ කිසිවකට ඔවුනට ඵලක් නොවන්නේමය. (නිරා) ගින්නේ සගයෝ ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝය.
ﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන්ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය.
ﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
ෂෙයිතාන් ඔවුන් පරදවා ඇත. එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔවුනට අමතක කර දැමීය. ෂෙයිතාන්ගේ පිරිස ඔවුහුමය. දැන ගනු! නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ පිරිස වන ඔවුහුමය පරාද වන්නෝ.
ﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒ
නියත වශයෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන් වනාහි ඔවුහු නින්දිතයින් අතරය.
ﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛﰜﰝ
සැබැවින්ම මම අබිබවා යමි. මාගේ දූතයාණන් ද (එලෙසය) යැයි අල්ලාහ් නියම කළේය. නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නය; සර්ව බලධාරී ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන් ව ප්‍රිය කරනු නුඹ නොදකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින්ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහුය. දැන ගනු! නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහුමය ජයග්‍රාහකයෝ.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







