සූරා අල්-ආරාෆ් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ආරාෆ් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ආරාෆ් පරිවර්තනය. සූරා අල්-ආරාෆ් (Meccan) 206 ආයාත්.
Related
- සූරා අල්-ආරාෆ් පරිවර්තනයසිංහල
- සූරා අල්-ආරාෆ් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-ආරාෆ්

ﭑﭒ
7:1
අලිෆ්, ලාම්, මීම්, සාද්. (මේ සම්බන්ධයෙන් සූරතුල් බකරා හෙවත් දෙවන පර්ච්ඡේදයේ දැක්වෙන විස්තර කියවන්න).
ﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
7:2
(නබිවරය! මෙය) නුඹ වෙත පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයයි. නුඹ එමඟින් අනතුරු අඟවනු පිණිස මේ සම්බන්ධයෙන් නුඹේ හදවතෙහි කිසිදු පැකිලීමක් ඇති නොවිය යුතුය. තවද (මෙය) දේවත්වය විශ්වාස කරන්නන්හට උපදෙසකි.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
7:3
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ නුඹලා අනුගමනය කරනු. තවද ඔහු හැර (වෙනත් දෑ) භාරකරුවන් ලෙස ගෙන නුඹලා අනුගමනය නොකරනු. ස්වල්ප වශයෙනි නුඹලා උපදෙස් ලබනුයේ.
ﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
7:4
තවද ගම්මාන කොපමණ ප්‍රමාණයක් අප විනාශ කර ඇත්තෙමු ද? අපගේ දඬුවම ඔවුන් රාත්‍රිය ගත කරමින් සිටිය දී හෝ දහවල් කාලයේ මද නින්දක වැටී සිටියදී ඒ වෙත පැමිණියේය.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
7:5
තවද අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ "අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු" යැයි පැවසීම මිස ඔවුන්ගේ විලාපය නොවීය.
ﮉﮊﮋﮌﮍﮎﮏ
7:6
එබැවින් කවුරුන් වෙත (ධර්ම දූතවරුන්) එවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින්ම අපි විමසන්නෙමු. එමෙන් ම එවනු ලැබූවන්ගෙන් ද අපි විමසන්නෙමු.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗ
7:7
තවද ඥානාන්විත ව අපි ඔවුනට (ඔවුන් කළ දෑ) විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟවී සිටින්නන් නොවූයෙමු.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
7:8
තුලනය එදින සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්‍රාහකයෝ ඔවුහුමය.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮ
7:9
තවද කවරෙකුගේ තුලාවන් බරින් අඩු වූයේ ද ඔවුන් අපගේ වදන් පිළිබඳ ව අසාධාරණ ලෙස ක්‍රියා කළ හේතුවෙන් ඔවුහු ඔවුන්ටම අලාභහානි කර ගත්තෝ වූහ.
ﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
7:10
තවද සැබැවින්ම අපි නුඹලාට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. එමෙන්ම එහි නුඹලාට ජීවනෝපාය ද ඇති කළෙමු. නුඹලා කෘතඥවනුයේ ස්වල්පයකි
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
7:11
තවද සැබැවින්ම අපි නුඹලා මවා පසු ව නුඹලා හැඩ ගැන්වූයෙමු. පසුව නුඹලා ආදම්ට සුජූද් (සිරස බිම තබා ආචාර) කරනු යැයි මලක්වරුන්හට පැවසුවෙමු. එවිට ඉබ්ලීස් හැර සෙස්සෝ සුජූද් කළෝය. ඔහු සිරස නමන්නන් අතරින් නොවීය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣ
7:12
මා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නොනැමීමට නුඹ ව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) විමසුවේය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨය. නුඹ මා ගින්නෙන් මවා ඇත්තෙහිය. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසීය.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
7:13
එසේ නම් නුඹ මෙයින් පහළට බසිනු. මෙහි උඩඟුකම් පෑම නුඹට සුදුසු නොවේ. එබැවින් නුඹ පිට ව යනු. නියත වශයෙන්ම නුඹ පහත් අය අතරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
ﭲﭳﭴﭵﭶﭷ
7:14
ඔවුන් (මළවුන්ගෙන්) නැගිටුවනු ලබන දින දක්වා මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු (ෂෙයිතාන්) කීය.
ﭸﭹﭺﭻﭼ
7:15
නියත වශයෙන් නුඹ අවකාශය දෙනු ලැබූවන් අරිනි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄ
7:16
නුඹ මා නොමඟ යන්නට ඉඩ හැරිය බැවින් නිසැකවම මමද නුඹගේ ඍජු මාර්ගය ඔවුනට හරස් කර වාඩි වෙමි යැයි ඔහු පැවසීය.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
7:17
පසු ව මම ඔවුන්ගේ ඉදිරි පසින් ද ඔවුන්ගේ පසුපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙමි. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදීන් ලෙස නුඹ නොදකිනු ඇත.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣ
7:18
නුඹ අවමානයට පත් හෙළා දකිනු ලබන්නෙකු සේ මෙයින් පිට ව යනු. ඔවුන් අතරින් කවරෙකු නුඹ ව අනුගමනය කළේ ද සැබැවින්ම නුඹලා සියල්ලන්ගෙන්ම නිරය පුරවන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය.
ﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
7:19
තවද අහෝ ආදම්! ඔබ හා ඔබේ බිරිය ස්වර්ගයේ වාසය කරනු. ඔබ දෙපළ කැමති අයුරින් අනුභව කරනු. නමුත් මෙම ගසට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතරින් වන්නෙහුය.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯ
7:20
ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරනු ලැබූ දෑ ඔවුන් දෙදෙනාට හෙළි කිරීම සඳහා ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කුකුස ඇති කළේය. තවද නුඹලා දෙදෙනා මලක්වරුන් දෙදෙනෙකු වනු ඇතැයි හෝ නුඹලා දෙදෙනා සදාතනිකයින් අතරින් වනු ඇතැයි යන හේතුවෙන් හෝ මිස නුඹලා දෙදෙනාගේ පරමාධිපති නුඹලා දෙදෙනා ව මෙම ගසින් වැළැක්වූයේ නැතැයි ඔහු (ෂෙයිතාන්) පවසා සිටියේය.
ﯰﯱﯲﯳﯴﯵ
7:21
සැබැවින්ම මම නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසීය.
ﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔ
7:22
ඔහු රවටාලමින් ඔවුන් දෙදෙනා පහත හෙළීය. එනම් ඔවුන් දෙදෙනා එම ගසින් රස බැලූ කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග උයනේ කොළයකින් ඔවුන් දෙදෙනා මත වසා ගැනීමට ඔවුන් දෙදෙනා තැත් කළෝය. තවද මෙම ගසින් මා නුඹලා දෙදෙනා නොවැළැක්වූයෙම් ද තවද සැබැවින්ම ෂෙයිතාන් නුඹලා දෙදෙනාට ප්‍රකට සතුරෙකි යැයි මම නුඹලා දෙදෙනාට නොකීවෙම් දැයි පවසා ඔවුන් දෙදෙනාගේ පරමාධිපති (අල්ලාහ්) ඔවුන් දෙදෙනා ව ඇමතීය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
7:23
අපගේ පරමාධිපතියාණනි! අපි අපටම අපරාධ කර ගත්තෙමු. තවද නුඹ අපට සමාව නොදුන්නේ නම් එමෙන්ම නුඹ අපට කරුණා නොකළේ නම් සැබැවින්ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
7:24
නුඹලා පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. තවද නුඹලාට නියමිත කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි ඔහු පැවසුවේය.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳ
7:25
එහි නුඹලා ජීවත් වනු ඇත. තවද එහිදී ම නුඹලා මරණයට පත් වනු ඇත. තවද එයින්ම නුඹලා බැහැර කරනු ලබනු ඇත යැයි ඔහු පැවසුවේය.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
7:26
ආදම්ගේ දරුවනි! නුඹලාගේ රහස්‍ය පෙදෙස් ආවරණය කරන වස්ත්‍ර ද අලංකාරය ද සැබැවින්ම අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එනමුත් දේව බැතිමත්භාවයේ වස්ත්‍රය වනාහි එයමය ශ්‍රේෂ්ඨ වනුයේ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතරිනි. (මෙමගින්) ජනයා උපදෙස් ලැබිය හැකිය.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
7:27
ආදම්ගේ දරුවනි! නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් බැහැර කෙරෙව්වාක් මෙන් ෂෙයිතාන් නුඹලා ව අර්බුධයට පත් නොකළ යුතුය. ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමීය. නියත වශයෙන්ම නුඹලා ඔවුන් ව නොදකින පරිදි ඔහු හා ඔහුගේ කණ්ඩායම නුඹලා ව දකිනු ඇත. (සත්‍යය) විශ්වාස නොකරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන්ම අපි ෂෙයිතානුන් පත් කළෙමු.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
7:28
ඔවුන් යම් අශීලාචාර දෙයක් කළ විට ‘අපගේ මුතුන්මිත්තන් ඒ මත සිටිනු අපි දුටුවෙමු. තවද අල්ලාහ් ඒ ගැන අපට අණ කර ඇත’ යැයි පැවසුවෝය. නියත වශයෙන්ම අල්ලාහ් අශීලාචාර දෑ අණ නොකරන්නේය. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පවසන්නෙහු ද? යැයි (නබිවරය) නුඹ පවසනු.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
7:29
මාගේ පරමාධිපති යුක්තිය අණ කර ඇතැයි (නබිවරය!) නුඹ පවසනු. සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ මුහුණු ස්ථාපිත කරනු. තවද නුඹලා ඔහුට පමණක් දහම පුද කොට අවංකයින් ලෙසින් ඔහුව අයැදිනු. නුඹලා ව ඔහු උත්පාදනය කළාක් මෙන් නුඹලා නැවත (ඔහු වෙතම) හැරී යනු ඇත.
ﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
7:30
පිරිසකට ඔහු මඟ පෙන්වීය. තවත් පිරිසකට ඔවුන් කෙරෙහි මුළාව නියම විය. නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ්ගෙන් තොරව ෂෙයිතානුන් ව හිත මිතුරන් ලෙස ගත්තෝය. තවද සැබැවින්ම තමන් යහමඟ ලැබූවන් යැයි ඔවුහු සිතති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
7:31
ආදම්ගේ දරුවනි! සෑම නැමදුම් ස්ථානයකම නුඹලාගේ අලංකාරය පවත්වා ගනු. තවද නුඹලා අනුභව කරනු. පානය කරනු. නමුත් නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්ති කරන්නන් ප්‍රිය කරන්නේ නැත.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
7:32
තම ගැත්තන්හට හෙළි කළ අල්ලාහ්ගේ අලංකාරය හා පෝෂණසම්පත් වලින් වූ යහපත් දෑ තහනම් කර ගන්නා කවරෙකු දැයි (නබිවරය!) නුඹ විමසනු. මෙය මෙලොව ජීවිතයේ මෙන්ම විශේෂයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී දේවත්වය විශ්වාස කළවුනට සතු වූවකි. දැනුම ඇති පිරිසට මෙම සංඥාවන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
7:33
"මාගේ පරමාධිපති තහනම් කර ඇත්තේ අශීලාචාර දෑ මෙන්ම ඉන් මතුපිටින් ඇති දෑ ද අභ්‍යන්තරව ඇති දෑ ද පාපය ද යුක්තියකින් තොර ව සීමාව ඉක්මවීම ද අල්ලාහ් කිසිදු සාධකයක් පහළ නොකළ දෙයකින් නුඹලා ඔහුට ආදේශ තැබීම ද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත (ගොතා) පැවසීම ද වේ" යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
7:34
සෑම සමූහයකටම නිශ්චිත කාලයක් ඇත. ඔවුන්ගේ නිශ්චිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. එමෙන්ම ඔවුන් ඉක්මන් වන්නේ ද නැත.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
7:35
අහෝ ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන නුඹලා අතරින් වූ ධර්ම දූතවරු නුඹලා වෙත පැමිණියේ නම් එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන් ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නොවෙති.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
7:36
තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
ﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔ
7:37
එහෙයින් අල්ලාහ් මත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කළ වුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කර ලියන ලද ඔවුන්ගේ කොටස ඔවුන් ලබනු ඇත. අවසානයේ ඔවුන් අත්පත් කර ගැනීම සඳහා අපගේ දූතවරු පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේදැයි (ඔවුන්ගෙන්) විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටී බවට ඔවුහු ඔවුන්ටම (එරෙහිව) සාක්ෂි දරති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
7:38
ජින් වර්ගයා හා මිනිස් වර්ගයා අතරින් නුඹලාට පෙර ඉකුත් වී ගිය; නිරයේ වෙසෙන සමූහයන් අතරට නුඹලා ද පිවිසෙනු යැයි ඔහු පවසයි. සෑම සමූහයක්ම පිවිසෙන විට ඔවුහු තම සහෝදර සමූහයාට ශාප කරති. එකින් පසු එක ඔවුන් සියල්ලම එහි ළඟා වූ විට ඔවුන්ගෙන් පසු අය ඔවුන්ගෙන් මුල් අයට එරෙහි ව අපගේ පරමාධිපතියාණනි! අපව නොමඟ හැරියේ මොවුහුය. එබැවින් ඔවුනට නිරා ගින්නේ දෙගුණයක දඬුවමක් පිරිනමනු මැනව! යැයි පවසති. සෑම කෙනෙකුටම දෙගුණය(ක දඬුවම)ක් ඇත. එනමුත් නුඹලා එය නොදන්නෙහුය යැයි ඔහු පවසයි.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
7:39
එමෙන්ම ‘අපට වඩා කිසිදු මහිමයක් නුඹලාට නොවීය. එබැවින් නුඹලා ද නුඹලා උපයමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම භුක්ති විඳිනු’ යැයි ඔවුන්ගෙන් මුල් අය ද ඔවුන්ගෙන් පසු අය දෙස බලා පවසති.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
7:40
සැබැවින්ම අපගේ වදන් බොරු කොට ඒ ගැන උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. ඔටුවා ඉඳි කටු සිදුර තුළට පිවිසෙන තෙක් (එය නොසිදුවන්නේ කෙසේද එසේම) ඔවුහු (ද) ස්වර්ගයට නොපිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
7:41
ඔවුනට නිරයෙන් වූ යහනක් ඇත. එමෙන්ම ඔවුනට ඉහළින් ආවරණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
7:42
තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන්ගේ හැකියාව අනුව මිස වගකීම් නොපැවැරුවෙමු. ඔවුහුමය ස්වර්ග වැසියෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
7:43
ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද "මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නොපෙන්වූයේ නම් අප යහ මඟ ලබන්නන් නොවීමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ" යැයි ඔවුන් පවසනු ඇත. එමෙන්ම "නුඹලා කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ" යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
7:44
අපගේ පරමාධිපති අපහට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම අපි ලබා ඇත්තෙමු. එමෙන්ම නුඹලාත් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම ලබා ඇත්තෙහු දැයි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. “එසේය” යැයි ඔවුහු පවසනු ඇත. නමුත් අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතර නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺ
7:45
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝ වෙති. තවද ඔවුහු එහි අඩුපාඩු සොයති. එමෙන්ම මතු ලොව ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
ﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
7:46
තවද ඔවුන් දෙපිරිස අතර ආවරණයක් පවතී. උස් ස්ථානය මත ඇතැම් පුද්ගලයෝ වෙති. සෑම කෙනෙකුම ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් හඳුනා ගනු ඇත. පසුව ඔවුහු ස්වර්ග වාසීන් අමතා නුඹලාට ශාන්තියක් ම වේවා! යැයි පවසති. නමුත් ඔවුන් ආශා කරමින් සිටිය ද ඔවුහු එහි ඇතුළු නොවූහ.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
7:47
ඔවුන්ගේ බැල්ම නිරා වැසියන් දෙසට යොමු කරනු ලබන විට ‘අපරාධකාරී ජනයා සමඟ අප පත් නොකරනු මැනව’ යි ඔවුහු පවසනු ඇත.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮ
7:48
(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියෝ මිනිසුන් අමතති. ඔවුන්ගේ සලකුණු වලින් ඔවුහු ඔවුන් හඳුනා ගනිති. නුඹලාගේ පිරිස හා නුඹලා උඩඟුකම්පාමින් සිටි දෑ (අද) නුඹලාට කිසිදු ප්‍රයෝජනයක් නොදී ඇතැයි ඔවුහු පවසනු ඇත.
ﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
7:49
අල්ලාහ් ඔවුනට දයාව ලබා නොදෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද? නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත. තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
7:50
තවද නිරා වැසියෝ ස්වර්ග වාසීන් අමතා අප මත ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් හෝ වක් කරනු යැයි පවසති. දේව ප්‍රතික්ෂේපකයින් වෙත ඒ දෙකම සැබැවින්ම අල්ලාහ් තහනම් කර ඇතැයි ඔවුහු පවසනු ඇත.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋ
7:51
ඔවුන් වනාහි ඔවුන්ගේ දහම ඔවුන් විහිළුවක් ලෙස හා සෙල්ලමක් ලෙස ගත් අය වෙති. තවද මෙලොව ජීවිතය ඔවුන් ව මුළා කළේය. එබැවින් ඔවුන් ඔවුන්ගේ මෙම හමුව අමතක කර දමා අපගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන් අමතක කර දමන්නෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
7:52
තවද ඔවුන් වෙත ධර්ම ග්‍රන්ථය අපි ගෙන ආවෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් දේවත්වය විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
7:53
මොවුහු එහි අවසානය මිස වෙනකක් බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින්ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේමය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් සිටින්නේ ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වෙත්වා! එසේ නැතහොත් අපි නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නොවන වෙනත් දෑ සිදු කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අලාභහානි සිදු කර ගත්තෝය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් මුළා කළේය.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
7:54
නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ඔහු අර්ෂය මත වූයේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
7:55
නුඹලා යටහත් පහත් ව හා රහසිගත ව නුඹලාගේ පරමාධිපති ව අයදිනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ප්‍රිය නොකරනු ඇත.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
7:56
තවද මහපොළොව හැඩගැස් වූ පසු නුඹලා එහි කලහකම් නොකරනු. තවද බියෙන් හා කැමැත්තෙන් ඔහුව නුඹලා අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමියන්ට සමීපයෙන් ඇත.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
7:57
තවද තම දයාව අතරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහුය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට, මුඩු ප්‍රදේශයකට ගමන් කරවා ඉන් පසුව අපි එමගින් ජලය පහළ කළෙමු. පසුව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. මළවුන් අප බැහැර කරනුයේ එලෙසය. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
7:58
තවද සාරවත් පොළොව වනාහි, එහි පරමාධිපතිගේ අවසරයෙන් එහි පැළෑටි හට ගැනේ. තවද නිසරු වී ගිය දෑ (පොළොව) වනාහි ස්වල්ප ඵලදාවක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙසය.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
7:59
සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියකු නුඹලාට නොමැත. මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
7:60
“නියත වශයෙන්ම ඔබ පැහැදිලි මුළාවක සිටිනු අපි දකින්නෙමු” යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රධානීහු පැවසුවෝය.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎ
7:61
මාගේ සමූහයනි! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයකු වෙමි යැයි ඔහු පැවසුවේය.
ﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
7:62
මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ මම නුඹලාට දැනුම් දෙමි. තවද මම නුඹලාට උපදෙස් දෙමි. තවද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් වෙතින් මම දැන ගනිමි.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
7:63
නුඹලාට අවවාද කරනු පිණිස ද නුඹලා බිය හැඟීමෙන් යුතුව කටයුතු කරනු පිණිස ද නුඹලා දයාව ලැබිය හැකි වනු පිණිස ද නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? (යැයි පැවසුවේය)
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ
7:64
නමුත් ඔවුහු ඔහුව බොරු කළෝය. පසුව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන් ව ගිල්වූයෙමු. නියත වශයෙන්ම ඔවුහු අන්ධ පිරිසක් වූහ.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
7:65
ආද් සමූහයා වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (එව්වෙමු.) ඔහු ‘මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ’යි විමසුවේය.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
7:66
නියත වශයෙන්ම ඔබ අඥානකමෙහි සිටිනු අපි දකිමු. එමෙන්ම ඔබ නියත වශයෙන්ම බොරුකාරයින් අතරින් යැයි ද සිතමු යි ඔහුගේ සමූහයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
ﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
7:67
‘මාගේ සමූහයනි! මා සමඟ කිසිදු අඥානකමක් නොමැත. එනමුත් මම ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ ධර්ම දූතයෙක් වෙමි’ යැයි ඔහු පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘ
7:68
මාගේ පරමාධිපතිගේ පණිවිඩ මම නුඹලාට දන්වමි. තවද මම නුඹලා සඳහා වූ විශ්වාසනීය උපදේශකයකු වෙමි.
ﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
7:69
නුඹලාට අනතුරු ඇඟවීම පිණිස නුඹලා අතරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? තවද නූහ්ගේ සමූහයාට පසුව නුඹලා නියෝජිතයින් බවට පත් කිරීම ගැනත් ශරීර ස්වරූපයෙහි පුළුල් බව නුඹලාට අධික ව පිරිනැමීම ගැනත් මෙනෙහි කරනු. එහෙයින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ගේ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
7:70
අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අපි අත හැර දමා අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? නුඹ සත්‍යවාදීන් අතරින් නම් අපට නුඹ ප්‍රතිඥා දුන් දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුවෝය.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
7:71
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා කෝපය නුඹලා වෙත පතිත විය. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් ගැන නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
7:72
එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ සංඥාවන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ලෙස නොසිටියෝය.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼ
7:73
තවද සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු). මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය නුඹලාට සංඥාවක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. අල්ලාහ්ගේ භූමියේ බුදින්නට නුඹලා ඌ අත හැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට වේදනීය දඬුවමක් නුඹලා ව ග්‍රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
7:74
. ආද් (සමූහයා)ට පසු ඔහු නුඹලා ව නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කර බලනු. නුඹලා එහි පහසුකම් ඇති තැන් වල මාලිගාවන් තනා ගන්නෙහුය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නොකරනු.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
7:75
ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා ස්ථීර ලෙස දන්නෙහුදැයි ඔහුගේ සමූහයා අතරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුන්ගෙන් විමසා සිටියහ. (එවිට) ඔවූහු " ඔහු කවර කරුණක් සමඟ යවනු ලැබුවේ ද ඒ ගැන අපි විශ්වාස කරන්නන් වන්නෙමු" යැයි ඔවුන් පවසා සිටියහ.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍ
7:76
‘නියත වශයෙන්ම නුඹලා කවර දෙයක් පිළිබඳ ව විශ්වාස කළෙහු ද ඒ පිළිබඳ ව අපි ප්‍රතික්ෂේප කරන්නන් වෙමු’ යැයි උඩඟුකම් පෑවෝ පැවසුවෝය.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
7:77
පසුව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝය. තවද අහෝ සාලිහ්! නුඹ රසූල්වරුන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.
ﮞﮟﮠﮡﮢﮣﮤ
7:78
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත් ව සිටියහ.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
7:79
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. නමුත් නුඹලා උපදේශකයින් ප්‍රිය කරන්නේ නැතැ’යි ඔහු පැවසීය.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
7:80
තවද ලූත් ව ද (එව්වෙමු.) එවිට ලෝ වැසියන් අතරින් නුඹලාට පෙර කිසිවකු හෝ සිදු නොකළ අශීලාචාර දෑ නුඹලා සිදු කරන්නෙහු දැ? යි තම සමූහයා වෙත ඔහු පැවසීය.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯ
7:81
නියත වශයෙන්ම නුඹලා කාන්තාවන් හැර දමා කාමුක ලෙසින් පිරිමින් වෙත පැමිණෙන්නෙහුය. එසේම නුඹලා සීමාව ඉක්මවූවන් වෙති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟ
7:82
නුඹලා නුඹලාගේ ගමෙන් මොවුන් ව පිටුවහල් කරනු. නියත වශයෙන්ම මොවුන් පිරිසිදු ව සිටින මිනිසුන් පිරිසකි යැයි ඔවුන් පැවසීම මිස ඔහුගේ සමූහයාගේ පිළිතුර නොවීය.
ﭠﭡﭢﭣﭤﭥﭦﭧ
7:83
එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ (සෙසු) සාමාජිකයින් මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතරින් වූවාය.
ﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
7:84
තවද අපි ඔවුන් මත වර්ෂාවක් වැස්සවීමු. එබැවින් වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
7:85
තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි! නුඹලා අල්ලාහ්ව නමදිනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු ඇති නොකරනු. තවද මහපොළොව හැඩගැස් වූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසීය.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
7:86
තවද සෑම මාර්ගයකම නුඹලා තර්ජනය කරමින් අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔහුව විශ්වාස කළවුන් වළක්වමින් හා එහි අඩු පාඩු සොයමින් නුඹලා වාඩි නොවනු. නුඹලා අඩුවෙන් සිටිය දී ඔහු නුඹලා ව අධික කළ අවස්ථාව සිහිපත් කරනු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි? නුඹලා අවධානයෙන් බලනු.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
7:87
කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය නුඹලා අතරින් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් විශ්වාස නොකර සිටියේ නම් එවිට අප අතර අල්ලාහ් තීන්දු දෙන තෙක් නුඹලා ඉවසා සිටිනු. තවද ඔහු තීන්දු දෙන්නන් අතරින් ශ්‍රේෂ්ඨය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨ
7:88
අහෝ ෂුඅයිබ්! සැබැවින්ම අපි නුඹ හා නුඹ සමඟ විශ්වාස කළවුන් අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹ අපගේ දහම් පිළිවෙත් තුළට නැවත හැරී ආ යුතු යැයි ඔහුගේ සමූහයා අතරින් උඩඟුකම් පෑ ප්‍රධානීහු කීහ. (එවිට) ඔහු ‘අපි පිළිකුල් කරන්නන් ලෙස සිටියත්’ දැයි විමසුවේය.
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
7:89
නුඹලාගේ දහමින් අල්ලාහ් අප මුදවා ගත් පසු ඒ වෙත අප නැවත හැරුණේ නම් සැබැවින්ම අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවන් බවට පත් වෙමු. අපගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස එහි නැවත හැරී යාමක් නොවන්නේය. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ව්‍යාප්තය. අපි අල්ලාහ් වෙතම භාර කරමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර ද අපගේ සමූහයා අතර ද සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු මැනව! තීන්දු දෙන්නන් අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය. (යැයි ෂුඅයිබ් පැවසීය.)
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
7:90
‘නුඹලා ෂුඅයිබ් ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
ﮥﮦﮧﮨﮩﮪﮫ
7:91
එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
7:92
ෂුඅයිබ් ව බොරු කළවුන් කිසිදාක එහි වාසය නොකළාක් මෙන් වූහ. ෂුඅයිබ් ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින්ම වූහ.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
7:93
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී, ‘මාගේ සමූහයනි! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දී ඇත්තෙමි. තවද මම නුඹලාට උපදෙස් දී ඇත්තෙමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ?යි පවසා සිටියහ.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺ
7:94
කවර දේශයකට හෝ එහි වැසියන් අවනත විය හැකි වනු පිණිස අපි ඔවුන් දුෂ්කරතා හා පීඩාවන්ගෙන් ග්‍රහණය කළා මිස කිසිදු නබිවරයකු අප එව්වේ නැත.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍ
7:95
පසුව අපි නපුර වෙනුවට යහපත පරිවර්තනය කළෙමු. අවසානයේ ඔවුහු සමෘද්ධිමත් වූහ. තවද ‘සැබැවින්ම අපගේ මුතුන් මිත්තන්හට දුක හා සතුට ඇති විය’ යැයි ඔවුහු පැවසුවෝය. පසුව ඔවුන් නොදැන සිටිය දී අපි අනපේක්ෂිත ලෙසින් ඔවුන් ව ග්‍රහණය කළෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣ
7:96
නියත වශයෙන්ම එම ප්‍රදේශවාසීන් විශ්වාස කොට බිය බැතියෙන් කටයුතු කර තිබුණේ නම් සැබැවින්ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත සමෘධිය විවෘත කර දෙන්නට තිබුණි. නමුත් ඔවුහු බොරු කළෝය. එවිට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන් ව ග්‍රහණය කළෙමු.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭ
7:97
ඔවුන් නිදා ගනිමින් සිටිය දී රාත්‍රියේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
7:98
ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායී ව සිටින්නෝ ද?
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
7:99
අල්ලාහ්ගේ උපාය ගැන ඔවුහු අභයදායී ව සිටින්නෝ ද? අල්ලාහ්ගේ උපාය මාර්ගයට අලාභවන්ත ජනයා මිස වෙනත් කිසිවකු අභයදායී ව නොසිටියි.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘ
7:100
එහි වැසියන්ට පසුව මහපොළව උරුමකර ගන්නන් හට අපි අභිමත කළේ නම් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුනට දඬුවම් කරන වග හා ඔවුන්ගේ හදවත් මත අප මුද්‍රා තබන වග නොවැටහේ ද? තවද ඔවුහු සවන් නොදෙති.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
7:101
එම ගම්මාන වනාහි, ඒවායෙහි පුවත් ගැන අපි නුඹට දන්වමු. සැබැවින්ම ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුහු මීට පෙර බොරු කළ දෑ විශ්වාස කරන්නන් නොවූහ. දේව ප්‍රතික්ෂේපකයින්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ මෙලෙසය.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
7:102
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කිසියම් ප්‍රතිඥාවක සිටිනු අපි නොදුටුවෙමු. තවද අපි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපකම් කරන්නන් ලෙසම දුටුවෙමු.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰ
7:103
ඔවුන්ගෙන් පසුව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රභූන් පිරිස වෙත අපි මූසා ව අපගේ සංඥා සමඟ එව්වෙමු. එවිට ඔවුහු ඒවා ගැන අසාධාරණ ලෙස කටයුතු කළෝය. එබැවින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි (නබිවරය) නුඹ අවධානයෙන් බලනු.
ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ
7:104
අහෝ ෆිර්අවුන්! නියත වශයෙන්ම මම සකල ලෝකයන්හි පරමාධිපති වෙතින් වූ දූතයකු වෙමි යැයි මූසා පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
7:105
අල්ලාහ් මත සත්‍යය හැර වෙනත් කිසිවක් මා නොපැවසීමට නියම වී ඇත. නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් සමඟ සැබැවින්ම මම නුඹලා වෙත පැමිණ ඇත්තෙමි. එබැවින් මා සමඟ ඉස්රාඊල් දරුවන් එවනු.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
7:106
(එයට ෆිර්අව්න්) නුඹ පැහැදිලි සාධකයක් රැගෙනැවිත් සිටින්නෙහි නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් එය ගෙන එනු යැයි ඔහු පැවසුවේය.
ﭱﭲﭳﭴﭵﭶﭷ
7:107
එවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය.
ﭸﭹﭺﭻﭼﭽﭾ
7:108
ඔහු තම අත (ලෝගුවෙන්) ඉවත දැමුවේය. එසැනින් එය බලන්නන් හට සුදු පැහැයෙන් දිස්විණ.
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
7:109
ෆිර්අවුන්ගේ පිරිස අතරින් වූ ප්‍රධානීහු "නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි" යැයි පවසා සිටියෝය.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
7:110
මොහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමට සිතයි. එහෙයින් නුඹලා (මට) නියෝග කරනුයේ කුමක් ද?
ﮒﮓﮔﮕﮖﮗﮘﮙ
7:111
ඔවුහු (ෆිර්අව්න්ට මෙසේ) පැවැසූහ. මොහු හා මොහුගේ සහෝදරයාට කල් දෙනු. (හූනියම් කරුවන්) එක්රැස් කරන්නන් නගර වලට යවනු.
ﮚﮛﮜﮝﮞ
7:112
මනා ඥානය ඇති සෑම හූනියම්කරුවකුම ඔවුහු නුඹ වෙත ගෙන එනු ඇත.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
7:113
තවද හූනියම්කරුවෝ ෆිර්අවුන් වෙත පැමිණ ‘සැබැවින්ම අපි ජය ලබන්නන් වීමු නම් සැබැවින්ම අපට කුලියක් හිමි විය යුතුය’ යැයි පැවසුවෝය.
ﮫﮬﮭﮮﮯﮰ
7:114
එසේය. තවද නුඹලා (මට) සමීපතයින් අතරිනි යැයි ඔහු පැවසුවේය.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
7:115
අහෝ මූසා! (විජ්ජාවන්) නුඹ දමන්නෙහි ද නැතිනම් අපිම දමන්නන් වන්නෙමු දැයි ඔවුහු ඇසුවෝය.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
7:116
නුඹලා දමනු යැයි ඔහු පැවසුවේය. ඔවුහු එය දැමූ කල්හි ජනයාගේ ඇස් බැන්දුම් කොට ඔවුන් ව බිය වැද්දූහ. තවද ඔවුහු මහත් හූනියම් (විජ්ජාවක්) ගෙන ආහ.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
7:117
තවද ‘නුඹ නුඹේ සැරයටිය බිම දමනු’ යැයි අපි මූසා වෙත දන්වා සිටියෙමු. එවිට එය ඔවුන් සිදු කළ විජ්ජාවන් ගිල දැමීය.
ﯸﯹﯺﯻﯼﯽﯾ
7:118
තවද සත්‍ය පැහැදිලි විය. ඔවුන් කරමින් සිටි දේ නිෂ්ඵල විය.
ﯿﰀﰁﰂﰃ
7:119
එවිට එහි ඔවුන් පරාජයට පත් කරන ලදී. තවද ඔවුහු අවමානයට ලක් වූවන් බවට පෙරළුණෝය.
ﰄﰅﰆﰇ
7:120
තවද හූනියම්කරුවන් සිරස නමන්නන් ලෙස බිම ඇද දමන ලදී.
ﭑﭒﭓﭔﭕ
7:121
සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
ﭖﭗﭘﭙ
7:122
(ඔහු) මූසාගේ හා හාරූන්ගේ පරමාධිපතිය.
ﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
7:123
‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙය කුමන්ත්‍රණයකි. එහි සිටින නගර වැසියන් එයින් නුඹලා පිටුවහල් කරනු පිණිස නුඹලා එහි එය සැලසුම් කළෙහුය. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් පැවැසුවේය.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸ
7:124
නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට කපා හරිමි. පසු ව නුඹලා සියල්ලන් ව කුරුසයේ එල්ලන්නෙමි.
ﭹﭺﭻﭼﭽﭾ
7:125
‘නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති වෙත හැරෙන්නෝ වෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
7:126
අපගේ පරමාධිපතිගේ සංඥා අප වෙත පැමිණි කල්හි අපි විශ්වාස කළ බැවින් මිස නුඹ අපගෙන් පළිගන්නේ නැත. අපගේ පරමාධිපතියාණනි! අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද මුස්ලිම්වරුන් බවට අප මරණයට පත් කරනු මැනව!
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
7:127
තවද මෙම පොළොවේ ඔවුන් කලහකම් කිරීමටත්, ඔබ හා ඔබගේ දෙවිවරුන් අතහැර දැමීමටත් මූසා හා මූසාගේ පිරිස ඔබ අත හැර දමන්නෙහි දැයි ෆිර්අවුන්ගේ පිරිසගෙන් වූ ප්‍රධානීහු විමසා සිටියහ. (එසේනම්) අපි ඔවුන්ගේ පිරිමි දරුවන් ඝාතනය කරමු. ඔවුන්ගේ ගැහැනු දරුවන් පණපිටින් අත හැර දමමු. තවද සැබැවින්ම අපි ඔවුනට ඉහළින් බලය යොදවන්නන් වෙමු යැයි ඔහු පැවසීය.
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
7:128
නුඹලා අල්ලාහ්ගෙන් උදව් පතනු. තවද ඉවසනු. නියත වශයෙන්ම මහපොළොව අල්ලාහ් සතුය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අයට එය උරුම කර දෙනු ඇත. තවද අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හටය යැයි මූසා ඔහුගේ පිරිසට පැවසීය.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
7:129
නුඹ අප වෙත පැමිණීමට පෙර ද නුඹ අප වෙත පැමිණීමට පසු ද අපි පීඩාවට පත් කරනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ සතුරන් විනාශ කර දමා නුඹලා ව පොළොවේ නියෝජනය කරන්නට සලස්වන්නට පුළුවන. එවිට නුඹලා ක්‍රියා කරනුයේ කෙසේ දැයි ඔහු අවධානයෙන් බලනු ඇතැයි ඔහු පැවසීය.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
7:130
තවද ඔවුන් මෙනෙහි කරනු හැකි වනු පිණිස නියඟයෙන් හා භවබෝග හිග කිරීමෙන් සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පිරිස ග්‍රහණය කළෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩ
7:131
ඔවුනට යහපත පැමිණි විට මෙය අප වෙනුවෙන් යැයි ඔවුහු පවසති. තවද ඔවුනට යම් නපුරක් ඇති වන්නේ නම් මූසා හා ඔහු සමඟ වූවන්ගෙන් ඇති වූ අසුබ නිමිත්තක් යැයි සිතති. දැන ගනු. ඔවුන්ගේ අසුබ නිමිති අල්ලාහ් වෙතය. එනමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
7:132
තවද නුඹ අප එමගින් වසඟ කරනු පිණිස කවර හෝ සංඥාවක් අප වෙත ගෙන ආව ද නුඹ ව අපි විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
7:133
එබැවින් අපි ඔවුන් වෙත ගංවතුර, පළඟැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය පැහැදිලි සංඥා වශයෙන් එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද ඔවුහු වැරදි කරන පිරිසක් වූහ.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
7:134
ඔවුන් මත දඬුවම පතිත වූ කල්හි අහෝ මූසා! ඔබගේ පරමාධිපති ඔබ වෙතින් ප්‍රතිඥා ගත් අයුරින් ඔබ අප වෙනුවෙන් ඔහුගෙන් ප්‍රාර්ථනා කරනු මැනව! මෙම දඬුවම අප වෙතින් ඔබ ඉවත් කර දුන්නේ නම් නියත වශයෙන්ම අපි ඔබ ව විශ්වාස කරන්නෙමු. තවද ඔබ සමඟ ඉස්රාඊල් දරුවන් යවන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
7:135
එවිට ඔවුන් එය(විනාශය) ළඟා කර ගන්නා නිශ්චිත කාලයක් දක්වා ඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එවිට, ඔවුහු ප්‍රතිඥා කඩ කරන්නන් වූහ.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
7:136
එහෙයින් අපි ඔවුනට දඬුවම් කළෙමු. නියත වශයෙන්ම ඔවුන් අපගේ වදන් බොරු කළ බැවින් ද ඒ පිළිබඳ ඔවුන් නොසැලකිලිමත්වූවන් ලෙස සිටි බැවින් ද අපි ඔවුන් මුහුදෙහි ගිල්වූයෙමු.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
7:137
දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටී පිරිසට, මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින්ම විනාශ කර දැමුවෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
7:138
ඉස්රාඊල් දරුවන් මුහුද තරණය කරන්නට අපි සැලැස්සුවෙමු. පසුව තමන් සතු පිළිමවලට නමදිමින් සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියෝය. ‘අහෝ මූසා! ඔවුන් සතු ව ඇති දෙවියන් මෙන් දෙවියකු අප වෙනුවෙන් පත් කරනු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘සැබැවින්ම නුඹලා අඥානකමින් සිටින පිරිසකැ’යි ඔහු පැවසුවේය.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵ
7:139
නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන් කවර විෂයක සිටියේ ද එය විනාශ වන්නකි. තවද ඔවුහු සිදු කරමින් සිටි දෑ ද නිෂ්ඵලය.
ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
7:140
‘ලෝවැසියනට වඩා නුඹලා ව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නොවන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) විමසුවේය.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
7:141
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනු(දරුව)න් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද එහි නුඹලාගේ පරමාධිපතිගෙන් අති මහත්වූ පරීක්ෂණයක් විය.
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
7:142
මූසාට අපි රාත්‍රී තිහක් ප්‍රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණවත් කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්‍රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නොකරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේය.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
7:143
අප නියම කළ ස්ථානයට මූසා පැමිණ, ඔහු සමඟ ඔහුගේ පරමාධිපති කතා කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! (ඔබව) මට පෙන්වනු මැනව! මා ඔබ ව බැලිය යුතුය යැයි පැවසුවේය. එයට “ඔබ මා දැකිය නොහැක්කේමය. නමුත් එම කන්ද දෙස බලනු. එය එම ස්ථානයේම ස්ථාවර ව පිහිටියේ නම් එවිට ඔබ මා දකිනු ඇත” යැයි පැවසුවේය. ඔහුගේ පරමාධිපති එම කන්දෙහි හෙළි වූ කල්හි එය සුනු විසුනු බවට පත් කළේය. තවද මූසා සිහිමුර්ජා වී වැටුණේය. පසුව ඔහුට (සිහිය) පැහැදිලි වූ කල්හි ‘ඔබ සුපිවිතුරුය. මම ඔබ වෙත පසුතැවිලි වී හැරුණෙමි. තවද දේවත්වය විශ්වාස කරන්නන්ගේ පළමුවැන්නා මම වෙමි යැයි කීය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟ
7:144
අහෝ මූසා! නියත වශයෙන්ම මම මාගේ දූත පණිවිඩ තුළින් ද මා ඔබ සමඟ කතා කිරීම තුළින් ද මා ඔබව ජනයාට ඉහළින් තෝරා ගත්තෙමි. එබැවින් මා නුඹට පිරි නැමූ දෑ ගනු. තවද නුඹ කෘතවේදීන් අතරින් වනු යැයි ඔහු පැවසුවේය.
ﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵ
7:145
තවද ඔහු වෙනුවෙන් පුවරු වල සෑම දෙයක්ම ලිව්වෙමු. එය උපදෙසක් හා සෑම දෙයක්ම විග්‍රහ කරන්නක් විය. එබැවින් එය බලවත් ලෙස ග්‍රහණය කර ගනු. එමෙන්ම එහි අලංකාර දෑ ග්‍රහණය කර ගන්නා මෙන් නුඹේ ජනයාට ද නුඹ නියෝග කරනු. පාපතරයින්ගේ නිවහන මම නුඹලාට පෙන්වමි.
ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
7:146
යුක්තියෙන් තොරව මහපොළොවේ උඩඟුකම් පාන්නන් ව මාගේ සංඥාවන්ගෙන් මම වෙනතකට හරවමි. තවද ඔවුන් සියඵ සංඥාවන් දුටුව ද එය ඔවුහු විශ්වාස නොකරති. තවද ඔවුන් ඍජු මාර්ගය දකින්නේ නම් එය ඔවුහු (ඍජු) මඟක් ලෙස නොගනිති. තවද සීමාව ඉක්ම වූ මාර්ගයක් දකින්නේ නම් එය මඟක් ලෙස ගනිති. එය ඔවුන් අපගේ සංඥාවන් බොරු කළ බැවින් හා ඒ පිළිබඳ ව ඔවුන් අනවධානීන්ව සිටි බැවිනි.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
7:147
තවද අපගේ සංඥාවන් හා මතු ලොව හමු ව බොරු කළවුන් වන ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය. ඔවුන් කරමින් සිටි දෑට මිස ඔවුනට ප්‍රතිඵල දෙනු ලබනු ඇත් ද?
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
7:148
මූසාගේ ජනයා ඔහුගෙන් පසුව ඔවුන්ගේ ආභරණ වලින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නැමදුමට) ගත්තේය. එයට ගව හඬකුත් විය. සැබැවින්ම එය ඔවුන් සමඟ කතා නොකරන බවත් ඔවුනට එය ඍජු මඟ නොපෙන්වන බවත් ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු එය (නැමදුමට) ගත්තෝය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
7:149
ඔවුන්ගේ දෑත් කළ දෑ පිළිබඳ පසුතැවිලි වී සැබැවින්ම තමන් මුළා වී ඇති බව ඔවුන් දුටු කල්හි, අපගේ පරමාධිපති අපට කරුණා නොකළේ නම් තවද අපහට ඔහු සමාව නොදුන්නේ නම් සැබැවින්ම අපි අලාභවන්තයින් අතරින් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
7:150
තවද මූසා තම සමූහයා වෙත දැඩි කෝපයෙන් හා දුකින් පැමිණ කල්හි ‘මගෙන් පසු ව නුඹලා මා නියෝජනය කළ අයුරු නපුරු විය. නුඹලාගේ පරමාධිපතිගේ අණට (කලින්) නුඹලා ඉක්මන් වූයේ දැයි? ඔහු ඇසීය. තවද එතුමා (දේව පණිවිඩ සඳහන්) පලක බිම හෙළා තම සහෝදරයාගේ හිස අල්ලා, තමන් වෙතට ඇද්දේය. ‘මාගේ මවගේ පුතණුවනි! සැබැවින්ම මෙම සමූහයා මා දුර්වලයකු යැයි සිතූහ. මා මරා දැමීමට තැත් කළහ. එබැවින් නුඹ මා ගැන සතුරන් (ඉදිරියේ) සිනහවට ලක් නොකරනු. තවද අපරාධකාරී ජනයා සමඟ මා පත් නොකරනු. යැයි ඔහු (හාරූන්) කීය.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
7:151
මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ සහෝරදයාට සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අපව ද ඇතුළත් කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින් අතරින් මහා කාරුණිකය.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
7:152
නියත වශයෙන්ම වසු පැටවා (නැමදුමට) ගත් අය වන මොවුනට මෙලොව ජීවිතයේ දී මොවුන්ගේ පරාමාධිපතිගෙන් වූ කෝපය ද අවමානය ද හිමි වනු ඇත. තවද බොරු ගොතන්නන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
7:153
තවද කවරෙකු නපුරුකම් කොට ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළේ ද සැබැවින්ම නුඹගේ පරමාධිපති ඉන් පසු පවා අතික්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
7:154
මූසාගෙන් කෝපය නිවී ගිය කල්හි එම පලක ඔහු ගත්තේය. එම පිටපත්හි, තම පරමාධිපතිට බියවන ඔවුන්හට යහමඟ ද දයාව ද විය.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
7:155
නියම කරන ලද අපගේ ස්ථානය සඳහා මිනිසුන් හැත්තෑවක් දෙනා මූසා තෝරා ගත්තේය. භූ කම්පනය ඔවුන් ග්‍රහණය කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ අභිමත කළේ නම් මීට පෙරම ඔබ ඔවුන් හා මා විනාශ කරන්නට තිබුණි. අප අතරින් අධමයින් කළ දෑ හේතුවෙන් ඔබ අප විනාශ කරන්නෙහි ද? මෙය ඔබේ පරීක්ෂණයක් මිස වෙනකක් නොවේ. එමගින් ඔබ අභිමත කරන අය මුළාවන්නට ඉඩ හරින්නෙහිය. ඔබ අභිමත කරන අයට මඟ පෙන්වන්නෙහිය. ඔබ අපගේ භාරකරුය. එබැවින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ සමාව දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය’ යැයි ඔහු(මූසා) පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
7:156
තවද මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද අපහට යහපත නියම කරනු මැනව! නියත වශයෙන්ම අපි ඔබ වෙත හැරුණෙමු. ‘මාගේ දඬුවම වනාහි, මා අභිමත කරන අය එමගින් මම හසු කරමි. තවද මාගේ දයාව සියළු දෑහි ව්‍යාප්ත ව ඇත. එබැවින් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන සකාත් පිරිනමන අය හා අපගේ වදන් විශ්වාස කරන අයට එය මම මතු සටහන් කරමි යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
7:157
ඔවුහු වනාහි, ඔවුන් අබියස ඇති තව්රාතයේ හා ඉන්ජීලයේ සඳහන් කරනු ලැබූ අයුරින් ඔවුනට යහපත විධානය කරන, පිළිකුල් සහගත දැයින් ඔවුන් වළක්වාලන, යහපත් දෑ ඔවුනට අනුමත කරන, කිළිටි දෑ ඔවුන් මත තහනම් කරන, ඔවුන්ගේ බර හා ඔවුන් මත පැවති දුෂ්කරතාවන් (පහකර) තබන අයකු ලෙසින් ශාක්ෂරතාවක් නොමැති දේව ඥානය ලැබූ මෙම ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නෝ වෙති. එබැවින් කවරෙකු ඔහුව විශ්වාස කොට; ඔහුට ගරු කොට; ඔහුට උදව් කර; ඔහුට පහළ කරනු ලැබූ ආලෝකය පිළිපැද්දේ ද ඔවුහුමය ජයග්‍රාහකයෝ.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
7:158
අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු යැයි (නබිවරය) නුඹ පවසනු.
ﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
7:159
මූසාගේ ජනයා අතරින් සත්‍යය අනුව යහමඟ පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන ප්‍රජාවක් වෙති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
7:160
ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද ඔවුහු අපට අපරාධ නොකළහ. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘ
7:161
තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි ඉන් අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. තවද එහි දොරටුවෙන් සිරස නමමින් ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
7:162
ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨ
7:163
මුහුද අසබඩ පිහිටි ගම්මානය පිළිබඳ ව නුඹ ඔවුන්ගෙන් අසනු. ඔවුහු සෙනසුරාදා දින සීමාව ඉක්මවා ගියහ. මන්ද ඔවුන්ගේ සෙනසුරාදා දින මතස්‍යයින් ඔවුන් වෙත හිස ඔසවා පැමිණෙයි. සෙනසුරාදා නොවන දිනයෙහි ඔවුන් වෙත එසේ නොපැමිණෙයි. ඔවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් අප ඔවුන් පරීක්ෂාවට ලක් කරනුයේ එලෙසය
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
7:164
තවද අල්ලාහ් ඔවුන් විනාශ කරන්නට යන එසේත් නැතහොත් දැඩි දඬුවමකින් දඬුවම් කරන්නට යන පිරිසකට නුඹලා උපදෙස් දෙනුයේ මන්දැයි ඔවුන් අතරින් වූ සමූහයක් විමසා සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලාගේ පරමාධිපති වෙත නිදහසට කරුණක් වනු පිණිසත් ඔවුන් බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීමට හැකි වනු පිණිසත් යැයි ඔවුහු (දේශකයෝ) පැවසුවෝය.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸ
7:165
කවර දෙයක් ඔවුනට උපදෙස් දෙනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි නපුරෙන් වළක්වන්නන් (පමණක්) අපි මුදවා ගත්තෙමු. තවද අපරාධ කළවුන් පාපකම් කරමින් සිටි හේතුවෙන් දැඩි දඬුවමකින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
7:166
එයින් තහනම් කරනු ලැබූ දෑ සම්බන්ධයෙන් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළ කල්හි ‘නුඹලා අවමානයට පත් වූවන් ලෙසින්, වඳුරන් මෙන් වනු යැයි අපි ඔවුනට පැවසුවෙමු.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
7:167
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුනට එරෙහි ව නපුරු දඬුවමෙන් දඬුවම් කරන අය එවනු ඇතැයි නුඹගේ පරමාධිපති නිවේදනය කළ අවස්ථාව සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා වේගවත්ය. තවද නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
7:168
තවද අපි මහපොළොවේ සමූහයන් වශයෙන් ඔවුන් බෙදා වෙන් කළෙමු. ඔවුන් අතරින් දැහැමියන් වෙති. තවද ඔවුන් අතරින් එසේ නොවන අය ද වෙති. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස යහපත් හා නපුරු දැයින් අපි ඔවුන් පරීක්ෂා කළෙමු.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
7:169
ඔවුන්ගෙන් පසුව (ඔවුන් වෙනුවට) පරපුරක් පැමිණ එම දේව ග්‍රන්ථය උරුම කර ගත්තෝය. (ඒ වෙනුවට මෙලොවෙහි) පහත් භාණ්ඩය ඔවුහු ගනිති. තවද අපට සමාව දෙනු ලබනු ඇතැයි පවසති. තවද ඒ හා සමාන (තවත් පහත්) භාණ්ඩයක් ඔවුන් වෙත පැමිණෙන්නේ නම් එය ද ඔවුහු ගනිති. අල්ලාහ් වෙත සත්‍යය මිස වෙනත් කිසිවක් නොපැවසිය යුතු යැයි ද එහි ඇති දෑ ඔවුන් හැදෑරිය යුතු යැයි ද ඔවුන් වෙතින් දේව ග්‍රන්ථයේ ප්‍රතිඥාවක් ගනු නොලැබුවේ ද? දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්හට මතු ලොව නිවහන ශ්‍රේෂ්ඨය. (මෙය) නුඹලා වටහා ගත යුතු නොවේ ද?
ﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂ
7:170
තවද දේව ග්‍රන්ථය තදින් පිළිපදිමින් සලාතය විධිමත් ව ඉටු කළවුන් වනාහි නියත වශයෙන්ම අපි එවන් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
7:171
තවද ඔවුනට ඉහළින් වළාකුලක් මෙන් කන්ද ඔසවා තැබූ අවස්ථාව සිහිපත් කරනු. සැබැවින්ම එය ඔවුන් මත වැටෙනු ඇතැයි ඔවුහු සිතූහ. නුඹලා බිය හැඟීමෙන් යුතුෙව කටයුතු කළ හැකි වනු පිණිස නුඹලාට අපි පිරිනැමූ දෑ නුඹලා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තවද එහි ඇති දෑ නුඹලා මෙනෙහි කරනු.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
7:172
තවද නුඹගේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගෙන් ඔවුන්ගේ කොදුවලින් ඔවුන්ගේ පරපුර ගෙන ඔවුනට එරෙහි ව ඔවුන්ම සාක්ෂි දැරීමට පත් කොට නුඹලාගේ පරමාධිපති මා නොවේ දැයි විමසූ සිහිපත් කරනු. එසේය අපි සාක්ෂි දරමු යැයි ඔවුහු පැවසුවෝය. (එසේ ප්‍රතිඥාවක් ගනු ලැබුවේ) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ‘නියත වශයෙන්ම අපි මේ ගැන අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා නොපවසනු පිණිසය.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
7:173
නැතහොත් නියත වශයෙන්ම ආදේශ කළ අය වනුයේ මීට පෙර සිටි අපගේ මුතුන් මිත්තන්ය. තවද අපි ඔවුන්ගෙන් පසු වූ පරපුරක් වෙමු. අවැඩ කරන්නෝ සිදු කළ දෑ හේතුවෙන් නුඹ අපව විනාශ කරන්නෙහිදැයි නුඹලා නොපවසනු පිණිසය.
ﮔﮕﮖﮗﮘﮙ
7:174
තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස එම සාධක අප විස්තර කරනුයේ එලෙසය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
7:175
අප අපගේ සාධක පිරිනැමූ අයකුගේ පුවත නුඹ ඔවුන් වෙත කියවා පෙන්වනු. නමුත් ඔහු එයින් ගැල වී ගියේය. එවිට ෂෙයිතාන් ඔහු පසු පස හඹා ගියේය. එහෙයින් ඔහු නොමඟ ගියවුන් අතරින් විය.
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
7:176
අපි අභිමත කළේ නම් එමගින් අප ඔහු උසස් කරවා තිබෙන්නට තිබුණි. එනමුත් ඔහු මහපොළොවට ඇලී ගැලී ගියේය. තවද ඔහුගේ මනෝ ආශාවන් පිළිපැද්දේය. ඔහුගේ උපමාව සුනඛයාගේ උපමාව මෙනි. නුඹ පළවා හැරිය ද ඌ දිව එල්ලා ගෙන සිටියි. නුඹ (පහර නොදී) ඌ අත හැර දැමුව ද ඌ දිව එල්ලා ගෙන සිටියි. අපගේ සාධක බොරු කළ ජනයාට උපමාව මෙයයි. එබැවින් ඔවුන් වටහා ගත හැකි වනු පිණිස මෙම කතා වස්තුව ඔවුනට නුඹ පවසනු.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
7:177
අපගේ සාධක බොරු කොට තමන්ටම ආසාධාරණකම් කරමින් සිටි පිරිස ආදර්ශයෙන් නපුරු විය.
ﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀ
7:178
අල්ලාහ් කවරෙකු යහ මඟ යොමු කරන්නේ ද එවිට ඔහු යහ මඟ ලැබූවෙකි. තවද කවරෙකු ඔහු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
7:179
සැබැවින්ම අපි ජින් වර්ගයා හා මානව වර්ගයාගෙන් වැඩි දෙනෙකු නිරය සඳහා බිහි කර ඇත්තෙමු. ඔවුනට හදවත් ඇත. ඔවුහු එමගින් වටහා නොගනිති. තවද ඔවුනට ඇස් ඇත. ඔවුහු එමගින් නොබලති. තවද ඔවුනට කන් ඇත. ඔවුහු එමගින් සවන් නොදෙති. ඔවුහු (ඔටු, ගව, එළු වැනි) ගොවිපළ සතුන් මෙනි. නැත. ඊටත් වඩා නොමඟ ගියවුන්ය. නොසැලකිලිමත් ව සිටියවුන් ඔවුහුමය.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
7:180
වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමිය. එහෙයින් නුඹලා ඒවා මගින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋ
7:181
තවද අප මැවූ අය අතරින් සත්‍යය මගින් මඟ පෙන්වන, තවද එමගින් යුක්තිය ඉටු කරන සමූහයක් ද විය.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔ
7:182
අපගේ සාධක බොරු කළවුන් වනාහි ඔවුන් නොහඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.
ﮕﮖﮗﮘﮙﮚﮛ
7:183
තවද මම ඔවුනට අවකාශය ද දෙමි. නියත වශයෙන්ම මාගේ සැලැස්ම ඉතා දැඩිය.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
7:184
ඔවුන්ගේ සගයාට කිසිදු උමතුවක් නොමැති බව ඔවුහු වටහා නොගත්තෝ ද? ඔහු පැහැදිලි අවවාද කරන්නකු මිස වෙනත් කෙනෙකු නොවේ.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
7:185
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යයෙහි ද යම් දෙයකින් අල්ලාහ් මවා ඇති දෑ ගැන ද ඔවුන්ගේ නියමිත කාලය සමීප විය හැකිය යන්න ගැන ද ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද. එහෙයින් ඉන් පසුව ඔවුන් කවර පුවතක් ගැන ද විශ්වාස කරනුයේ?
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
7:186
අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඔහු ඔවුනට ඉඩ හරියි.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚ
7:187
අවසන් හෝරාව ගැන, එය කවදා පැමිණෙන්නේ දැයි ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම මාගේ පරමාධිපති අබියසය. එහි නියමිත වේලාවට ඔහු හැර (වෙන කිසිවකු) එය හෙළි නොකරනු ඇත. එය(එහි දැනුම) අහස්හි හා පොළෝ තලයේ (වෙසෙන්නන් හට) බැරෑරුම් විය. එය ක්ෂණිකව මිස නුඹලා වෙත නොපැමිණෙනු ඇතැයි නුඹ පවසනු. ඒ පිළිබඳ ව නුඹ මනා දැනුමක් ඇත්තෙකු සේ ඔවුහු නුඹගෙන් විමසති. එහි දැනුම අල්ලාහ් අබියසය යැයි නුඹ පවසනු. එනමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනා (ඒ බව) නොදනිති
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
7:188
අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නොදරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නොවනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
7:189
ඔහු වනාහි එක ආත්මයකින් නුඹලා ව මවා එහි සහකාරිය සමඟ එය වාසය කරනු පිණිස එයින් එය ඇති කළේය. ඔහු (ආදම්) ඇය (ඒවා) වෙළා ගත් කල්හි ඇය (දරුවෙකු පිළිසිඳ) සැහැල්ලු බරක් ඉසිලුවාය. පසුව ඇය ඒ සමඟ ගමන් ගත්තාය. ඇයට එය බරින් වැඩි වූ කල්හි ‘ඔබ අපට (අඩුපාඩු වලින් තොර) යහපත් කෙනෙකු පිරිනැමුවෙහි නම් අපි කෘතවේදීන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පරමාධිපතිගෙන් අයැද සිටියහ.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
7:190
ඔවුන් දෙදෙනාට (අඩුපාඩු වලින් තොර) යහපත් දරුවෙකු ඔහු පිරිනැමූ කල්හි ඔවුන් (ගෙන් පැවත එන ස්ත්‍රී පුරුෂ පාර්ෂව) දෙදෙනාට ඔහු පිරිනැමූ විෂයෙහි ඔවුන් ඔහුට හවුල්කරුවන් පත් කළෝය. ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් උත්තරීතරය.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦ
7:191
කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝද? ඔවුන්ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී.
ﮧﮨﮩﮪﮫﮬﮭﮮ
7:192
තවද මොවුනට උදව් කිරීමට ඔවුනට නොහැක. එමෙන්ම ඔවුන් ඔවුන්ටම පවා උදව් කර ගත නොහැක.
ﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
7:193
තවද නුඹලා ඔවුන් යහ මඟ වෙත ඇරයුම් කළ ද ඔවුහු නුඹලා ව අනුගමනය නොකරති. නුඹලා ඔවුන් ඇරයුම් කර සිටිය ද නැතහොත් නුඹලා නිහඬ ව සිටිය ද නුඹලාට එක සමානය.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
7:194
නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන්ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා.
ﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌ
7:195
ඔවුන් ගමන් කරන පාද ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් අල්ලන අත් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් බලන ඇස් ඔවුනට තිබේ ද? නැතහොත් ඔවුන් සවන් දෙන කන් ඔවුනට තිබේ ද? නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවා පසුව මට නුඹලා කුමන්ත්‍රණය කරනු. නමුත් මට අවකාශය නොදෙනු යැයි (නබිවරය) නුඹ ඔවුනට පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
7:196
නියත වශයෙන්ම මෙම දේව ග්‍රන්ථය පහළ කළ අල්ලාහ්ය මාගේ භාරකරු. තවද ඔහු දැහැමියන් භාර ගන්නාය.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
7:197
තවද ඔහුගෙන් තොරව නුඹලා ඇරයුම් කරන්නන් වනාහි ඔවුහු නුඹලාට උදව් කිරීමට හැකියාව නොදරති. තවද ඔවුන් ඔවුන්ටම පවා උදව් කිරීමට නොහැකි වෙති.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
7:198
තවද යහ මඟ වෙත නුඹ ඔවුන් ඇරයුම් කරන්නෙහි නම් ඔවුහු (ඊට) සවන් නොදෙති. තවද ඔවුන් නුඹ වෙත බලා සිටිනාක් මෙන් නුඹ ඔවුන් දකිනු ඇත. (නමුත්) ඔවුහු නොබලති.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼ
7:199
(නබිවරය නුඹ) සමාව පිළිපදිනු. තවද යහපත අණ කරනු. තවද අඥානයින් නොසලකා හරිනු.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
7:200
ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් නුඹට බලපෑම් කළ විට, නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
7:201
නියත වශයෙන්ම දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් වනාහි ඔවුනට ෂෙයිතාන්ගෙන් යම් බලපෑමක් ස්පර්ශ වූ විට ඔවුහු (අල්ලාහ් ව) මෙනෙහි කරති. එවිට ඔවුහු අවදි වී බලන්නන් වෙති.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝ
7:202
(ෂෙයිතානුන් වන) ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන් නොමඟට ඇද ගෙන යති. පසුව ඔවුහු (ඒ සම්බන්ධයෙන්) කිසිදු අඩුවක් නොකරති..
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘ
7:203
තවද (නබිවරය,) නුඹ ඔවුන් වෙත සාධකයක් නොගෙනා විට දී ‘නුඹ එය ගෙන ආ යුතු නොවේදැයි? ඔවුහු විමසුවෝය. මා පිළිපදිනුයේ මාගේ පරමාධිපතිගෙන් මා වෙත දන්වනු ලබන දෑ පමණය. මෙය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක වෙති. තවද දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා වන මඟපෙන්වීමක් හා දයාවකි යැයි නුඹ පවසනු.
ﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
7:204
අල්-කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬ ව සිටිනු. (එමඟින්) නුඹලා දයාව දක්වනු ලැබිය හැක.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
7:205
තවද උදේ හා සවස යටහත් පහත්ව හා බියෙන් යුතුව, උස් හඬින් තොර ප්‍රකාශයන් තුළින් නුඹ තුළම නුඹගේ පරමාධිපති ව නුඹ සිහිපත් කරනු. තවද නුඹ අනවධානීන් අතරින් නොවනු.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿ
7:206
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් වනාහි ඔවුහු ඔහුට ගැතිකම් කිරීමට උඩඟු නොවෙති. තවද ඔවුහු ඔහුව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







