සූරා අල්-අහ්කාෆ් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-අහ්කාෆ් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-අහ්කාෆ් පරිවර්තනය. අල්-අහ්කාෆ් (Meccan) 35 ආයාත්.
Related
- අල්-අහ්කාෆ් පරිවර්තනයසිංහල
- අල්-අහ්කාෆ් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-අහ්කාෆ්

ﮑﮒ
හා මීම්.
ﮓﮔﮕﮖﮗﮘﮙ
මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
සත්‍යය හේතුවක් හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නොමැව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන්ය.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැයි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස්(මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ බුද්ධිමය සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නොසපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවුද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු අනවධානීහු වෙති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳ ව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
ﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩ
තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය එම සත්‍ය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසූහ.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මම එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නොදරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත්ය. තවද ඔහු අතික්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡ
“ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නොවූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැයි මම නොදනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නොපිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු.
ﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
“එය අල්ලාහ් වෙතින් පැමිණ තිබියදීත්, ඉස්රාඊල් දරුවන් අතරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂිද දරා, පසු ව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩඟු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහුද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
“එය යහපතක් වී නම් ඒ කෙරෙහි ඔවුන් අප පසුකර නොයනු ඇත යැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසුවෝය. තවද එමගින් ඔවුහු යහමග නොලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
ﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
තවද එයට පෙර මෙහෙයවන්නක් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචියක් ලෙස ද අරාබි බසින් වූ ග්‍රන්ථයකි. (එය හා මීට පෙර පහළ වූ ග්‍රන්ථ) තහවුරු කරන්නකි.
ﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑ
‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.
ﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛ
ඔවුහු ස්වර්ග වැසියෝය. එහි සදාතනිකයින්ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්‍රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේය.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
ඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහුමය. තවද අපි ඔවුන්ගේ පාපකම් නොසළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතරය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
තවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත් ව ගොස් ඇතැ”යි පැවසීය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” පැවසූ විට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පැවසීය.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
තමන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් අතරින් වූ සමූහයන් අතරය. නියත වශයෙන්ම ඔවුහු පරාජිතයින් වූවෝය.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
සෑම කෙනෙකුටම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නොලබති.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎ
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොර ව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
තවද ආද්ගේ සහෝදරයා වැලිකඳු මත සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත් ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) නැමදුම් නොකරනු. නියත වශයෙන්ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸ
“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසුවෝය.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆ
“නියත වශයෙන්ම එම දැනුම අල්ලාහ් අබියසය. තවද කවර දෙයක් සමග මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. නමුත් වටහා නොගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසීය.
ﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
ඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නොව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නොලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. වැරදි කරන ජනයාහට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙසය.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
තවද කවර විෂයක අපි නුඹලාට පහසුකම් ලබා නොදුන්නෙමු ද එවන් දෑහි සැබැවින්ම අපි ඔවුනට පහසුකම් ලබා දුනිමු. තවද අපි ඔවුනට සවන්, බැල්ම හා හදවත් ද ඇති කළෙමු. නමුත් අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ බැල්ම හෝ ඔවුන්ගේ හදවත් කිසිවකින් හෝ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.
ﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
තවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින්ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌ
අල්ලාහ් හැර දමා සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නොවේ ද? එසේ නොව ඔවුහු ඔවුන්ගෙන් සැඟවී වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුව හා ඔවුන් ගොතමින් සිටි දෑය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
තවද අප නුඹ වෙත අල් කුර්ආනය සවන් දෙන්නට ජින් වර්ගයාගෙන් පිරිසක් යොමු කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් ඔහු වෙත පැමිණි කල්හි “නුඹලා නිහඬ ව සවන් දෙනු” යැයි ඔවුහු පැවසුවෝය. පසු ව (පාරායනය)අවසන් වූ කල්හි ඔවුහු තම සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියහ.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸ
අහෝ අපගේ ජනයිනි! මූසාගෙන් පසු ව, එයට ඉදිරියේ පැවති දෑ තහවුරු කරමින් පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයකට නියත වශයෙන්ම අපි සවන් දුනිමු. එය සත්‍යය වෙත හා ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇත.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
“අහෝ අපගේ ජනයිනි! අල්ලාහ්ගේ කැඳවුම්කරුට නුඹලා ප්‍රතිචාර දක්වනු. තවද නුඹලා ඔහු විශ්වාස කරනු. නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙන්නේය. තවද වේදනීය දඬුවමින් ඔහු නුඹලා මුදවා ගන්නේය.
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
“තවද, කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට ප්‍රතිචාර නොදක්වන්නේ ද එවිට ඔහු මහපොළොවේ (අල්ලාහ්ව අබිබවා යන්නට) හැකියාව ඇත්තෙක් නොවේ. තවද ඔහුගෙන් තොර ව ඔහුට ආරක්ෂකයෙක් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහිය.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නොවූ අල්ලාහ් මළවුනට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නොදුටුවෝ ද? එසේය, නියත වශයෙන්ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
තවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නොවේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
එහෙයින් ධර්ම දූතවරුන් අතරින් දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නොවනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින (එය) දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නොවූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. දුෂ්ඨ ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේද?
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







