සූරා අල්-මුනාෆිකුන්
PDF —
11 ආයාත් Medinan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-මුනාෆිකුන් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-මුනාෆිකුන් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මුනාෆිකුන් පරිවර්තනය. අල්-මුනාෆිකුන් (Medinan) 11 ආයාත්.



සූරා අල්-මුනාෆිකුන්
11 ආයාත් · Medinan · සිංහල
bismillah
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන්ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. තවද නියත වශයෙන්ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
ඔවුන්ගේ දිවුරීම් ඔවුන් පලිහක් ලෙස ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝය. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
එය නියත වශයෙන්ම ඔවුන් විශ්වාස කොට පසු ව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්රා තබනු ලැබීය. එහෙයින් ඔවුහු වටහා නොගනු ඇත.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹව විශ්මයට පත් කරනු ඇත. තවද ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන්ම ඔවුන් හේත්තු කර තැබු ලී කොටක් මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහුමය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟ
තවද “නුඹලා එනු. අල්ලාහ්ගේ දූතයාණන් නුඹලා වෙනුවෙන් සමාව අයැදිනු ඇතැයි” ඔවුනට කියනු ලැබූ විට ඔවුහු ඔවුන්ගේ හිස් හරවා ගනිති. ඔවුන් උඩඟු වූවන් ලෙස සිටිමින් (අල්ලාහ්ගේ මාර්ගයෙන්) ඔවුන් අවහිර කිරීම නුඹ දකිනු ඇත.
ﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටිය ද ඔවුන් වෙනුවෙන් නුඹ සමාව නොඇයද සිටිය ද ඔවුන් වෙත එක සමානය. අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේමය. නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයාට මග නොපෙන්වයි.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
ඔවුන් වනාහි ‘අල්ලාහ්ගේ දූතයාණන් අබියස සිටින්නන් කෙරෙහි ඔවුන් වෙන් ව යන තුරු නුඹලා වියදම් නොකරනු’ යැයි (අන් අයට) පවසන්නෝ වෙති. අහස් හා මහපොළොවෙහි සම්පත් අල්ලාහ් සතුය. එනමුත් කුහකයින් වටහා නොගනිති.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
“අප මදීනාව වෙත හැරී ආවේ නම් උසස් අය පහත් අය ව එයින් පිටුවහල් කරනු ඇතැ”යි ඔවුහු පවසති. සියලු ගෞරවයන් අල්ලාහ් සතුය. තවද ඔහුගේ දූතයාණන් හා දේවත්වය විශ්වාස කරන්නන් සතුය. නමුත් කුහකයින් අවබෝධ කර නොගනිති.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් අල්ලාහ් මෙනෙහි කිරීමෙන් නුඹලා වෙනතකට යොමු නොකරත්වා! කවරෙකු එය සිදු කරන්නේ ද එවිට ඔවුහුමය අලාභවන්තයෝ.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦ
තවද නුඹලා අතරින් කෙනෙකුට මරණය පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. “මාගේ පරමාධිපතියාණනි! මද කලකට ඔබ මා ප්‍රමාද කළ යුතු නොවේ ද? එවිට මම පරිත්යාග කරමි. තවද දැහැමියන් අතරින් කෙනෙකු වෙමි” යැයි ඔහු පවසයි.
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
තවද අවසන් කාලය පැමිණි විට කිසිදු ආත්මයක් අල්ලාහ් ප්‍රමාද නොකරන්නේමය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers