සූරා අල්-ජුමුආ
PDF —
Built right in your browser — download starts automatically
සූරා අල්-ජුමුආ pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ජුමුආ pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ජුමුආ පරිවර්තනය. අල්-ජුමුආ (Medinan) 11 ආයාත්.
Related
- අල්-ජුමුආ පරිවර්තනයසිංහල
- අල්-ජුමුආ mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-ජුමුආ

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ට සුවිශුද්ධ කරයි. (ඔහු) රජුය. පාරිශුද්ධය. සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
ඔහු වනාහි ලිවීමට හෝ කියවීමට නොහැකි අය අතරට ඔහුගේ වදන් ඔවුනට පාරායනය කර පෙන්වන, තවද ඔවුන් පිවිතුරු කරන, එමෙන්ම ධර්ම ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන ධර්ම දූතයකු එවීය. මීට පෙර ඔවුහු පැහැදිලි මුළාවක සිටියෝ ය.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
තවද ඔවුන් සමග මෙතෙක් එකතු නොවූ, ඔවුන් අතර වන පසුගාමීන් අතරට ද (එවීය.) තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
එය අල්ලාහ්ගේ භාග්යයකි. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් වූ භාග්යය සම්පන්නය.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣ
තව්රාතය උසුලන්නට සලස්වනු ලැබ, පසු ව එය නොඉසිලූ අයට උපමාව පොත් පොදියක් උසුලන බූරුවාගේ උපමාව වැනිය. අල්ලාහ්ගේ වදන් බොරු කළ ජනයාගේ උපමා ව නපුරු විය. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
ﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
“අහෝ යුදෙව් වූවනි! සෙසු ජනයාට වඩා නියත වශයෙන්ම නුඹලා අල්ලාහ්ගේ සුමිතුරන් යැයි තරයේ විශ්වාස කළෙහු නම් එසේම නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා මරණයට ආශා කරනු” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුහු එය (මරණය) කිසිවිටෙක ආශා නොකරති. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ ව සර්ව ඥානීය.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
“නියත වශයෙන්ම නුඹලා එයින් පලා යන මරණය වනාහි සැබැවින්ම එය නුඹලා ව හමුවනු ඇත. පසු ව අදෘශ්‍ය දෑ හා දෘශ්යමාන දෑ පිළිබඳ සර්වඥයාණන් වෙත නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වනු ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ජුමුආ (සිකුරාදා) දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලු ව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත්ය.
ﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
සලාතය ඉටු කිරීම අවසන් කරනු ලැබූ විට නුඹලා මහපොළොවේ විසිර ගොස් අල්ලාහ්ගේ භාග්යය සොයනු. තවද නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව අධික ලෙස මෙනෙහි කරනු.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
එහෙත්, ඔවුහු යම් වෙළඳාමක් හෝ යම් විනෝදයක් දුටු විට, නුඹ ව සිටගත් තත්ත්වයේම අත හැර දමා ඒ වෙත ඔවුහු යති. අල්ලාහ් අබියස ඇති දෑ විනෝදයට හා වෙළඳාමට වඩා ශ්‍රේෂ්ඨය. තවද අල්ලාහ් පෝෂකයින්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







