📖 0/604 කියවූ පිටු
📄 496
සූරා අද්-දුඛාන්

සූරා අද්-දුඛාන්

44:3
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٍ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ ٣
නියත වශයෙන්ම භාග්යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
44:5
أَمۡرًا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ ٥
(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.
44:6
رَحۡمَةً مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦
(එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
44:7
رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ٧
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
44:8
لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ٨
ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
44:10
فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٍ مُّبِينٍ ١٠
එහෙයින් අහස පැහැදිලි දුමාරයක් රැගෙන එන දිනය (නබිවරය!) නුඹ බලාපෙරොත්තුවෙන් සිටිනු.
44:11
يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ ١١
එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
44:12
رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ ١٢
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
44:13
أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٌ مُّبِينٌ ١٣
ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
44:14
ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٌ مَّجۡنُونٌ ١٤
පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝය.
44:15
إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ ١٥
නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝය.
44:16
يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ ١٦
දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි සම ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
44:17
۞ وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٌ كَرِيمٌ ١٧
තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේය.
44:18
أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٌ ١٨
“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Sunday, August 30, 2026
Don't forget us in your sincere prayers







