සූරා අන්-නූර්
PDF —
Built right in your browser — download starts automatically
සූරා අන්-නූර් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අන්-නූර් pdf සිංහල — බාගත කරන්න සූරා අන්-නූර් පරිවර්තනය. අන්-නූර් (Medinan) 64 ආයාත්.
Related
- අන්-නූර් පරිවර්තනයසිංහල
- අන්-නූර් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අන්-නූර්

ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. තවද අපි එය (නුඹලා උදෙසා) නියම කළෙමු. තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස අපි එහි පැහැදිලි වදන් පහළ කළෙමු.
ﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) කාන්තාව හා කාම අපචාරයේ යෙදුණු (අවිවාහක) පිරිමියා යන දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කස පහර සියයක් බැගින් නුඹලා කසපහර දෙනු. නුඹලා අල්ලාහ් පිළිබඳ ව හා පරමාන්ත දිනය පිළිබඳ ව විශ්වාස කරමින් සිටියෙහු නම් අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු අනුකම්පාවක් නුඹලා ව ග්රහණය නොකළ යුතුය. ඔවුන් දෙදෙනාට දෙන දඬුවමෙහි දේවත්වය විශ්වාස කරන්නන්ගෙන් පිරිසක් සාක්ෂි ලෙස සිටිය යුතුයි.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
කාම අපාචාරයේ යෙදුණු පිරිමියා කාම අපචාරයේ යෙදුණ කාන්තාවකු හෝ දෙවියන්ට ආදේශ තැබූ කාන්තාවකු මිස වෙනත් කිසිවකු විවාහ කර නොගනියි. තවද කාම අපචාරයේ යෙදුණු කාන්තාව වන ඇය ව කාම අපචාරයේ යෙදුණු පිරිමියෙකු හෝ දෙවියන්ට ආදේශ තැබූ අයකු මිස විවාහ කර නොගනියි. එවැන්නක් දේවත්වය විශ්වාස කරන්නන් හට තහනම් කරනු ලැබූවකි.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
තවද පතිවත රකින කාන්තාවන්ට චෝදනා එල්ල කොට පසු ව සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු රැගෙන නොආවේ නම් එවිට නුඹලා ඔවුනට කසපහරවල් අසූවක් පහර දෙනු. කිසිවිටෙක ඔවුන්ගෙන් කිසිදු සාක්ෂියක් නුඹලා පිළිනොගනු. තවද ඔවුහුමය පාපතරයෝ.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
නමුත් ඉන්පසු ව පශ්චාත්තාපයේ වී හැඩගැසුණු අය හැරය. එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
ﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟ
තවද ඔවුන්ගේ බිරින්දෑවරුන්ට අපවාද එල්ල කොට ඔවුනට ඔවුන් හැර වෙනත් සාක්ෂිකරුවන් නොවී නම් ඔවුන් එක් අයකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්යවාදීන් අතරින් යැයි අල්ලාහ් මත දිවුරා සිව්වරක් සාක්ෂි දැරීමය.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
තවද තමන් මූසාවාදීන් අතරින් නම් තමන් වෙත අල්ලාහ්ගේ ශාපය අත්වේවා යැයි පස්වැනි වරට සාක්ෂි දැරීමය.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
තවද නියත වශයෙන්ම ඔහු මුසාවාදීන් අතරින් යැයි ඇය අල්ලාහ් මත සිව්වරක් දිවුරා සාක්ෂි දැරීම (ඇයට හිමි වන) එම දඬුවම ඇයගෙන් ඉවත් කරනු ඇත.
ﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿ
තවද ඔහු (ඇගේ සැමියා) සත්යවාදීන් අතරින් නම් ඇය වෙත අල්ලාහ්ගේ උදහස ඇතිවේවා! යැයි පස්වැනි වරට (ඇය) දිවුරා සාක්ෂි දැරීමය.
ﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
තවද නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලි විනාශ වී යන්නට තිබිණ) තවද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා ප්‍රඥාවන්තය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
නියත වශයෙන්ම අපවාදය රැගෙන ආවේ නුඹලා අතරින් වූ පිරිසකි. නුඹලාට එය නපුරක් යැයි නුඹලා නොසිතනු. නැත, එය නුඹලාට යහපතකි. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම පාපයෙන් තමන් උපයා ගත් දෑ ඇත. ඔවුන් අතරින් එහි විශාල කොටසක් පවරා ගත් අයට මහත් වූ දඬුවමක් ඇත.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
නුඹලා එය ඇසූ විට දේවත්වය විශ්වාස කරන පුරුෂයින් හා කාන්තාවන් තම ප්‍රජාව පිළිබඳ යහපතක් සිතා මෙය පැහැදිලි අපවාදයක් යැයි පැවසිය යුතු නොවේද?
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎ
ඒ වෙත සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු ගෙන ආ යුතු නොවේද? එසේ එම සාක්ෂිකරුවන් ඔවුන් නොගෙන ආ විට අල්ලාහ් අබියස ඔවුහුමය මුසාවාදීහූ.
ﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
තවද මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නුඹලා වෙත නොවී නම් කවර විෂයක් සම්බන්ධයෙන් නුඹලා කතා කළෙහු ද එහි මහත් වූ දඬුවම නුඹලා ස්පර්ශ කරන්නට තිබුණි.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
නුඹලාගේ දිවවල් වලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවල් වලින් පවසන්නෙහුය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහුය. නමුත් එය අල්ලාහ් අබියස අති බිහිසුණුය.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟ
නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නොවේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධය. මෙය අතිමහත් අපවාදයකි යැ’යි නුඹලා පවසන්නට තිබුණා නොවේ ද?
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා නැවත කිසිවිටක එසේ හැරීමෙන් වැළැක්වීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈ
නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.
ﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒ
තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නොවී නම් (නුඹලා විනාශ වන්නට තිබුණි.) නමුත් නියත වශයෙන්ම අල්ලාහ් සානුකම්පිතය; මහා කරුණාන්විතය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර අනුගමනය කරන්නේ ද එවිට (දැනගනු!) ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය සහ ඔහුගේ කරුණාව නොවී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පිවිතුරු නොවනු ඇත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව ඥානීය.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
තවද සමීප ඥාතීන්ට, දුප්පතුන්ට, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගියවුන්ට පිරි නොනමන බවට නුඹලා අතරින් භාග්ය සම්පන්නයින් හා වස්තුව ඇත්තන් දිවුරිය නොයුතුය. (ඔවුනට) ඔවුහු සමාව දෙත්වා! තවද (ඒ ගැන)නොසළකා හරිත්වා! අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්රිය නොකරන්නෙහු ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොවෙහි හා මතු ලොවෙහි ශාප කරනු ලැබුවෝය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
ﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ දිවවල් ද ඔවුන්ගේ අත් ද ඔවුන්ගේ පාද ද ඔවුනට එරෙහි ව එදින සාක්ෂි දරනු ඇත.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
එදින ඔවුන් ගැන සැබෑ විනිශ්චය අල්ලාහ් ඔවුනට පූර්ණ ව පිරිනමයි. නියත වශයෙන්ම අල්ලාහ් වනාහි ඔහුමය පැහැදිලි සත්යය වනුයේ යැයි ඔවුහු දැන ගනු ඇත.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
අසභ්ය කාන්තාවෝ අසභ්ය පුරුෂයින් වෙනුවෙනි. තවද අසභ්ය පුරුෂයෝ අසභ්ය කාන්තාවන් වෙනුවෙනි. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් වෙනුවෙනි. තවද දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් වෙනුවෙනි. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන නිවෙස් වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නොවනු. එය නුඹලාට ශ්රේෂ්ඨය. (මෙය) නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
නමුත් එහි කිසිවකු හෝ නුඹලා නොදුටුවෙහු නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නොවනු. නුඹලා හැරී යනු යැයි නුඹලාට කියනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යනු. එය නුඹලාට වඩාත් පිවිතුරුය. තවද නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
නුඹලාට අවශ්යතා ඇති එහි කිසිවකු වාසය නොකරන නිවෙස් වලට නුඹලා ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නොවේ. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දනියි.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන්ද ඔවුන්ගේ ලිංගේන්ද්රියන් ආරක්ෂා කරන මෙන් ද නුඹ පවසනු. එය ඔවුනට වඩාත් පිවිතුරු වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
තවද දේවත්වය විශ්වාස කරන කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්රියන් ආරක්ෂා කරන මෙන්ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතරින් කාමාශාවකින් තොර ව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්රීන්ගේ රහස්ය පෙදෙස් ගැන වැටහීමක් නැති දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නොකළ යුතුය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද (පොළවෙහි) නොගැසිය යුතුය. තවද අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන් අතරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්යාපකය; සර්ව ඥානීය.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
තවද විවාහය සඳහා (යමක්) නොලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පිවිතුරුභාවය රැකිය යුතුය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පිවිතුරුභාවය රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නොකරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ ද එසේ ඔවුනට බල කරනු ලැබීමෙන් පසු ව ද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
තවද සැබැවින්ම අපි නුඹලා වෙත පැහැදිලි කරන වදන් ද නුඹලාට පෙර ඉකුත් ව ගියවුන් පිළිබඳ නිදසුන් ද බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁ
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති බිත්ති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළය. එම පළිඟු ව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම තෙල) ස්පර්ශ නොකළ ද එය ආලෝකය විහිදුවයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
ﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐ
ඒවා උසට ඉදිකරනු ලබන්නටත් එහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලබන්නටත් (අල්ලාහ්ගේ) නිවෙස් හි අල්ලාහ් අවසර දී ඇත. එහි උදේ සවස ඔහු ව (මිනිසුන්) ඔහුව සුවිශුද්ධ කරති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
(ඔවුහු) තම ව්යාපාරය හෝ ගනු දෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්රහය තුළින් ඔවුනට සමෘධිමත් කරනු පිණිසත්ය. තවද අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරයි.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමානය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. නමුත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නොදකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ් ව දකිනු ඇත. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
ﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
එසේ නැතහොත් (ඔවුන්ගේ ක්‍රියාවන් වනාහි) ගැඹුරු මුහුදෙහි පවතින අන්ධකාරයන් මෙනි. රළක් එය ආවරණය කරයි. ඊට ඉහළින් තවත් රළකි. ඊට ඉහළින් වලාකුලකි. අන්ධකාරයන් ඒවායෙහි සමහරක් සමහරකට ඉහළින් පවතී. ඔහු තම අත බැහැර කළ ද ඔහුට එය දැක ගත නොහැකි වෙයි. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකය ඇති නොකරන්නේ ද එවිට කිසිදු ආලෝකයක් ඔහුට නොමැත.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද තටු විහිදුවා ගත් පක්ෂීන් ද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ව සුවිශුද්ධ කරන වග නුඹ නොදුටුවෙහිද? තම නැමදුම හා සුවිශුද්ධ කිරීම ගැන සැබැවින්ම සෑම කෙනෙකුම දැන සිටියි. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ් සතුය. තවද නැවත යොමුවන ස්ථානය අල්ලාහ් වෙතය.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚ
අල්ලාහ් වලාකුළු සෙමින් ගමන් කරවා පසු ව ඒ අතර අමුණා පසු ව එය එකින් එක මත පිහිටන ඝන වලාකුළුක් බවට පත් කිරීම නුඹ නොදුටුවෙහි ද? එවිට ඒ අතරින් බැහැර වන වර්ෂාව නුඹ දකිනු ඇත. අහසෙහි ඇති (වලා) කඳු වලින් සීත හිම ඔහු පහළ කරයි. එවිට එය ඔහු අභිමත කරන අයට ලබන්නට සලස්වන අතර ඔහු අභිමත කරන අයගෙන් එය හරවා යවයි. එහි අකුණු එළිය දෘෂ්ටීන් පැහැර ගන්නාක් මෙන් වෙයි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜ
අල්ලාහ් රාත්‍රිය හා දහවල පෙරළයි. නියත වශයෙන්ම දෘෂ්ටීන් ඇත්තන් හට එහි පාඩමක් ඇත.
ﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌ
තවද අපි පැහැදිලි වදන් සැබැවින්ම පහළ කළෙමු. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට ඍජු මාවත වෙත මග පෙන්වනු ඇත.
ﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
තවද අපි අල්ලාහ් හා ධර්ම දූතයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේය. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
තවද අල්ලාහ් වෙත හා ඔහුගේ ධර්ම දූතයා වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නෝ වූහ
ﮪﮫﮬﮭﮮﮯﮰﮱ
තවද සත්‍යය ඔවුනට පක්ෂව පිහිටියේ නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝද? එසේත් නැතහොත් ඔවුනට එරෙහි ව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත්ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහුමය.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
ඔවුන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දේවත්වය විශ්වාස කරන්නන්ගේ ප්‍රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්නය. තවද ජය ලබන්නෝ ඔවුහුමය.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ්ට බිය වී ඔහුට බැතිමත් වන්නෝ ද එවිට ජය ලැබූවෝ ඔවුහුමය.
ﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙ
තවද (යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නොකරනු. අවනත වීම ප්‍රකට කරුණකි. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත බව (නබිවරය!) නුඹ පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද පණිවිඩකරුට ද අවනත වනු යැයි (නබිවරය!) නුඹ පවසනු. නමුත් නුඹලා පිටුපෑවෙහු නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහිය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. පණිවිඩකරු වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම මිස නැත.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔ
තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නොකරති. තවද මින් පසු ව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහුමය පාපතරයෝ.
ﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
තවද නුඹලා දයාව ලබනු පිණිස නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. සකාත් ද පිරිනමනු. රසූල්වරයාට ද අවනත වනු.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් මහපොළොවේ (අල්ලාහ්ගේ සැලසුම්) නොහැකියාවට පත් කරන්නන් යැයි නුඹලා නොසිතිය යුතුය. ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. තවද ඔවුන් යොමු වන ස්ථානය නපුරු විය.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය ද වැඩිවියට ළඟා නොවූ අය ද නුඹලාගෙන් (අවස්ථා) වාර තුනක් අවසර පැතිය යුතුය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද මධ්යහ්න කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු අතර නිතර සැරිසරන්නෝ වෙති. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්වඥානීය; මහා ප්‍රඥාවන්තය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
තවද නුඹලා අතර වූ දරුවන් වැඩිවියට පත් වූ විට ඔවුනට පෙර (වැඩිවියට පත්) වූවන් අවසර පැතුවාක් මෙන් ඔවුන්ද අවසර පැතිය යුතුය. අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥා වන්තය.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀ
තවද විවාහයක් අපේක්ෂා නොකරන කාන්තාවන් අතරින් වයෝවෘද්ධ කාන්තාවන් වනාහි ඔවුන් (තම) අලංකාරය ප්‍රදර්ශයනය කිරීමෙන් තොර ව (මතුපිට) ඇඳුම් ගලවා තැබීම ඔවුන් කෙරෙහි වරදක් නොමැත. නමුත් ඔවුන් තැන්පත් බව රැකීම ඔවුනට වඩාත් උතුම්ය. තවද අල්ලාහ් සර්වශ්රාවකය; සර්වඥානීය.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
නුඹලාගේ නිවෙස් වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ යතුරු තමන් සන්තකයේ ඇති නිවෙස් වල හෝ නුඹලාගේ මිතුරන්ගේ නිවෙස් වල හෝ නුඹලා ආහාර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. එමෙන් ම අන්ධයා කෙරෙහි හෝ කොරා කෙරෙහි හෝ රෝගියා කෙරෙහි හෝ වරදක් නැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන් ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස් වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. අල්ලාහ් නුඹලාට එලෙස එම වදන් පැහැදිලි කරනුයේ නුඹලා වටහා ගනු පිණිසය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
දේවත්වය විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන්ය. තවද ඔවුහු ඔහු සමග යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නොයති. නියත වශයෙන්ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහුමය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ වන්නේ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතරින් නුඹ කැමති අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට අමතන සේ නුඹලා අතර රසූල්වරයාව නොඅමතනු. නුඹලා අතරින් සැඟ වී ලිස්සා යන්නන් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දනී. ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්‍රවේශම් විය යුතුය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතුය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින්ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







