සූරා අල්-ෆුර්කාන්
PDF —
Built right in your browser — download starts automatically
සූරා අල්-ෆුර්කාන් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-ෆුර්කාන් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ෆුර්කාන් පරිවර්තනය. අල්-ෆුර්කාන් (Meccan) 77 ආයාත්.
Related
- අල්-ෆුර්කාන් පරිවර්තනයසිංහල
- අල්-ෆුර්කාන් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-ෆුර්කාන්

ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත (සත්ය හා අසත්ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
ඔහු වනාහි, අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය සතු අයයි. තවද ඔහු දරුවකු නොගත්තේය. තවද එම ආධිපත්යය තුළ ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඔහු සියලු දෑ මැව්වේය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ
තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝය. ඔවුන් කිසිවක් නොමවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නොදරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නොදරනු ඇත.
ﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
තවද මෙය ඔහු ගෙතූ ප්‍රබන්ධයක් මිස නැත. මේ සඳහා වෙනත් පිරිසක් ඔහුට උදව් කළේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. එහෙයින් සැබැවින්ම ඔවුහු අපරාධයක් හා අවලාදයක් ගෙන ආවෝය.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
තවද ඒවා ඔහු ලියවා ගත් මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් වෙති. ඒවා ඔහු වෙත උදේ සවස කියවා පෙන්වනු ලැබේ යැයි ඔවුහු පවසති.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
අහස්හි හා මහපොළොවේ රහස්ය දෑ දන්නා, එය පහළ කළේය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී හා මහා කරුණාන්විතයාණන් විය යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
තවද මෙම දූතයාණන්ට කුමක් වී ද? ඔහු ආහාර අනුභවය කරයි. වෙළඳ පොළ වල්හි සැරිසරයි. මොහු වෙතට මලක්වරයකු පහළ කරනු ලැබ මොහු සමග (එක්) වී ඔහු අවවාද කරන්නකු ලෙස සිටිය යුතු නොවේ ද? යැයි ඔවුහු පවසති.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
එසේ නැතහොත් ඔහු වෙතට නිධානයක් දෙනු ලැබිය යුතු නොවේ ද? එසේත් නැතහොත් ඔහුට උයනක් වී එමගින් අනුභව කළ යුතු නොවේ ද? තවද නුඹලා අනුගමනය කරනුයේ හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතැයි අපරාධකරුවෝ පැවසුවෝය.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
(නබිවරය!) ඔවුහු නුඹට උපමා ගෙන හැර පානුයේ කෙසේ දැ?යි නුඹ අධීක්ෂණයෙන් බලනු. ඔවුහු නොමග ගියෝය. එහෙයින් ඔවුහු (යහ) මගක් ලබන්නට හැකියාව නොදරති.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
ඔහු (අල්ලාහ්) උත්කෘෂ්ට විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම් මීට වඩා ශ්රේෂ්ඨ දෑ වශයෙන්, ඒවාට යටින් ගංගා ගලා බස්නා උයන් නුඹට තනා දෙන්නටත් තවද ඔහු නුඹට මාලිගාවන් තනා දෙන්නටත් තිබුණි.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼ
නමුත් ඔවුහු අවසන් හෝරාව පිළිබඳ බොරු කළෝය. තවද අවසන් හෝරාව බොරු කළවුනට අපි ඇවිළෙන නිරා ගින්න සූදානම් කළෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
ඈත ස්ථානයක සිට එය ඔවුන්ව දකින විට එහි බුර බුරා නැගෙන මහා හඬකට ද මහා ඝෝෂාවකට ද ඔවුහු සවන් දෙති.
ﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
තවද ඔවුන් විලංගු දමනු ලැබූවන් ලෙසින් එහි පටු තැනකට හෙළනු ලැබූ විට, ඔවුහු එහි විනාශය අයැදිති.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭ
අද දින නුඹලා එක් විනාශයක් පමණක් නොඅයැදිනු. නුඹලා විනාශයන් රාශියක් අයැදිනු. (යැයි ඔවුනට පවසනු ලැබේ.)
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
එය උතුම් ද? එසේ නැතහොත් බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ සදාතනික ස්වර්ගය උතුම් ද? එය ඔවුනට ප්‍රතිඵලයක් හා අවසානයේ යොමු වන ස්ථානයක් විය යැයි (නබිවරය!) නුඹ පවසනු!
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
ඔවුනට එහි ඔවුන් අභිමත කරන දෑ ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. මෙය නුඹගේ පරමාධිපති වෙතින් ඉටු කරනු ලබන ප්‍රතිඥාවක් විය.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
තවද එදින ඔවුන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දෑ ඔහු එක් රැස් කොට මාගේ ගැත්තන් වන මොවුන් නොමග යැව්වේ නුඹලා ද? එසේ නැතහොත් මොවුන් ම ඍජු මාර්ගයෙන් නොමග ගියෝ දැ?යි (අල්ලාහ්) විමසනු ඇත.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
නුඹ සුපිවිතුරුය. නුඹගෙන් තොර ව භාරකරුවන් ගැනීමට අපට යුතු නොවීය. එනමුත් ඔවුන් මෙනෙහි කිරීම අමතක කරන තරමට නුඹ ඔවුනට හා ඔවුන්ගේ මුතුන් මිත්තන් හට භුක්ති විඳින්නට සැප පහසුකම් සැළැස්වූවෙහිය. තවද ඔවුහු විනාශ වී යන පිරිසක් වූහ යැයි ඔවුහු පවසා සිටිනු ඇත.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
නමුත් නුඹලා පවසන දෑ සම්බන්ධයෙන් සැබැවින්ම ඔවුහුම නුඹලා බොරු කළෝය. එහෙයින් (දඬුවමින්) හැරෙන්නට හෝ උදව් ලබන්නට හෝ නුඹලා ශක්තිය නොදරන්නෙහුය. තවද නුඹලා අතරින් කවරෙකු අපරාධ කරන්නේ ද අපි ඔහුට මහත් වූ දඬුවමක් භුක්ති විඳින්නට සළස්වමු.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
තවද නුඹට පෙර වූ ධර්ම දූතයින් අතරින් ඔවුන් ආහාර අනුභව කරන්නන් හා වෙළඳපොළවල්හි ගමන් කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට පරීක්ෂණයක් බවට පත් කළෙමු. නුඹලා ඉවසා දරා ගන්නෙහු ද? තවද නුඹගේ පරමාධිපති සර්ව නිරීක්ෂක විය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
තවද අපගේ හමුව බලාපොරොත්තු නොවන්නන් අප වෙත මලක්වරුන් පහළ කරනු ලැබ තිබිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති අපි දැකිය යුතු නොවේ ද? යැයි පැවසුවෝය. සැබැවින්ම ඔවුන් ඔවුන් විෂයෙහි උඩඟු වූහ. තවද මහත් ලෙස සීමාව ඉක්මවා කටයුතු කළෝය.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
මලක්වරුන්ව ඔවුන් දකින දින කිසිදු ශුභාශිංසනයක් අපරාධකරුවන්ට එදින නොමැත. තවද වළක්වනු ලබන බාධකයක් විය යැයි ඔවුහු පවසති.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
තවද ක්රියාවෙන් ඔවුන් සිදු කළ දෑ වෙතට අපි යොමුවන්නෙමු. පසු ව අපි එය විහිඳුණු දූවිලි බවට පත් කරන්නෙමු.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃ
(ස්වර්ග) උයනේ වැසියෝ එදින වාසස්ථානයෙන් ශ්රේෂ්ඨයෝ වෙති. තවද (මධ්යහ්න) විවේකී ස්ථානයෙන් ද වඩාත් අලංකාර වෙති.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋ
තවද එදින වලාකුළු මගින් අහස පැළී, මලක්වරුන් පියවරෙන් පියවර පහළ කරනු ලබති.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
එදින සැබෑ ආධිපත්යය කරුණාන්විතයාණන් සතුය. තවද එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් විය.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
තවද එදින අපරාධකරු, තම දෑත් සපා කමින් අහෝ! දූතයාණන් සමග මා මගක් ගන්නට තිබුණා නොවේ දැයි ඔහු පවසයි.
ﮣﮤﮥﮦﮧﮨﮩ
අහෝ මාගේ විනාශය! මම අසවල් පුද්ගලයා මිතුරෙකු සේ නොගන්නට තිබුණා නොවේ ද?
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
මෙනෙහි කිරීම (අල් කුර්ආනය) මා වෙත පැමිණි පසු ව සැබැවින්ම ඔහු මා එයින් නොමග යැවීය. තවද ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියකු විය.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
තවද අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ ජනයා මෙම අල් කුර්ආනය පිටුදකිනු ලබන්නක් ලෙස ගත්තෝය යැයි රසූල්වරයා පැවසීය.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
තවද එලෙස අපි සෑම නබිවරයෙකුටම අපරාධකරුවන් අතරින් සතුරෙකු පත් කළෙමු. තවද යහ මඟ පෙන්වන්නෙකු වශයෙන් හා උදව්කරුවෙකු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් විය.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀ
තවද ඔහු වෙත අල් කුර්ආනය එකවර එකම ගොනුවක් සේ පහළ කළ යුතු නොවේ දැ? යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පැවසුවෝය. (අහෝ මුහම්මද්!) එලෙස අපි එමගින් නුඹගේ හදවත් ස්ථාවර කරනු පිණිස අපි එය කොටසින් කොටස පාරායනය කළෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ
තවද ඔවුහු නුඹ වෙත උපමාවක් ගෙන ආව ද සත්යය හා වඩාත් අලංකාර විග්රහයක් සැබැවින් ම නුඹ වෙත අපි ගෙන එන්නෙමු.
ﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
තම මුහුණු මතින් (ඇඳගෙන ගොස්) නිරය වෙත රැස් කරනු ලබන්නන් වන ඔවුහුමය නවාතැනින් නපුරු දනන් වන්නෝ, තවද මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් වන්නෝ.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
තවද අපි මූසාට ධර්ම ග්රන්ථය පිරිනැමුවෙමු. තවද අපි ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් උදව් කරුවකු බවට පත් කළෙමු.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
එවිට අපි අපගේ සංඥාවන් බොරු කළවුන් වෙත නුඹලා යනු යැයි පැවසුවෙමු. පසුව අපි ඔවුන් සහමුලින්ම විනාශ කළෙමු.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
තවද නූහ්ගේ ජනයා ද ඔවුන් එම ධර්ම දූතවරුන් බොරු කළ කල්හි අපි ඔවුන් දියේ ගිල්වීමු. තවද අපි ඔවුන් ජනයාට සංඥාවක් බවට පත් කළෙමු. තවද අපි අපරාධකරුවන්ට වේදනීය දඬුවමක් පිළියෙල කළෙමු.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
තවද ආද් ජනයා සමූද් ජනයා රස් වාසීන් හා ඒ අතර වූ බොහෝමයක් පරම්පරාවන් ද (අපි විනාශ කළෙමු.)
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
තවද සියල්ලන් ගැන අපි ඔහුට උපමා ගෙන හැර පෑවෙමු. තවද ඒ සෑම කෙනෙකුවම අපි සහමුලින්ම විනාශ කර දැමුවෙමු.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
තවද ශාපකාරී වැසි වස්සනු ලැබූ ගම්මානය ඔස්සේ සැබැවින්ම ඔවුහු පැමිණියහ. එවිට ඔවුහු එය නොදුටුවෝ ද? නමුත් (මරණින් පසු) නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුහු අපේක්ෂා නොකරන්නන් ලෙස සිටියහ.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
තවද ඔවුන් නුඹ ව දුටු විට ‘දූතයකු වශයෙන් අල්ලාහ් එවා සිටියේ මොහුව දැ?’යි (පවසමින්) සරදමක් ලෙසින් මිස ඔවුහු නුඹ ව නොගනිති.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
අප අපගේ දෙවිවරුන් මත (ස්ථීර ලෙස) රැඳී නොසිටියා නම් ඔහු ඔවුන්ගෙන් අප නොමඟ යවන්නට තිබුණි. (යැයි ඔවුහු පවසති.) එම දඬුවම ඔවුන් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් කවුරුන්දැයි ඔවුහු මතු දැන ගනු ඇත.
ﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
තම ආශාවන් තම දෙවියන් ලෙස ගත් අය නුඹ නුදුටුවෙහි ද? එවිට නුඹ ඔහු වෙත භාරකරුවකු වන්නෙහි ද?
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡ
නියත වශයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සවන් දෙනු ඇතැයි හෝ වටහා ගනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? ඔවුන් ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් මොවූහුය.
ﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
නුඹගේ පරමාධිපති දෙස ඔහු හෙවණැල්ල කෙසේ දිගු හැරියේ දැයි නුඹ නොබැලුවෙහි ද? තවද ඔහු අභිමත කළේ නම් එය එක්තැන් වූවක් බවට ඔහු පත් කරන්නට තිබුණි. පසු ව අපි ඒ වෙත සාධකයක් බවට හිරු පත් කළෙමු.
ﭳﭴﭵﭶﭷﭸ
පසු ව අපි එය (හෙවණැල්ල) හීන් සීරුවෙන් අප වෙත අත්පත් කර ගන්නෙමු.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
තවද රාත්‍රිය වස්ත්රයක් බවටත් නින්ද විවේකයක් බවටත් නුඹලාට ඇති කළේ ඔහුය. තවද දහවල ජීවනෝපාය සඳහා ඇති කළේද ඔහුය.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
තවද ඔහුගේ ආශිර්වාදය අතරින් සුළඟ ශුභාසිරි වශයෙන් එව්වේ ඔහුය. තවද අපි අහසින් පිරිසිදු ජලය පහළ කළෙමු.
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
එමගින් අප මළ භූමියක් ජීවමාන කරනු පිණිසත්. අප මැවූ දෑ අතරින් ගොවිපළ සතුන් හා බොහෝමයක් මිනිසුනට අප ජලය සපයනු පිණිසත්ය.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස ඔවුන් අතරට එය අපි (හරව) හරවා එව්වෙමු. නමුත් ජනයා අතරින් බොහෝමයක් දෙනා ගුණමකුවන්නන් මිස නැත.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰ
තවද අපි අභිමත කළේ නම් සෑම ගම්මානයකටම අවවාද කරන්නෙකු එවන්නට තිබුණි.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙ
එහෙයින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නුඹ අවනත නොවනු. තවද නුඹ ඔවුන් සමග එමගින් දැඩි පරිශ්රමයකින් යුතුව උත්සාහ කරනු.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
තවද මෙය ඉමිහිරි මිරිදියයි. එය ලුණු රසැති කරදියයි යනුවෙන් මුහුදු දෙක අතර වෙන් කළේ ඔහුය. තවද ඒ දෙක අතර බාධකයක් හා තහනම් කරනු ලැබූ තහනම් සීමාවක් ඔහු ඇති කළේය.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
තවද ජලයෙන් මිනිසා මැව්වේ ඔහුය. පසු ව ඔහු ඔහුට පරම්පරානුගත නෑකම් ද විවාහ නෑකම් ද ඇති කළේය. තවද නුඹගේ පරමාධිපති සර්ව බලධාරීය.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈ
තවද ඔවුහු අල්ලාහ් හැර දමා තමන්හට ප්‍රයෝජනයක් ලබා නොදෙන එමෙන්ම තමන්හට හානියක් සිදු නොකරන දෑට නැමදුම් කරති. තවද දේවතත්වය ප්‍රතික්ෂේප කරන්නා ඔහුගේ පරමාධිපතිට එරෙහි ව උර දෙන්නකු විය.
ﭑﭒﭓﭔﭕﭖ
තවද ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි නුඹ ව නොඑව්වෙමු.
ﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
කවරෙකු අභිමත කරන්නේ ද ඔහු තම පරමාධිපති වෙත වූ මගක් සොයා ගන්නට මිස (වෙනත්) කිසිදු කුලියක් මම ඒ සඳහා නුඹලාගෙන් නොඉල්ලමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
තවද අමරණීය වූ සදා ජීවමානයාණන් වෙත නුඹ භාර කරනු. තවද ඔහුගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු. තම ගැත්තතන්ගේ පාපකම් පිළිබඳ තොරතුරු දන්නා වශයෙන් ඔහු ප්‍රමාණවත්ය.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
ඔහු වනාහි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේය. පසු ව මහාකරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය. එහෙයින් ඔහු පිළිබඳ ව අභිඥානවත් අයෙකුගෙන් විමසනු.
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
තවද මහාකරුණාන්විතයාණන්ට සුජූද් කරනුයි ඔවුනට කියනු ලැබූ විට මහා කරුණාන්විතයාණන් කවුරුන් ද? නුඹ අපට අණ කරන දෑට අපි සුජූද් කළ යුතු දැයි ඔවුහු පවසා සිටියහ. තවද එය ඔවුනට (දේව විශ්වාසයෙන්) පලා යෑම අධික කළේය.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
අහසෙහි තාරකා මණ්ඩල ඇති කළ ඔහු උත්කෘෂ්ට විය. තවද පහන (හෙවත් සූර්යයා)ද ආලෝකය විහිදුවන සඳු ද ඔහු එහි ඇති කළේය.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
තවද උපදෙස් ලබන්නට අපේක්ෂා කරන්නන්ට හෝ කෘතවේදීත්වය අපේක්ෂා කරන්නන්ට හෝ රාත්‍රිය හා දහවල අනුපිළිවලින් (ගමන් කරන්නට) ඇති කළේ ඔහුය.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
තවද මහාකරුණාන්විතයාණන්ගේ ගැත්තන් වනාහි ඔවුහු මහපොළොව මත නිහතමානී ව ගමන් කරති. අඥානයෝ ඔවුන් සමග කතා කළ විට සාමය වේවා! යැයි පවසති.
ﯟﯠﯡﯢﯣﯤ
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිට සිරස පහත් කරමින් ද නැගිට සිටිමින් ද රාත්‍රිය ගත කරන්නෝ වෙති.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
තවද ඔවුහු වනාහි අපගේ පරමාධිපතියාණනි! නිරයේ දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම එහි දඬුවම නියම වන්නක් වී ඇතැයි ඔවුහු පවසති.
ﯲﯳﯴﯵﯶ
නියත වශයෙන්ම එය වාසස්ථානයෙන් හා නවාතැනින් ද නපුරු වී ඇත.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂ
තවද ඔවුහු වනාහි, ඔවුන් වියදම් කරන විට නාස්ති කළේ නැත. තවද මසුරු වූයේ ද නැත. ඒ අතර මැද මාවතක විය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨ
තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති. තවද කවරෙකු එය සිදු කරන්නේ ද ඔහු (ඊට අදාල) ප්‍රතිවිපාකය ලබනු ඇත.
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවම ඔහුට ගුණ කරනු ලැබේ. ඔහු එහි නින්දාවට පත් ව සදාකල් වෙසෙනු ඇත.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
නමුත් පශ්චාත්තාප වී දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය හැර. තම පාපකම් යහකම් බවට අල්ලාහ් පරිවර්තනය කරන උදවිය ඔවුහුමය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහාකරුණාන්විත විය.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍ
තවද කවරෙකු පශ්චාත්තාප වී යහකම් සිදු කළේ ද එවිට නියත වශයෙන්ම ඔහු පාප ක්ෂමාව පිළිගත හැකි අයුරින් අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමුවන්නෙකු වනු ඇත.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
තවද ඔවුහු වනාහි බොරු සාක්ෂි නොදරති. තවද ඵලක් නැති දෑ අසලින් ඔවුන් ගමන් ගත් විට ගෞරවාන්විත අයුරින් ඔවුහු පසුකර යති.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලබන විට බිහිරි බවින් හෝ අන්ධ බවින් හෝ ඒ මත නොවැටෙති.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
තවද ඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන්ගෙන් ද අපගේ දරු පරපුරෙන් ද නෙත් පිනවන සිසිල අපට ඇති කරනු මැනව! තවද බිය බැතිමතුන් මෙහෙයවන්නන් බවට අප පත් කරනු මැනව! යැයි පවසන්නන් වෙති.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
ඔවුන් ඉවසා සිටි බැවින් (ස්වර්ග) කුටි පිරිනමනු ලබන්නෝ ඔවුහුමය. තවද ඔවුහු එහි සුබ පැතුම් සමග හා (සලාම්) සමාදානයෙන් පිළිගනු ලබති.
ﯜﯝﯞﯟﯠﯡﯢ
ඔවුන් එහි සදාතනිකයින් ය. වාසස්ථානයෙන් හා නවාතැනින් එය යහපත් විය.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰ
නුඹලාගේ කන්නලව්ව නොවී නම් මාගේ පරමාධිපති නුඹලා ව ඉතිරි නොකරනු ඇත. නමුත් නුඹලා බොරු කළෙහුය. එහෙයින් (දඬුවමේ) නියමය මතු සිදු වනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







