අල්-බකරා · 248/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَن يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ آلُ مُوسَىٰ وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ٢٤٨
Transliteration
Wa qaala lahum Nabiyyuhum inna Aayata mulkiheee ai yaatiyakumut Taabootu feei sakeenatummir Rabbikum wa baqiyyatummimmaa taraka Aalu Moosa wa Aalu Haaroona tahmiluhul malaaa`ikah; inna fee zaalika la Aayatal lakum in kuntum mu`mineen
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද, සැබැවින් ම ඔහුගේ රජකමට සලකුණ වනුයේ නුඹලා වෙත මංජුසාවක් පහළ වීමයි. එහි නුඹලාගේ පරමාධිපති වෙතින් ශාන්තිය ද මූසාගේ පරපුර හා හාරූන් ගේ පරපුර අත හැර දමා ගිය දැයින් ඉතිරි ව ඇති දෙය ද ඇත. එය මලක් වරුන් (විසින්) උසුලා ගෙන එනු ලැබේ. නුඹලා විශ්වාස වන්තයින් නම් නියත වශයෙන් ම එහි නුඹලාට සාධකයක් ඇත, යැයි ඔවුන්ගේ නබි ඔවුන් අමතා පැවසුවේය.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 246-250 — අල්-බකරා
246أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِن بَنِي إِسْرَائِيلَ مِن بَعْدِ مُوسَىٰ إِذْ قَالُوا لِنَبِيٍّ لَّهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُّقَاتِلْ فِي سَبِيلِ اللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِن كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا ۖ قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِن دِيَارِنَا وَأَبْنَائِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِّنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
මූසාගෙ (කාලයෙ) න් පසුව ඉස්රාඊල් දරුවන්ගෙන් වූ ප්‍රධානීන් පිරිසක් දෙස නුඹ නොබැලුවෙහි ද? අප වෙත රජෙකු එවනු මැනව! අපි අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින්නෙමු යැයි ඔවුනට අයත් වක්තෘවරයෙකුට පැවසූ අවස්ථාවේ දී නුඹලාට සටන් කිරීම නියම කරනු ලැබුවහොත් නුඹලා සටන් නොකර සිටීමට සිතන්නෙහු ද? යැයි ඔහු ඇසීය. අප ව අපගේ නිවෙස් වලින් හා අපගේ දරුවන්ගෙන් අපව බැහැර කරනු ලැබ සිටිය දී අප අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොවදින්නට අපට කුමක් වීදැයි ඔවුහු ඇසූහ. නමුත් සටන් කිරීම ඔවුනට නියම කරනු ලැබූ කල්හි ඔවුන් අතුරින් කිහිප දෙනකු හැර (අන් අය) පිටුපෑවෝය. තවද අල්ලාහ් අපරාධරකරුවන් පිළිබඳ ව සර්ව ඥානීය.
247وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوا أَنَّىٰ يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ ۚ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ ۖ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَن يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තවද සැබැවින් ම අල්ලාහ් තාලූත් ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. අප ඔහුට වඩා පාලනය සමබන්ධයෙන් සුදුස්සන් ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නොලැබ තිබිය දී අප පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැයි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතර ව ලබා දී ඇත්තේය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය.
248وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَن يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِّن رَّبِّكُمْ وَبَقِيَّةٌ مِّمَّا تَرَكَ آلُ مُوسَىٰ وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ
තවද, සැබැවින් ම ඔහුගේ රජකමට සලකුණ වනුයේ නුඹලා වෙත මංජුසාවක් පහළ වීමයි. එහි නුඹලාගේ පරමාධිපති වෙතින් ශාන්තිය ද මූසාගේ පරපුර හා හාරූන් ගේ පරපුර අත හැර දමා ගිය දැයින් ඉතිරි ව ඇති දෙය ද ඇත. එය මලක් වරුන් (විසින්) උසුලා ගෙන එනු ලැබේ. නුඹලා විශ්වාස වන්තයින් නම් නියත වශයෙන් ම එහි නුඹලාට සාධකයක් ඇත, යැයි ඔවුන්ගේ නබි ඔවුන් අමතා පැවසුවේය.
249فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُم بِنَهَرٍ فَمَن شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَن لَّمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ ۚ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ ۚ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَاقُو اللَّهِ كَم مِّن فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ
තාලූත් සේනාව සමඟ පිටත් ව ගිය කල්හි ඔහු (සිය සේනාව අමතා) සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු ඇත. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය. කවරෙක් එහි රස නොවින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. නමුත් තම දෑතින් අහුරක් ගත් අය හැර යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝය. පසුව ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත යැයි පැවසුවෝය. සැබැවින්ම (එක් දිනක) අල්ලාහ් ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය "අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් ජයග්‍රහණය කර තිබේ, තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටින්නේය." යැයි පැවසුවෝය.
250وَلَمَّا بَرَزُوا لِجَالُوتَ وَجُنُودِهِ قَالُوا رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම් ව සිටි කල්හි අපගේ පරමාධිපතියාණෙනි, අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව! ප්‍රතික්ෂේපිත ජනයාට එරෙහි ව අපට උදව් කරනු මැනව! යැයි පැවසුවෝය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
248ආයාත්
පරිවර්තනය — අල්-බකරා 248
සූරා අල්-බකරා ආයාත් 248 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද, සැබැවින් ම ඔහුගේ රජකමට සලකුණ වනුයේ නුඹලා වෙත මංජුසාවක්…සූරා ආයාත් 248/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 246–250. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers








