සූරා අස්-සාෆ්
PDF —
14 ආයාත් Medinan PDF
Built right in your browser — download starts automatically

සූරා අස්-සාෆ් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අස්-සාෆ් pdf සිංහල — බාගත කරන්න සූරා අස්-සාෆ් පරිවර්තනය. අස්-සාෆ් (Medinan) 14 ආයාත්.



සූරා අස්-සාෆ්
14 ආයාත් · Medinan · සිංහල
bismillah
ﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සිදු නොකරන දෙයක් නුඹලා පවසනුයේ ඇයි?
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
නුඹලා සිදු නොකරන දෙයක් ගැන පැවසීම අල්ලාහ් අබියස කෝපයෙන් ඉමහත් විය.
ﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ
ශක්තිමක් ලෙස ඉඳි කරන ලද ගොඩනැගිල්ලක් සේ පෙළ ගැසී ඔහුගේ මාර්ගයේ සටන් කරන්නන් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
තවද “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව ගිය කල්හි, අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව යන්නට සැලසුවේය. තවද අල්ලාහ් දුෂ්ඨ ජනයාට මග නොපෙන්වයි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසු ව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථා ව සිහියට නගනු. නමුත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමග ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසූහ.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර්ණවත් කරන්නාය.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහුය.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලා ව ආරක්ෂා කරන ව්යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
(එය) නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කිරීමය. නුඹලාගේ ධනය හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයෙහි කැප කිරීමය. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨය.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯ
නුඹලාගේ පාපයන් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද ඔහු නුඹලා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරයි. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. (අද්න් නම්) සදා ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ඇත. එයයි අතිමහත් ජයග්‍රහණය.
ﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
තවද නුඹලා එහි ප්‍රිය කරන තවත් දෑ ද ඇත. (එය) අල්ලාහ්ගෙන් වූ උපකාරයකි. තවද සමීප ජයග්‍රහණයක් ඇත. තවද නුඹ දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු.
ﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛﰜﰝﰞﰟﰠﰡﰢ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මර්යම්ගේ පුත් ඊසා (තම) ගෝලයින්ගෙන් “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නෝ කවුරුන් දැ?” යි විමසූ කල්හි “අපි අල්ලාහ්ගේ උදව්කරුවෝ වෙමු” යැයි ගෝලයෝ පැවසූහ. එලෙස නුඹලා ද අල්ලාහ්ගේ උදව්කරුවන් වනු. ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළෝය. එවිට අපි විශ්වාස කළවුන් ව ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව අපි ශක්තිමත් කළෙමු. පසුව ඔවුහු ජයග්‍රාහකයින් බවට පත් වූවෝය.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers