අල්-බකරා · 233/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-බකරා
۞ وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّا آتَيْتُم بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ۝٢٣٣
Walwaa lidaatu yurdi`na awlaada hunna hawlaini kaamilaini liman araada ai yutimmar radaa`ah; wa `alalmawloodi lahoo rizuhunna wa kiswatuhunna bilma`roof; laatukallafu nafsun illaa wus`ahaa; laa tudaaarra waalidatum biwaladihaa wa laa mawloodul lahoo biwaladih; wa `alal waarisi mislu zaalik; fa in araadaa Fisaalan `an taraadim minhumaa wa tashaawurin falaa junaaha `alaimaa; wa in arattum an tastardi`ooo awlaadakum falaa junaaha `alaikum izaa sallamtum maaa aataitum bilma`roof; wattaqul laaha wa`lamooo annal laaha bimaa ta`maloona baseer
📖 සිංහලෙන්
තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රත් යහ අයුරින් පිරිනැමීම දරුවාගේ පියා සතු වගකීම ය. කිසිඳු ආත්මයක් එහි ශක්තියේ ප්‍රමාණය අනුව මිස පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නොලැබේ. මෙලෙස උරුමක්කරුටත් (වගකීම) පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා යහපත් අයුරින් දෙන දෑ නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව ද නුඹලා දැන ගනු
🎧 අසන්න

📜 ආයාත් 231-235 — අල්-බකරා

231وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ سَرِّحُوهُنَّ بِمَعْرُوفٍ ۚ وَلَا تُمْسِكُوهُنَّ ضِرَارًا لِّتَعْتَدُوا ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ وَلَا تَتَّخِذُوا آيَاتِ اللَّهِ هُزُوًا ۚ وَاذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُم مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ ۚ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලය ළඟා වූයේ නම් එවිට නුඹලා ඔවුන් යහ අයුරින් රඳවා ගනු. එසේ නොමැති නම් යහ අයුරින් ඔවුන් මුදවා හරිනු. සීමාව ඉක්මවා කටයුතු කිරීම පිණිස පීඩාකාරී ලෙස ඔවුන් රඳවා නොගනු. කවරෙක් එසේ කරන්නේ ද ඔහු තමන්ටම අපරාධ කර ගත්තේය. තවද අල්ලාහ්ගේ වදන් සරදමට නොගනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදය ද දේව ග්‍රන්ථයෙන් හා ප්‍රඥාවෙන් නුඹලා වෙත පහළ කළ දෑ ද මෙනෙහි කරනු. ඔහු එමඟින් නුඹලාට උපදෙස් දෙන්නේය. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී බව නුඹලා දැන ගනු.
232وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُم بِالْمَعْرُوفِ ۗ ذَٰلِكَ يُوعَظُ بِهِ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۗ ذَٰلِكُمْ أَزْكَىٰ لَكُمْ وَأَطْهَرُ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට, ඔවුන් ද ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලයට ළඟා වූ විට ඔවුන් අතර යහ අයුරින් කටයුතු කළ හැකැයි ඔවුන් සෑහීමට පත් වන්නේ නම් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සමඟ ඔවුන් නැවත විවාහ දිවියට යෑම පිළිබඳ ව නුඹලා ඔවුන් ව නොවැළැක්විය යුතුය. එය නුඹලා අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කළවුනට මෙමගින් දෙනු ලබන උපදෙසකි. එය නුඹලාට පාරිශුද්ධ ය, වඩා පිවිතුරු ය. තවද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
233۞ وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّا آتَيْتُم بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රත් යහ අයුරින් පිරිනැමීම දරුවාගේ පියා සතු වගකීම ය. කිසිඳු ආත්මයක් එහි ශක්තියේ ප්‍රමාණය අනුව මිස පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නොලැබේ. මෙලෙස උරුමක්කරුටත් (වගකීම) පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා යහපත් අයුරින් දෙන දෑ නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව ද නුඹලා දැන ගනු
234وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි ඔවුන් (එම බිරියන්) විසින් මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. ඔවුන්ගේ කාල අවසානයට ළඟා වූ විට ඔවුන් සම්බන්ධයෙන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
235وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ ۚ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَن تَقُولُوا قَوْلًا مَّعْرُوفًا ۚ وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّىٰ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
එම කාන්තාවට යම් (විවාහ) යෝජනාවක් නුඹලා ඉදිරිපත් කළ ද නුඹලාගේ හදවත් තුළ නුඹලා (ඔවුන් ගැන අදහසක්) සඟවා ගත්ත ද නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් ගැන මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. නමුත් ඔවුන් සමඟ නුඹලා යහ වචනයෙන් කතා කරනවා මිස රහසිගත ව ඔවුනට ප්‍රතිඥාවක් නොදෙනු. එහි නියමිත කාලය නිම වන තෙක් නුඹලා විවාහ ගිවිසුම ස්ථීර නොකරනු. තවද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ සිත් තුළ ඇති දෑ දන්නේය. එබැවින් නුඹලා ඔහු ගැන ප්‍රවේසම් වෙනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා සෙනෙහෙවන්ත බව නුඹලා දැන ගනු.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
233ආයාත්

පරිවර්තනය — අල්-බකරා 233

සූරා අල්-බකරා ආයාත් 233 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු…

සූරා ආයාත් 233/286 — අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-බකරා අසන්න, අල්-බකරා පරිවර්තනය, අල්-බකරා mp3, අල්-බකරා pdf. ආයාත් 231–235. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers