අල්-බකරා · 234/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ ۝٢٣٤
Wallazeena yutawaffawna minkum wa yazaroona azwaajai yatarabbasna bi anfusihinna arba`ata ashhurinw wa `ashran fa izaa balaghna ajalahunna falaa junaaha `alaikum feemaa fa`alna feee anfusihinna bilma`roof; wallaahu bimaa ta`maloona Khabeer
📖 සිංහලෙන්
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි ඔවුන් (එම බිරියන්) විසින් මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. ඔවුන්ගේ කාල අවසානයට ළඟා වූ විට ඔවුන් සම්බන්ධයෙන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 232-236 — සූරා අල්-බකරා

232وَإِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَبَلَغْنَ أَجَلَهُنَّ فَلَا تَعْضُلُوهُنَّ أَن يَنكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُم بِالْمَعْرُوفِ ۗ ذَٰلِكَ يُوعَظُ بِهِ مَن كَانَ مِنكُمْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۗ ذَٰلِكُمْ أَزْكَىٰ لَكُمْ وَأَطْهَرُ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට, ඔවුන් ද ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලයට ළඟා වූ විට ඔවුන් අතර යහ අයුරින් කටයුතු කළ හැකැයි ඔවුන් සෑහීමට පත් වන්නේ නම් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සමඟ ඔවුන් නැවත විවාහ දිවියට යෑම පිළිබඳ ව නුඹලා ඔවුන් ව නොවැළැක්විය යුතුය. එය නුඹලා අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කළවුනට මෙමගින් දෙනු ලබන උපදෙසකි. එය නුඹලාට පාරිශුද්ධ ය, වඩා පිවිතුරු ය. තවද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
233۞ وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَن يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَّهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّا آتَيْتُم بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රත් යහ අයුරින් පිරිනැමීම දරුවාගේ පියා සතු වගකීම ය. කිසිඳු ආත්මයක් එහි ශක්තියේ ප්‍රමාණය අනුව මිස පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නොලැබේ. මෙලෙස උරුමක්කරුටත් (වගකීම) පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා යහපත් අයුරින් දෙන දෑ නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව ද නුඹලා දැන ගනු
234وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا ۖ فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنفُسِهِنَّ بِالْمَعْرُوفِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි ඔවුන් (එම බිරියන්) විසින් මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. ඔවුන්ගේ කාල අවසානයට ළඟා වූ විට ඔවුන් සම්බන්ධයෙන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
235وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ أَوْ أَكْنَنتُمْ فِي أَنفُسِكُمْ ۚ عَلِمَ اللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّا أَن تَقُولُوا قَوْلًا مَّعْرُوفًا ۚ وَلَا تَعْزِمُوا عُقْدَةَ النِّكَاحِ حَتَّىٰ يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي أَنفُسِكُمْ فَاحْذَرُوهُ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ حَلِيمٌ
එම කාන්තාවට යම් (විවාහ) යෝජනාවක් නුඹලා ඉදිරිපත් කළ ද නුඹලාගේ හදවත් තුළ නුඹලා (ඔවුන් ගැන අදහසක්) සඟවා ගත්ත ද නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් ගැන මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. නමුත් ඔවුන් සමඟ නුඹලා යහ වචනයෙන් කතා කරනවා මිස රහසිගත ව ඔවුනට ප්‍රතිඥාවක් නොදෙනු. එහි නියමිත කාලය නිම වන තෙක් නුඹලා විවාහ ගිවිසුම ස්ථීර නොකරනු. තවද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ සිත් තුළ ඇති දෑ දන්නේය. එබැවින් නුඹලා ඔහු ගැන ප්‍රවේසම් වෙනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා සෙනෙහෙවන්ත බව නුඹලා දැන ගනු.
236لَّا جُنَاحَ عَلَيْكُمْ إِن طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ
නුඹලා ඔවුන් ව ස්පර්ශ නොකර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නොකර තිබිය දී හෝ කාන්තාවන් ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) ඔවුනට භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
234ආයාත්

පරිවර්තනය — අල්-බකරා 234

සූරා අල්-බකරා ආයාත් 234 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි…

සූරා ආයාත් 234/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 232–236. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers