අල්-ෆත්හ් · 27/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆත්හ්
لَّقَدْ صَدَقَ اللَّهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِن شَاءَ اللَّهُ آمِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا ۝٢٧
Laqad sadaqal laahu Rasoolahur ru`yaa bilhaqq, latadkhulunnal Masjidal-Haraama in shaaa`al laahu aamineena muhalliqeena ru`oosakum wa muqassireena laa takhaafoona fa`alima maa lam ta`lamoo faja`ala min dooni zaalika fathan qareebaa
📖 සිංහලෙන්
ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින්ම හීනය සත්‍යය කළේය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොර ව නුඹලාගේ හිස් මුඩු කරගත් අය ලෙසින් ද (හිසකෙස්) කොටකර ගත් අය ලෙසින් ද සුරක්ෂිතයින් ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත නුඹලා පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතර ව සමීප ජයග්‍රහණයක් ඔහු ඇති කළේය.
🎧 අසන්න

📜 ආයාත් 25-29 — අල්-ෆත්හ්

25هُمُ الَّذِينَ كَفَرُوا وَصَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَالْهَدْيَ مَعْكُوفًا أَن يَبْلُغَ مَحِلَّهُ ۚ وَلَوْلَا رِجَالٌ مُّؤْمِنُونَ وَنِسَاءٌ مُّؤْمِنَاتٌ لَّمْ تَعْلَمُوهُمْ أَن تَطَئُوهُمْ فَتُصِيبَكُم مِّنْهُم مَّعَرَّةٌ بِغَيْرِ عِلْمٍ ۖ لِّيُدْخِلَ اللَّهُ فِي رَحْمَتِهِ مَن يَشَاءُ ۚ لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابًا أَلِيمًا
මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලා ව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය. නුඹලා නොදන්නා දේවත්වය විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි (මක්කාවෙහි) නොවී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නොදැනුවත්වම නුඹලාට හානියක් ඇතිවන්නට තිබුණි. (එය) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිසය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන් ව සිටියා නම් මොවුන් අතරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි.
26إِذْ جَعَلَ الَّذِينَ كَفَرُوا فِي قُلُوبِهِمُ الْحَمِيَّةَ حَمِيَّةَ الْجَاهِلِيَّةِ فَأَنزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَلْزَمَهُمْ كَلِمَةَ التَّقْوَىٰ وَكَانُوا أَحَقَّ بِهَا وَأَهْلَهَا ۚ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا
අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී ය.
27لَّقَدْ صَدَقَ اللَّهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِن شَاءَ اللَّهُ آمِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمْ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتْحًا قَرِيبًا
ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින්ම හීනය සත්‍යය කළේය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොර ව නුඹලාගේ හිස් මුඩු කරගත් අය ලෙසින් ද (හිසකෙස්) කොටකර ගත් අය ලෙසින් ද සුරක්ෂිතයින් ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත නුඹලා පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතර ව සමීප ජයග්‍රහණයක් ඔහු ඇති කළේය.
28هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا
ඔහු වනාහි, යහමග හා සත්‍යය දහම සමග ඔහුගේ දූතයාණන් එව්වේය. එය ඒ සියලු දහම් වලට ඉහළින් පිහිටීම පිණිසය. තවද අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත්ය.
29مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ ۚ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ ۖ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا ۖ سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ۚ ذَٰلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ ۚ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَىٰ عَلَىٰ سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ ۗ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا
මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්ය. තවද ඔහු සමග සිටින්නවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මත දැඩි ව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණික ව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව භෝගයක් මෙනි. එය එහි දලු හටගන්වයි. පසු ව එය ශක්තිමත් වී විශාල වෙයි. එහි කඳන් මත ස්ථාවර ව පිහිටයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ව එමගින් ඔහු කෝපය ඇති කරවනු පිණිස ගොවීන් (නම් දේවත්වය විශ්වාස කරන්නන් ව) එය මවිතයට පත් කරනු ඇත. ඔවුන් අතරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය.
අල්-ෆත්හ්කුර්ආන් දර්ශකය
29ආයාත්
MedinanRevelation
27ආයාත්

පරිවර්තනය — අල්-ෆත්හ් 27

සූරා අල්-ෆත්හ් ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින්ම හීනය සත්‍යය…

සූරා ආයාත් 27/29 — අල්-ෆත්හ් الفتح (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆත්හ් අසන්න, අල්-ෆත්හ් පරිවර්තනය, අල්-ෆත්හ් mp3, අල්-ෆත්හ් pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers