අල්-බුරූජ් සූරා අරාබි සහ සිංහල

අල්-බුරූජ් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (22 ආයාත් — مكية). අල්-බුරූජ් අසන්න, අල්-බුරූජ් පරිවර්තනය, අල්-බුරූජ් mp3, අල්-බුරූජ් pdf.

අල්-බුරූජ් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
وَالْيَوْمِ الْمَوْعُودِ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
وَشَاهِدٍ وَمَشْهُودٍ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝය.
النَّارِ ذَاتِ الْوَقُودِ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝය.
وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَن يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
ප්‍රශංසාලාභී සර්ව බලපරාක්රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
وَهُوَ الْغَفُورُ الْوَدُودُ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
ذُو الْعَرْشِ الْمَجِيدُ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
فَعَّالٌ لِّمَا يُرِيدُ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
فِرْعَوْنَ وَثَمُودَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
فِي لَوْحٍ مَّحْفُوظٍ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
(එය) ආරක්ෂිත ඵලකයෙහි.
← 84 අල්-බුරූජ් (85/114) 86 →
කියවන්න අල්-බුරූජ් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

85البروج Al-Buruj 📚 22 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-බුරූජ් සූරා — 22 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers