PDF —
22 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-බුරූජ් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-බුරූජ් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-බුරූජ් පරිවර්තනය. සූරා අල්-බුරූජ් (Meccan) 22 ආයාත්.



22 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭛﭜﭝﭞ
85:1 ග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
ﭟﭠﭡ
85:2 ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
ﭢﭣﭤ
85:3 සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
ﭥﭦﭧﭨ
85:4 අගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝය.
ﭩﭪﭫﭬ
85:5 (එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
ﭭﭮﭯﭰﭱ
85:6 ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
ﭲﭳﭴﭵﭶﭷﭸ
85:7 දේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝය.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
85:8 ප්‍රශංසාලාභී සර්ව බලපරාක්රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎ
85:9 ඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
ﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
85:10 නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන් හට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
85:11 සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
ﮮﮯﮰﮱﯓ
85:12 නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
ﯔﯕﯖﯗﯘ
85:13 (පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
ﯙﯚﯛﯜ
85:14 තවද ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
ﯝﯞﯟﯠ
85:15 කීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
ﯡﯢﯣﯤ
85:16 ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
ﯥﯦﯧﯨﯩ
85:17 (නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
ﯪﯫﯬ
85:18 ෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
ﯭﯮﯯﯰﯱﯲ
85:19 නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
ﯳﯴﯵﯶﯷ
85:20 තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
ﯸﯹﯺﯻﯼ
85:21 නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
ﯽﯾﯿﰀ
85:22 (එය) ආරක්ෂිත ඵලකයෙහි.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers