අල්-ඉන්ෂිකාක් සූරා අරාබි සහ සිංහල

අල්-ඉන්ෂිකාක් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (25 ආයාත් — مكية). අල්-ඉන්ෂිකාක් අසන්න, අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, අල්-ඉන්ෂිකාක් mp3, අල්-ඉන්ෂිකාක් pdf.

අල්-ඉන්ෂිකාක් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
إِذَا السَّمَاءُ انشَقَّتْ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අහස පැළී යන විට,
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
وَإِذَا الْأَرْضُ مُدَّتْ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
මහපොළොව සමතලා කරනු ලැබ,
وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,
وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
وَيَنقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,
فَسَوْفَ يَدْعُو ثُبُورًا ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
ඔහු විනාශය පතනු ඇත.
وَيَصْلَىٰ سَعِيرًا ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
فَلَا أُقْسِمُ بِالشَّفَقِ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
තවද ගොම්මන මත ද මම දිවුරමි.
وَاللَّيْلِ وَمَا وَسَقَ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
وَالْقَمَرِ إِذَا اتَّسَقَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)
لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝය.
وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
නමුත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.
← 83 අල්-ඉන්ෂිකාක් (84/114) 85 →
කියවන්න අල්-ඉන්ෂිකාක් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

84الإنشقاق Al-Inshiqaq 📚 25 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-ඉන්ෂිකාක් සූරා — 25 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers