සූරා අෂ්-ෂුආරා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අෂ්-ෂුආරා pdf සිංහල — බාගත කරන්න සූරා අෂ්-ෂුආරා පරිවර්තනය. සූරා අෂ්-ෂුආරා (Meccan) 227 ආයාත්.
Related
- සූරා අෂ්-ෂුආරා පරිවර්තනයසිංහල
- සූරා අෂ්-ෂුආරා mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අෂ්-ෂුආරා

ﭑﭒ
26:1
තා, සීන්, මීම්
ﭓﭔﭕﭖﭗ
26:2
ඒවා පැහැදිලි ධර්ම ග්රන්ථයේ වදන්ය.
ﭘﭙﭚﭛﭜﭝﭞ
26:3
ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට බලයි.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
26:4
අපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහි ව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
26:5
මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කල ඒ ගැන පිටුපාන්නන් ලෙසින් මිස ඔවුන් සිටියේ නැත.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
26:6
එවිට සැබැවින්ම ඔවුහු බොරු කළෝය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෙහු ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
26:7
එහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින්ම කොපමණක් දෑ හට ගන්වා ඇති දැයි මහපොළොව දෙස ඔවුහු නොබැලුවෙහු ද?
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
26:8
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.
ﮖﮗﮘﮙﮚﮛ
26:9
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වනාහි ඔහුමය මහා කරුණාන්විත සර්ව බලධාරී.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
26:10
තවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු.
ﮥﮦﮧﮨﮩﮪ
26:11
ෆිර්අවුන්ගේ ජනයා (වෙත යනු). ඔවුහු බිය බැතිමත් විය යුතු නොවේ ද?
ﮫﮬﮭﮮﮯﮰﮱ
26:12
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
26:13
මාගේ හදවත පීඩනයට පත් වනු ඇත. මාගේ දිව පැහැදිලිව කතා නොකරනු ඇත. එහෙයින් හාරූන් වෙත (දූත මෙහෙය) නුඹ එවනු.
ﯜﯝﯞﯟﯠﯡﯢ
26:14
තවද මට එරෙහිව වූ පාපයක් ඔවුන් සතු ව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
26:15
එසේ නොව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන්ම අපි නුඹලා සමග සිට සවන් දෙන්නෝ වෙමු යැයි ඔහු පැවසුවේය.
ﯭﯮﯯﯰﯱﯲﯳﯴ
26:16
එහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන්ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයන් වෙමු යැයි පවසනු.
ﯵﯶﯷﯸﯹﯺ
26:17
එබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ
26:18
අපි නුඹ ව අප තුළ දරුවකු සේ හදා වඩා නොගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
ﰆﰇﰈﰉﰊﰋﰌﰍ
26:19
තවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසීය.)
ﭑﭒﭓﭔﭕﭖﭗ
26:20
මුළාවූවන් අතරින් කෙනෙකු ව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසීය.
ﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣ
26:21
එවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේය. තවද ඔහු මා ධර්ම දූතයින් අතරට පත් කළේය.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
26:22
තවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහිය.
ﭭﭮﭯﭰﭱﭲ
26:23
සර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසීය.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
26:24
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස් හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
ﭾﭿﮀﮁﮂﮃ
26:25
නුඹලා සවන් නොදෙන්නෙහු දැයි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසීය.
ﮄﮅﮆﮇﮈﮉ
26:26
(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසීය.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑ
26:27
නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන්ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
26:28
නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසීය.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
26:29
මා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
ﮦﮧﮨﮩﮪﮫ
26:30
මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන ආ විට වුව දැයි ඔහු (මූසා) විමසීය.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔ
26:31
නුඹ සත්යවාදීන් අතරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.
ﯕﯖﯗﯘﯙﯚﯛ
26:32
එවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේය. එවිට එය පැහැදිලි සර්පයකු විය.
ﯜﯝﯞﯟﯠﯡﯢ
26:33
තවද ඔහුගේ අත ඉවතට ගත්තේය. එවිට එය නරඹන්නන් හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪ
26:34
නියත වශයෙන්ම මොහු මනා දැනුමැති මායාකරුවකු යැයි තමන් අවට සිටි ප්‍රධානීන් හට ඔහු (ෆිර්අවුන්) පැවසීය.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
26:35
ඔහුගේ මායාවෙන් නුඹලා ව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?
ﯴﯵﯶﯷﯸﯹﯺﯻ
26:36
ඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝය.
ﯼﯽﯾﯿﰀ
26:37
මනා දැනුමැති සියලුම මායාකරුවන් නුඹ වෙත ඔවුන් ගෙන එනු ඇත.
ﰁﰂﰃﰄﰅﰆ
26:38
එසේ නියමිත දිනක නියමිත වේලාවක මායාකරුවන් එක්රැස් කරන ලදී.
ﰇﰈﰉﰊﰋﰌ
26:39
තවද නුඹලා ද එක්රැස්වන්නෝ දැයි ජනයාගෙන් විමසන ලදී.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘ
26:40
මායාකරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයේ නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.
ﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
26:41
මායාකරුවෝ පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැයි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.
ﭦﭧﭨﭩﭪﭫﭬ
26:42
එසේය: එවිට නියත වශයෙන්ම නුඹලා (මට) සමීපතයින් අතරින් වන්නෙහුය යැයි ඔහු පැවසීය.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴ
26:43
නුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසීය.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
26:44
එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරමින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ.
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
26:45
එවිට මූසා ඔහුගේ සැරයටිය හෙළීය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේය.
ﮈﮉﮊﮋ
26:46
පසුව මායාකරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදී.
ﮌﮍﮎﮏﮐ
26:47
සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝය.
ﮑﮒﮓﮔ
26:48
ඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.
ﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
26:49
මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද? නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ බැද දමමි ඔහු යැයි පැවසීය.
ﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
26:50
කිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
26:51
දේවත්වය විශ්වාස කරන්නන් අතරින් අප ප්‍රමුඛයින් වූ බැවින් අපගේ වැරදි වලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන්ම අපි ප්රිය කරන්නෙමු.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
26:52
තවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත් ව යනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝ යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.
ﯭﯮﯯﯰﯱﯲ
26:53
එවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගර වලට රැස් කරන්නන් එවීය.
ﯳﯴﯵﯶﯷ
26:54
නියත වශයෙන්ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.
ﯸﯹﯺﯻ
26:55
තවද නියත වශයෙන්ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.
ﯼﯽﯾﯿ
26:56
තවද නියත වශයෙන්ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.
ﰀﰁﰂﰃﰄ
26:57
එහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන් වලින් හා උල්පත් වලින් අපි ඔවුන් බැහැර කළෙමු.
ﰅﰆﰇﰈ
26:58
නිධන් වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)
ﰉﰊﰋﰌﰍﰎ
26:59
එලෙස අපි ඒවා ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.
ﰏﰐﰑ
26:60
පසුව උදෑසනට උදාවෙමින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ
26:61
කණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන්ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.
ﭚﭛﭜﭝﭞﭟﭠﭡ
26:62
එසේ නොව නියත වශයෙන්ම මා සමග මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසීය.
ﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
26:63
ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.
ﭱﭲﭳﭴ
26:64
තවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.
ﭵﭶﭷﭸﭹﭺ
26:65
තවද අපි මූසා හා ඔහු සමග සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.
ﭻﭼﭽﭾ
26:66
පසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
26:67
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.
ﮉﮊﮋﮌﮍﮎ
26:68
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත.
ﮏﮐﮑﮒﮓ
26:69
තවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.
ﮔﮕﮖﮗﮘﮙﮚ
26:70
නුඹලා කුමක් නමදින්නෙහුදැයි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
ﮛﮜﮝﮞﮟﮠﮡ
26:71
අපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන්ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
ﮢﮣﮤﮥﮦﮧ
26:72
නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසීය.
ﮨﮩﮪﮫﮬ
26:73
එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි (ඉබ්රාහීම් විමසීය.)
ﮭﮮﮯﮰﮱﯓﯔ
26:74
නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝය.
ﯕﯖﯗﯘﯙﯚ
26:75
නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි ඔහු (ඉබ්රාහිම්) විමසීය.
ﯛﯜﯝﯞ
26:76
නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ).
ﯟﯠﯡﯢﯣﯤﯥ
26:77
හේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.
ﯦﯧﯨﯩﯪ
26:78
ඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.
ﯫﯬﯭﯮﯯ
26:79
තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.
ﯰﯱﯲﯳﯴ
26:80
තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.
ﯵﯶﯷﯸﯹ
26:81
තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි.
ﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂ
26:82
තවද ඔහු වනාහි මාගේ වැරදි වලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි.
ﰃﰄﰅﰆﰇﰈﰉ
26:83
මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
ﭑﭒﭓﭔﭕﭖﭗ
26:84
තවද පසු ව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!
ﭘﭙﭚﭛﭜﭝ
26:85
තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!
ﭞﭟﭠﭡﭢﭣﭤ
26:86
තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.
ﭥﭦﭧﭨﭩ
26:87
තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නොකරනු මැනව!
ﭪﭫﭬﭭﭮﭯﭰ
26:88
(එය) ධනය හෝ දරුවන් හෝ ප්‍රයෝජනවත් නොවන දිනකි.
ﭱﭲﭳﭴﭵﭶﭷ
26:89
නමුත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
ﭸﭹﭺﭻ
26:90
තවද බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
ﭼﭽﭾﭿ
26:91
තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
ﮀﮁﮂﮃﮄﮅﮆ
26:92
(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේදැ?යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
ﮇﮈﮉﮊﮋﮌﮍﮎ
26:93
අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝද?
ﮏﮐﮑﮒﮓ
26:94
එවිට එහි ඔවුන් හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති.
ﮔﮕﮖﮗ
26:95
ඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති.
ﮘﮙﮚﮛﮜ
26:96
තවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.
ﮝﮞﮟﮠﮡﮢﮣ
26:97
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.
ﮤﮥﮦﮧﮨ
26:98
සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලා ව පත් කළ අවස්ථාවේ...(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)
ﮩﮪﮫﮬﮭ
26:99
තවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අප ව නොමග නොයැවීය.
ﮮﮯﮰﮱﯓ
26:100
එහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.
ﯔﯕﯖﯗ
26:101
තවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟ
26:102
එහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
26:103
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
ﯪﯫﯬﯭﯮﯯ
26:104
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
ﯰﯱﯲﯳﯴ
26:105
නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝය.
ﯵﯶﯷﯸﯹﯺﯻﯼ
26:106
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﯽﯾﯿﰀﰁ
26:107
නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.
ﰂﰃﰄﰅ
26:108
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
ﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒ
26:109
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත.
ﰓﰔﰕﰖ
26:110
එහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)
ﰗﰘﰙﰚﰛﰜﰝ
26:111
පහත් අය නුඹ ව අනුගමනය කරමින් සිටියදී අපි නුඹ ව විශ්වාස කරන්නෙමු දැයි ඔවුහු විමසුවෝය.
ﭑﭒﭓﭔﭕﭖﭗ
26:112
ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව මට දැනුම නොමැතැයි ඔහු පැවසුවේය.
ﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
26:113
නුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස වෙනත් කිසිවකු මත නැත.
ﭡﭢﭣﭤﭥ
26:114
තවද මම දේවත්වය විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නොවෙමි.
ﭦﭧﭨﭩﭪﭫ
26:115
මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නොවෙමි.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
26:116
අහෝ නූහ්! නුඹ මෙයින් නොවැළකුණෙහි නම් සැබැවින්ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.
ﭵﭶﭷﭸﭹﭺ
26:117
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසීය.
ﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
26:118
එහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමග සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!
ﮅﮆﮇﮈﮉﮊﮋ
26:119
එවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමග සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.
ﮌﮍﮎﮏﮐ
26:120
ඉන් අනතුරු ව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
26:121
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
ﮛﮜﮝﮞﮟﮠ
26:122
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
ﮡﮢﮣﮤ
26:123
ආද් ජනයා (ද) ධර්ම දූතයින් බොරු කළෝය.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬ
26:124
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැයි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﮭﮮﮯﮰﮱ
26:125
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.
ﯓﯔﯕﯖ
26:126
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
26:127
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
ﯤﯥﯦﯧﯨﯩ
26:128
සෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුළුණු) තනන්නෙහු ද?
ﯪﯫﯬﯭﯮ
26:129
තවද නුඹලා සදා ජීවත් වීමට බලමින් මන්දිර තනා ගන්නෙහු ද?
ﯯﯰﯱﯲﯳ
26:130
තවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහුය.
ﯴﯵﯶﯷ
26:131
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
ﯸﯹﯺﯻﯼﯽ
26:132
තවද නුඹලා දන්නා දෑ මගින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
ﯾﯿﰀﰁ
26:133
ගොවිපළ සතුන් මෙන්ම දරුවන් ඔහු නුඹලාට උපකාර කළේය.
ﰂﰃﰄ
26:134
තවද උයන් හා උල්පත් මගින් ද (ඔහු නුඹලාට උපකාර කළේය.)
ﰅﰆﰇﰈﰉﰊﰋ
26:135
නියත වශයෙන්ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.
ﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕ
26:136
නුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නොවූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.
ﭑﭒﭓﭔﭕﭖ
26:137
මෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නොවීය.
ﭗﭘﭙﭚ
26:138
තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.
ﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ
26:139
එසේ ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය
ﭨﭩﭪﭫﭬﭭ
26:140
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය මහාකරුණාන්විත සර්ව බලධාරී.
ﭮﭯﭰﭱ
26:141
සමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝය.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹ
26:142
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ දැ?යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﭺﭻﭼﭽﭾ
26:143
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.
ﭿﮀﮁﮂ
26:144
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
26:145
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
ﮐﮑﮒﮓﮔﮕ
26:146
මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
ﮖﮗﮘﮙ
26:147
උයන් හා උල්පත් අතර ද,
ﮚﮛﮜﮝﮞ
26:148
තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,
ﮟﮠﮡﮢﮣﮤ
26:149
තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහුය.
ﮥﮦﮧﮨ
26:150
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
ﮩﮪﮫﮬﮭ
26:151
තවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නොවනු.
ﮮﮯﮰﮱﯓﯔﯕ
26:152
ඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත් ව කටයුතු නොකරති.
ﯖﯗﯘﯙﯚﯛ
26:153
නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
26:154
නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. එහෙයින් නුඹ සත්යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
26:155
මෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත.
ﯲﯳﯴﯵﯶﯷﯸﯹ
26:156
තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නොකරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්රහණය කරනු ඇත.
ﯺﯻﯼﯽ
26:157
නමුත් ඔවුහු ඌව මරා දැමුවෝය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝය.
ﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
26:158
එවිට එම දඬුවම ඔවුන්ව ග්රහණය කළේය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.
ﰋﰌﰍﰎﰏﰐ
26:159
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
ﭑﭒﭓﭔﭕ
26:160
ලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝය.
ﭖﭗﭘﭙﭚﭛﭜﭝ
26:161
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﭞﭟﭠﭡﭢ
26:162
නියත වශයෙන්ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.
ﭣﭤﭥﭦ
26:163
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
26:164
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
ﭴﭵﭶﭷﭸ
26:165
නුඹලා ලෝවැසියන් අතරින් පිරිමින් වෙත යන්නෙහු ද?
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ
26:166
තවද නුඹලාගේ බිරියන් අතරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මවා ඇති දෑ අත හැර දමමින් (පිරිමින් වෙත යන්නෙහු ද?) නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.
ﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎ
26:167
අහෝ ලූත්! නුඹ එයින් නොවැළකුණෙහි නම්, සැබැවින්ම නුඹ බැහැර කරනු ලබන්නන් අතරින් වන්නෙහිය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝය.
ﮏﮐﮑﮒﮓﮔ
26:168
නියත වශයෙන්ම මම නුඹලාගේ ක්රියාව පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි ඔහු (ලූත්) පැවසීය.
ﮕﮖﮗﮘﮙﮚ
26:169
පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!
ﮛﮜﮝﮞ
26:170
ඔහු හා ඔහුගේ දරුපවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.
ﮟﮠﮡﮢﮣ
26:171
එවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර.
ﮤﮥﮦﮧ
26:172
පසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.
ﮨﮩﮪﮫﮬﮭﮮﮯ
26:173
තවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
26:174
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
ﯛﯜﯝﯞﯟﯠ
26:175
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්ව බලධාරී මහාකරුණාන්විත.
ﯡﯢﯣﯤﯥ
26:176
අය්කා වාසීහු ද දර්ම දූතයින් බොරු කළෝය.
ﯦﯧﯨﯩﯪﯫﯬ
26:177
නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැයි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﯭﯮﯯﯰﯱ
26:178
නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.
ﯲﯳﯴﯵ
26:179
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
ﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂ
26:180
තවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නොවේ.
ﰃﰄﰅﰆﰇﰈﰉﰊ
26:181
නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා අලාභ කරන්නන් අතරින් නොවනු.
ﰋﰌﰍﰎ
26:182
තවද නිවැරදි තුලනයෙන් නුඹලා කිරනු.
ﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘ
26:183
තවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු.
ﭑﭒﭓﭔﭕﭖ
26:184
තවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.
ﭗﭘﭙﭚﭛﭜ
26:185
නියත වශයෙන්ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝය.
ﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
26:186
තවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. තවද සැබැවින්ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
26:187
එහෙයින් නුඹ සත්යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.
ﭱﭲﭳﭴﭵﭶ
26:188
නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
26:189
එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්රහණය කළේය. නියත වශයෙන්ම එය දරුණු දිනයක දඬුවමක් විය.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌ
26:190
නියත වශයෙන්ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූවෝය.
ﮍﮎﮏﮐﮑﮒ
26:191
තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහුමය සර්වබලධාරී මහාකරුණාන්විත.
ﮓﮔﮕﮖﮗ
26:192
තවද නියත වශයෙන්ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක්මය.
ﮘﮙﮚﮛﮜ
26:193
විශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.
ﮝﮞﮟﮠﮡﮢ
26:194
නුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත,
ﮣﮤﮥﮦ
26:195
පැහැදිලි අරාබි බසින්.
ﮧﮨﮩﮪﮫ
26:196
තවද නියත වශයෙන්ම එය මුතුන් මිත්තන්ගේ ලේඛන වල විය.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
26:197
තවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නොවී ද?
ﯗﯘﯙﯚﯛﯜ
26:198
තවද අරාබි නොවන ඇතැමුන් වෙත අපි එය පහළ කොට,
ﯝﯞﯟﯠﯡﯢﯣ
26:199
එය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුන් ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.
ﯤﯥﯦﯧﯨﯩ
26:200
වැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙසය.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱ
26:201
වේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳ ව ඔවුහු විශ්වාස නොකරති.
ﯲﯳﯴﯵﯶﯷ
26:202
එහෙයින් ඔවුන් නොහඟමින් සිටියදී ක්ෂණික ව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.
ﯸﯹﯺﯻﯼ
26:203
එවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ?යි අසති.
ﯽﯾﯿ
26:204
එසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද?
ﰀﰁﰂﰃﰄ
26:205
ඔබ නොදන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,
ﰅﰆﰇﰈﰉﰊ
26:206
පසු ව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට,
ﭑﭒﭓﭔﭕﭖﭗ
26:207
ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවනු ඇත.
ﭘﭙﭚﭛﭜﭝﭞﭟ
26:208
තවද කිසිදු ගම්මානයක් එහි (එවන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොර ව අපි විනාශ නොකළෙමු.
ﭠﭡﭢﭣﭤ
26:209
(ඔවුන් එවනු ලැබුවේ) මෙනෙහි කිරීමක් වශයෙනි. තවද අපි අපරාධකරුවන් නොවූයෙමු.
ﭥﭦﭧﭨﭩ
26:210
තවද ෂෙයිතාන්නු එය පහළ නොකළෝය.
ﭪﭫﭬﭭﭮﭯ
26:211
තවද ඔවුනට එය සුදුසු (කාර්යයක්) නොවීය. තවද ඔවුහු එයට ශක්තිය නොදරති.
ﭰﭱﭲﭳﭴ
26:212
නියත වශයෙන්ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවෝ වෙති.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
26:213
එහෙයින් නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් නොකරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතරින් වනු ඇත.
ﭿﮀﮁﮂ
26:214
තවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.
ﮃﮄﮅﮆﮇﮈﮉ
26:215
තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹ ව අනුගමනය කළවුන් හට නුඹගේ (කරුණාවේ) පියාපත් පහත් කරනු.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑ
26:216
නමුත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.
ﮒﮓﮔﮕﮖ
26:217
තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.
ﮗﮘﮙﮚﮛ
26:218
ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නාය.
ﮜﮝﮞﮟ
26:219
තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).
ﮠﮡﮢﮣﮤ
26:220
නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.
ﮥﮦﮧﮨﮩﮪﮫ
26:221
ෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැයි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද?
ﮬﮭﮮﮯﮰﮱ
26:222
පාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙතම ඔවුහු පහළ වෙති.
ﯓﯔﯕﯖﯗ
26:223
සවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහුය.
ﯘﯙﯚﯛ
26:224
තවද කවිවරුන් වනාහි නොමග ගියවුන් ඔවුන් ව අනුගමනය කරති.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣ
26:225
නියත වශයෙන්ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නොදුටුවෙහි ද?
ﯤﯥﯦﯧﯨﯩ
26:226
තවද නියත වශයෙන්ම ඔවුහු තමන් සිදු නොකරන දෑ (කළ බවට) පවසති.
ﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
26:227
නමුත් දේවත්වය විශ්වාස කර යහකම් කර අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු තම ආරක්ෂාව සලස්වා ගත් අය හැර. තවද තමන් කවර තැනකට යොමු වන්නේ දැයි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







