අල්-මාඉදා · 41/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මාඉදා
۞ يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ الَّذِينَ هَادُوا ۛ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُوا ۚ وَمَن يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ ۝٤١
Yaaa ayyuhar Rasoolu laa yahzukal lazeena yusaa ri`oona fil kufri minal lazeena qaaloo aamannaa bi afwaahihim wa lam tu`min quloobuhum; wa minal lazeena haadoo sammaa`oona lilkazibi sammaa`oona liqawmin aakhareena lam yaatooka yuharifoonal kalima mim ba`di mawaadi`ihee yaqooloona in ooteetum haazaa fakhuzoohu wa il lam tu`tawhu fahzaroo; wa many-yuridil laahu fitnatahoo falan tamlika lahoo minal laahi shai`aa; ulaaa `ikal lazeena lam yuridil laahu any-yutahhira quloobahum; lahum fid dunyaa khizyunw wa lahum fil Aakhirati`azaabun `azeem
📖 සිංහලෙන්
අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුඛ වලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් විකෘති කොට “මෙය නුඹලාට දෙනු ලැබු‍වේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නොලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහු ව වැළැක්වීමට) නුඹ බලය නොදරන්නේමය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නොසිතූ අය මොවුන්ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත.

🎧 අසන්න


📜 ආයාත් 39-43 — සූරා අල්-මාඉදා

39فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
නමුත් තම අපරාධයෙන් පසුව කවරෙකු පශ්චාත්තාප වී (තමාව) නිවැරදි කර ගනීද, සැබැවින්ම අල්ලාහ් ඔහු වෙත සමාව පිරිනමයි. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
40أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُعَذِّبُ مَن يَشَاءُ وَيَغْفِرُ لِمَن يَشَاءُ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස්හි හා මිහිතලයේ ආධිපත්‍යය සැබැවින්ම අල්ලාහ් සතු බව නුඹ නොදන්නෙහි ද? ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
41۞ يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُوا آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ الَّذِينَ هَادُوا ۛ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُوا ۚ وَمَن يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුඛ වලින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් වූවන් අතරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් විකෘති කොට “මෙය නුඹලාට දෙනු ලැබු‍වේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නොලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහු ව වැළැක්වීමට) නුඹ බලය නොදරන්නේමය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නොසිතූ අය මොවුන්ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත.
42سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ ۚ فَإِن جَاءُوكَ فَاحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا ۖ وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُم بِالْقِسْطِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ
ඔවුහු මුසා බසට අධිකව සවන් දෙන්නෝ වෙති. තහනම් කළ දෑ අධික ලෙස අනුභව කරන්නෝ වෙති. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන් ව නුඹ නොසලකා හරිනු. එසේ නුඹ ඔවුන් ව නොසලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින්ම අල්ලාහ් සාධාරණ ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
43وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ
ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුන් පිටුපාමින් සිටියදී නුඹ ව තීරක වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද?.ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
41ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 41

සූරා අල්-මාඉදා ආයාත් 41 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ දූතය! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුඛ වලින්…

සූරා ආයාත් 41/120 — සූරා අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මාඉදා අසන්න, සූරා අල්-මාඉදා පරිවර්තනය, සූරා අල්-මාඉදා mp3, සූරා අල්-මාඉදා pdf. ආයාත් 39–43. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers