අත්-තහ්රීම් · 9/12
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තහ්රීම්
يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ ۝٩
yaaa ayyuuhan nabiyyu jaahidil kuffaara walmunaa-fiqeena waghluz `alaihim; wa maawaahum jahannamu wa bi`sal maseer
📖 සිංහලෙන්
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමග නුඹ අරගල කරනු. තවද ඔවුනට එරෙහි ව දැඩි ව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය.
🎧 අසන්න

📜 ආයාත් 7-11 — අත්-තහ්රීම්

7يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لَا تَعْتَذِرُوا الْيَوْمَ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නොදක්වනු. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑය.
8يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا عَسَىٰ رَبُّكُمْ أَن يُكَفِّرَ عَنكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් වෙත අවංක පශ්චාත්තාපයකින් පශ්චාත්තාප වී යොමු වනු. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කොට ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නුඹලා ව ඇතුළත් කරන්නට පුළුවණ. එදින නබිවරයාට හා ඔහු සමග වූ විශ්වාස කළවුනට අල්ලාහ් අවමන් නොකරයි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණුපසින් ද දිව යයි. “අපගේ පරමාධිපතියාණනි! අපගේ ආලෝකය අපට පූර්ණවත් කර දෙනු මැනව! තවද අපහට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම නුඹ සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.” යැයි ඔවුන් පවසනු ඇත.
9يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ
අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමග නුඹ අරගල කරනු. තවද ඔවුනට එරෙහි ව දැඩි ව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය.
10ضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ
නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. නමුත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනා ට ද්‍රෝහි වූවෝය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් කිසිදු සෙතක් සැලසිය නොහැකි විය. තවද නුඹලා පිවිසෙන්නන් සමග නිරයට පිවිසෙනු යැයි කියනු ලැබීය.
11وَضَرَبَ اللَّهُ مَثَلًا لِّلَّذِينَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِندَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِن فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
තවද විශ්වාස කළවුන් සදහා උපමාවක් ලෙස අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරිය ඉදිරිපත් කළේය. “මාගේ පරමාධිපතියාණනි! නුඹ අබියස (ස්වර්ග) උයනේ නිවසක් මා වෙනුවෙන් ඉදි කර දෙනු මැනව! තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (නපුරු) ක්‍රියාවෙන් ද මා මුදවා ගනු මැනව! තවද අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව!” යැයි ඇය පවසා සිටියාය.
අත්-තහ්රීම්කුර්ආන් දර්ශකය
12ආයාත්
MedinanRevelation
9ආයාත්

පරිවර්තනය — අත්-තහ්රීම් 9

සූරා අත්-තහ්රීම් ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ නබිවරය! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් සමග නුඹ අරගල…

සූරා ආයාත් 9/12 — අත්-තහ්රීම් التحريم (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තහ්රීම් අසන්න, අත්-තහ්රීම් පරිවර්තනය, අත්-තහ්රීම් mp3, අත්-තහ්රීම් pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers