📖 0/604 කියවූ පිටු
📄 535
يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٌ مُّخَلَّدُونَ  ۝١٧ بِأَكۡوَابٍ وَأَبَارِيقَ وَكَأۡسٍ مِّن مَّعِينٍ  ۝١٨ لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ  ۝١٩ وَفَٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ  ۝٢٠ وَلَحۡمِ طَيۡرٍ مِّمَّا يَشۡتَهُونَ  ۝٢١ وَحُورٌ عِينٌ  ۝٢٢ كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ  ۝٢٣ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ  ۝٢٤ لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا تَأۡثِيمًا  ۝٢٥ إِلَّا قِيلًا سَلَٰمًا سَلَٰمًا  ۝٢٦ وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ  ۝٢٧ فِي سِدۡرٍ مَّخۡضُودٍ  ۝٢٨ وَطَلۡحٍ مَّنضُودٍ  ۝٢٩ وَظِلٍّ مَّمۡدُودٍ  ۝٣٠ وَمَآءٍ مَّسۡكُوبٍ  ۝٣١ وَفَٰكِهَةٍ كَثِيرَةٍ  ۝٣٢ لَّا مَقۡطُوعَةٍ وَلَا مَمۡنُوعَةٍ  ۝٣٣ وَفُرُشٍ مَّرۡفُوعَةٍ  ۝٣٤ إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءً  ۝٣٥ فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا  ۝٣٦ عُرُبًا أَتۡرَابًا  ۝٣٧ لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ  ۝٣٨ ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ  ۝٣٩ وَثُلَّةٌ مِّنَ ٱلۡأٓخِرِينَ  ۝٤٠ وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ  ۝٤١ فِي سَمُومٍ وَحَمِيمٍ  ۝٤٢ وَظِلٍّ مِّن يَحۡمُومٍ  ۝٤٣ لَّا بَارِدٍ وَلَا كَرِيمٍ  ۝٤٤ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ  ۝٤٥ وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ  ۝٤٦ وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ  ۝٤٧ أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ  ۝٤٨ قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ  ۝٤٩ لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٍ مَّعۡلُومٍ  ۝٥٠
56:17
يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٌ مُّخَلَّدُونَ  ۝١٧
ළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.
56:18
بِأَكۡوَابٍ وَأَبَارِيقَ وَكَأۡسٍ مِّن مَّعِينٍ  ۝١٨
දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)
56:19
لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ  ۝١٩
එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති.
56:20
وَفَٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ  ۝٢٠
ඔවුන් කැමති පලතුරු සමග ද;
56:21
وَلَحۡمِ طَيۡرٍ مِّمَّا يَشۡتَهُونَ  ۝٢١
ඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)
56:22
وَحُورٌ عِينٌ  ۝٢٢
තවද දැකුම්කලු කන්යා කුමරියෝ ද වෙති.
56:23
كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ  ۝٢٣
(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය.
56:24
جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ  ۝٢٤
(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.
56:25
لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا تَأۡثِيمًا  ۝٢٥
ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති.
56:26
إِلَّا قِيلًا سَلَٰمًا سَلَٰمًا  ۝٢٦
සලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.
56:27
وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ  ۝٢٧
දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?
56:28
فِي سِدۡرٍ مَّخۡضُودٍ  ۝٢٨
(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය.
56:29
وَطَلۡحٍ مَّنضُودٍ  ۝٢٩
තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය.
56:30
وَظِلٍّ مَّمۡدُودٍ  ۝٣٠
තවද දිගු කරනු ලැබූ සෙවණැලි අතරය.
56:31
وَمَآءٍ مَّسۡكُوبٍ  ۝٣١
තවද ගලා යවනු ලබන ජලය අතරය.
56:32
وَفَٰكِهَةٍ كَثِيرَةٍ  ۝٣٢
තවද බොහෝ පලතුරු අතරය.
56:33
لَّا مَقۡطُوعَةٍ وَلَا مَمۡنُوعَةٍ  ۝٣٣
කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.
56:34
وَفُرُشٍ مَّرۡفُوعَةٍ  ۝٣٤
තවද උස් ව තබන ලද ඇතිරිලි අතරය.
56:35
إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءً  ۝٣٥
නියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.
56:36
فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا  ۝٣٦
අපි ඔවුන් කන්යා කුමරියන් බවට පත් කළෙමු.
56:37
عُرُبًا أَتۡرَابًا  ۝٣٧
පෙම්බර සම වයසැති,
56:38
لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ  ۝٣٨
දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)
56:39
ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ  ۝٣٩
(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.
56:40
وَثُلَّةٌ مِّنَ ٱلۡأٓخِرِينَ  ۝٤٠
තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.
56:41
وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ  ۝٤١
තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?
56:42
فِي سَمُومٍ وَحَمِيمٍ  ۝٤٢
(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය.
56:43
وَظِلٍّ مِّن يَحۡمُومٍ  ۝٤٣
තවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය.
56:44
لَّا بَارِدٍ وَلَا كَرِيمٍ  ۝٤٤
(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.
56:45
إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ  ۝٤٥
නියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.
56:46
وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ  ۝٤٦
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
56:47
وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ  ۝٤٧
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
56:48
أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ  ۝٤٨
“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”
56:49
قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ  ۝٤٩
“නියත වශයෙන්ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
56:50
لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٍ مَّعۡلُومٍ  ۝٥٠
ඔවුන් සැබවින්ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.


📚Juz 27 📄535 / 604



Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, August 31, 2026

Don't forget us in your sincere prayers