අල්-හාක්කා සූරා අරාබි සහ සිංහල
අල්-හාක්කා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (52 ආයාත් — مكية). අල්-හාක්කා අසන්න, අල්-හාක්කා පරිවර්තනය, අල්-හාක්කා mp3, අල්-හාක්කා pdf.අල්-හාක්කා සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
(හදවත්) තිගැස්සීමට පත් කරවන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝය.
وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝය.
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
فَهَلْ تَرَىٰ لَهُم مِّن بَاقِيَةٍ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?
وَجَاءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.
فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.
إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.
فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;
وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;
وَانشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.
فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
إِنِّي ظَنَنتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
නියත වශයෙන්ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
“පසු ගිය දින වල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම්!” යැයි පවසයි.
وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම්!” (කොතරම් අගනේද?)
يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.
هَلَكَ عَنِّي سُلْطَانِيَهْ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
لَّا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
وَإِنَّهُ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
තවද නියත වශයෙන්ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
තවද නියත වශයෙන්ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි.
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ ٥٢
📖 පරිවර්තනය
ආයාත් 52
එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
කියවන්න අල්-හාක්කා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

