PDF —
44 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-මආරිජ් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-මආරිජ් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මආරිජ් පරිවර්තනය. සූරා අල්-මආරිජ් (Meccan) 44 ආයාත්.

← අල්-හාක්කාසූරා අල්-මආරිජ් නූහ් →


44 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮮﮯﮰﮱﯓ
70:1 සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.
ﯔﯕﯖﯗﯘ
70:2 දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
ﯙﯚﯛﯜﯝ
70:3 (එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
70:4 එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
ﯪﯫﯬﯭ
70:5 එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
ﯮﯯﯰﯱ
70:6 නියත වශයෙන්ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
ﯲﯳﯴ
70:7 නමුත් අපි එය සමීපයෙන් දකිමු.
ﯵﯶﯷﯸﯹ
70:8 එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
ﯺﯻﯼﯽ
70:9 තවද කඳු ලොම් මෙන් වනු ඇත.
ﯾﯿﰀﰁﰂ
70:10 තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
70:11 ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන්ම;
ﭜﭝﭞ
70:12 තම බිරිය, තම සොහොයුරන්;
ﭟﭠﭡﭢ
70:13 ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
ﭣﭤﭥﭦﭧﭨﭩ
70:14 තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
ﭪﭫﭬﭭﭮ
70:15 එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
ﭯﭰﭱ
70:16 (එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
ﭲﭳﭴﭵﭶ
70:17 එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
ﭷﭸﭹ
70:18 ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේය.
ﭺﭻﭼﭽﭾﭿ
70:19 නියත වශයෙන්ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.
ﮀﮁﮂﮃﮄ
70:20 ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.
ﮅﮆﮇﮈﮉ
70:21 තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නොදී) වළක්වන්නෙකු වේ.
ﮊﮋﮌ
70:22 නමුත් සලාතය ඉටු කරන්නන් හැර;
ﮍﮎﮏﮐﮑﮒ
70:23 ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
ﮓﮔﮕﮖﮗﮘ
70:24 තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
ﮙﮚﮛ
70:25 අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
ﮜﮝﮞﮟﮠ
70:26 තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව තහවුරු කරති.
ﮡﮢﮣﮤﮥﮦﮧ
70:27 තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.
ﮨﮩﮪﮫﮬﮭ
70:28 නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නොවන්නකි.
ﮮﮯﮰﮱﯓ
70:29 තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
70:30 නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦ
70:31 එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
ﯧﯨﯩﯪﯫﯬ
70:32 තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
ﯭﯮﯯﯰﯱ
70:33 තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නෝ වෙති.
ﯲﯳﯴﯵﯶﯷ
70:34 තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
ﯸﯹﯺﯻﯼ
70:35 ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
ﯽﯾﯿﰀﰁﰂ
70:36 මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.
ﰃﰄﰅﰆﰇﰈ
70:37 දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).
ﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑ
70:38 ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
ﰒﰓﰔﰕﰖﰗﰘ
70:39 එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
ﰙﰚﰛﰜﰝﰞﰟﰠ
70:40 පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ
70:41 (ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නොවෙමු.
ﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
70:42 ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
70:43 පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුන් බැහැර වනු ඇත.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
70:44 ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers