සූරා අල්-අම්බියා
PDF —
112 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-අම්බියා pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-අම්බියා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-අම්බියා පරිවර්තනය. අල්-අම්බියා (Meccan) 112 ආයාත්.

← තාහාඅල්-අම්බියා අල්-හජ් →


සූරා අල්-අම්බියා
112 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭑﭒﭓﭔﭕﭖﭗﭘ
ජනයාට ඔවුන්ගේ විනිශ්චය ළඟා විය. නමුත් ඔවුහු (ඒ ගැන) නොසැලකිලිමත් ව පිටුදකින්නන් ලෙස සිටිති.
ﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් හාස්යයට ලක් කරමින් එයට ඔවුහු සවන් දුන්නේමය.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
ඔවුන්ගේ හදවත් නොසැලකිලිමත් ලෙසින් පවතී. තවද "මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරුද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහුදැ?" යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කරගත්හ.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු කරන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්රාවකය. සර්වඥානීය යැයි ඔහු (නබිවරයා) පැවසුවේය.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
නැත. එය සිහින වල ව්යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේය. නැත. ඔහු කවියෙකි. එහෙයින් මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් (එහි වැසියන්) විශ්වාස නොකළේය. එසේ නම් මොවුන් විශ්වාස කරනු ඇත් ද?
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
නුඹට පෙර අපි දූතයින් ලෙස පිරිමින්වම මිස එව්වේ නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
තවද ආහාර අනුභව නොකරන ශරීරයක් බවට අපි ඔවුන් පත් නොකළෙමු. තවද ඔවුහු සදාතනිකයින් නොවූහ.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟ
පසු ව එම ප්‍රතිඥාව ඔවුනට අපි සැබෑ කළෙමු. එවිට අපි ඔවුන් හා අප අභිමත කරන්නා වූ අය මුදවා ගත්තෙමු. තවද සීමාව ඉක්මවා ගියවුන් අපි විනාශ කළෙමු.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
සැබැවින්ම අපි නුඹලා වෙත ධර්ම ග්රන්ථයක් පහළ කළෙමු. එහි නුඹලාට මෙනෙහි කිරීමක් විය. නුඹලා වටහා ගත යුතු නොවේද?
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද? තවද එයට පසු ව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣ
ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යන්නට විය.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮ
නුඹලා පලා නොයනු. එහි නුඹලා භුක්ති විඳිමින් සිටි දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලබනු ඇත.
ﭯﭰﭱﭲﭳﭴ
අහෝ අපගේ විනාශය! නියත වශයෙන්ම අපි අපරාධකාරයින් වූයෙමු යැයි ඔවුහු පැවසූහ.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
අපි ඔවුන් ව නෙළන ලද (අස්වැන්න) පුඵස්සනු ලැබූ දේ බවට පත් කරන තෙක් එයමය ඔවුන්ගේ වැළපීම වූයේ.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅ
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද හාස්‍යයක් ලෙස අපි නොමැව්වෙමු.
ﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
අපි හාස්යයට ගන්නට සිතුවේ නම්, එය එසේ සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප වෙතින්ම එය ගන්නට තිබුණි.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
නමුත් අපි සත්යය ගෙන අසත්යයට එරෙහි ව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට විනාශය ඇත.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
තවද අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද ඔහු සතුය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු විඩාවට පත් නොවෙති.
ﮰﮱﯓﯔﯕﯖ
රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නොවෙති.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞ
එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද?
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධය.
ﯮﯯﯰﯱﯲﯳﯴ
(අල්ලාහ් වන) ඔහු කරන දෑ පිළිබඳ ව විමසනු නොලබයි. නමුත් ඔවුහුමය විමසනු ලබනුයේ.
ﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏ
එසේ නැතහොත් ඔහු හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමග වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන්ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි යැයි (නබිවරය) නුඹ පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්යය නොදනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නෝ වෙති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
‘තවද නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මටම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධය. නමුත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.
ﭬﭭﭮﭯﭰﭱﭲ
ඔවුහු ප්‍රකාශයෙන් පවා ඔහු ව අබිබවා නොයති. තවද ඔවුහු ඔහුගේ අණට අනුව ක්රියාත්මක වෙති.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නොවෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
තවද ඔහු නොව සැබැවින්ම මමය දෙවියා යැයි ඔවුන් අතරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
නියත වශයෙන්ම අහස් හා පොළොව එකට (ස්කන්ධයක් ව) තිබුණි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
තවද එය ඔවුන් ව ඇල නොකරන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි බොහෝ දිගු මාර්ග ද ඇති කළෙමු.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. නමුත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
තවද රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහුය. (ඒ) සියල්ල කක්ෂයක පා වෙති.
ﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ
තවද නුඹට පෙර කිසිදු මිනිසෙකුට අමරණීයත්වයක් අපි ඇති නොකළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් ඔවුහු සදාතනිකයෝ වෙත්ද?
ﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. තවද පරීක්ෂණයක් ලෙස අපි නපුරෙන් හා යහපතින් නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹ ව දුටු විට නුඹලාගේ දෙවිවරුන් ගැන මෙනෙහි කරනුයේ මොහු දැයි පවසමින් නුඹ ව සරදමක් ලෙස මිස ඔවුහු නොගනු ඇත. තවද ඔවුහු මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නොපතනු.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴ
තවද නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා (සිදු වන්නේ) දැයි ඔවුහු විමසති.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන්ම ඔවුනට උදව් කරනු නොලබන අවස්ථාව ගැන දැන සිටියා නම්! (ඔවුන් ඉක්මන් නොවනු ඇත).
ﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
නමුත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නොදරති. එමෙන්ම ඔවුන් අවකාශයද දෙනු නොලබති.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබීය. එහෙයින් කවර දෙයක් පිළිබඳ ව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතරින් සරදම් කළවුන් වටලා ගත්තේය.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලා ව ආරක්ෂා කරන්නේ කවරහුදැයි (නබිවරය!) නුඹ විමසනු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නෝ වෙති.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
එසේ නැතහොත්, අපගෙන් තොරව ඔවුන් වළක්වාලන දෙවිවරුන් ඔවුනට වෙත්ද? තමන්ටම උපකාර කිරීමට පවා ඔවුහු හැකියාව නොදරති. තවද ඔවුහු අපගෙන් ආරක්ෂා කරනු නොලබති.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
එසේ නොව, මොවුනට හා මොවුන්ගේ මුතුන් මිත්තන් හට දිගු ආයුෂ කාලයක් ගත වන තෙක් අපි භුක්ති විඳීමට සළස්වීමු; අපි මහපොළොව එහි පැතිකඩ වලින් අඩු කරමින් එන බව ඔවුහු නොදුටුවෝද? එහෙයින් ඔවුන් (අප) අභිබවා යන්නෝ වෙත්ද?
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
සැබැවින්ම මම නුඹලාට අවවාද කරනුයේ දේව පණිවිඩය අනුවය යැයි (නබිවරය!) නුඹ පවසනු. නමුත් ඔවුනට අවවාද කරනු ලබන විට එම අයැදුමට බිහිරන් සවන් නොදෙති.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩ
තවද නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් ස්වල්ප කොටසක් ඔවුනට ස්පර්ශ වූයේ නම්, අහෝ අපගේ විනාශය! නියත වශයෙන්ම අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු යැයි ඔවුහු නිසකවම පවසනු ඇත.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀ
තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් විය.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
තවද (සත්යය හා අසත්යය වෙන් කර දක්වන) මිණුම් දණ්ඩය ද ආලෝකය ද බිය බැතිමතුන්හට වූ උපදෙස් ද අපි මූසාට හා හාරූන්ට පිරිනැමුවෙමු.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
ඔවුහු වනාහි ඔවුන්ගේ පරමාධිපතිට අදෘශ්‍යමාන ව සිටිය දී බිය වෙති. තවද අවසන් හෝරාව පිළිබඳ බියෙන් පසුවන්නන් ද වෙති.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
තවද මෙය අපි පහළ කළා වූ සමෘද්ධිමත් උපදෙසකි. එහෙයින් නුඹලා එය පිටුදකින්නෝ වෙත්ද?
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦ
තවද මීට පෙර ඉබ්රාහීම්ට ඔහුට හිමි යහ මග අපි පිරිනැමුවෙමු. තවද ඔහු පිළිබඳ අපි දැන සිටින්නන් වූයෙමු.
ﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
‘නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්‍රතිමාවන් කුමක්දැ?යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු.
ﯔﯕﯖﯗﯘﯙ
‘අපගේ මුතුන්මිත්තන් ඒවාට නැමදුම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැ’යි ඔවුහු පැවසූහ.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
‘නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින්ම සිටියෙහු යැ’යි ඔහු පැවසුවේය.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪ
‘නුඹ අප වෙත සත්යය ගෙන ආවෙහිද? එසේ නැතහොත් නුඹ හාස්‍ය ලෙස කටයුතු කරන්නන් අතරින් කෙනෙකුදැ?’යි ඔවුහු විමසූහ.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
එසේ නොව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀ
තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ
පසු ව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලි වලට පත් කළේය.
ﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
‘අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේ කවුද? නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් අතරින් වේ යැ’යි ඔවුහු පැවසූහ.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪ
‘ඒවා (පිළිම) ගැන දොස් නගන ඔහුට ඉබ්රාහීම් යැයි අමතනු ලබන තරුණයෙක් පිළිබඳ අපි අසා ඇත්තෙමු’ යි ඔවුහු පැවසූහ.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
‘එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැ’යි ඔවුහු පැවසූහ.
ﭴﭵﭶﭷﭸﭹﭺ
අහෝ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹදැයි ඔවුහු විමසූහ.
ﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඒවා කතා කරන්නන් ලෙස සිටියේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේය.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌ
එවිට (පිළිතුරු දිය නොහැකි) ඔවුහු තමන් වෙතට ම හැරී "නියත වශයෙන්ම අපරාධකරුවෝ නුඹලාමය යැයි පැවසුවෝය".
ﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව "සැබැවින්ම මේවා කතා නොකරන බව නුඹ දන්නෙහිය" (යැයි පැවසුවෝය).
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
‘අල්ලාහ් හැර දමා නුඹලාට කිසිදු ඵලක් නොදෙන එමෙන්ම නුඹලාට කිසිදු හානියක් නොකරන දෑට නුඹලා නැමදුම් කරන්නෙහුද? යැ’යි ඔහු විමසුවේය.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
නුඹලාට හා අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දෑට විනාශයම වේවා! නුඹලා වටහාගත යුතු නොවේද?
ﮮﮯﮰﮱﯓﯔﯕﯖ
නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහු ව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුහු පැවසුවෝය.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞ
අහෝ ගින්න! නුඹ ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු යැයි අපි පැවසුවෙමු.
ﯟﯠﯡﯢﯣﯤ
තවද ඔහුට කුමන්ත්රණයක් කිරීමට ඔවුහු සිතුවෝය. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු.
ﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
තවද ඉස්හාක් හා ඊට අමතර ව යඃකූබ් ද ඔහුට අපි පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුවම දැහැමියන් බවට අපි පත් කළෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡ
තවද අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. තවද යහ ක්රියා සිදු කිරීමටත් සලාතය විධිමත් ව ඉටු කිරීමටත් සකාත් පිරිනැමීමටත් ඔවුන් වෙත අපි දේව පණිවිඩ එව්වෙමු. තවද ඔවුහු අපට නැමදුම් කරන්නන් වූහ.
ﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
තවද ලූත්ට ප්‍රඥාව හා ඥානය අපි පිරිනැමුවෙමු. තවද අශීලාචාරකම් සිදුකරමින් තිබූ ගම්මානයෙන් අපි ඔහු ව මුදවා ගත්තෙමු. නියත වශයෙන්ම ඔවුහු පාපතර නපුරු පිරිසක් වූහ.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻ
තවද අපි ඔහු ව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔහු දැහැමියන් අතරින් විය.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
තවද නූහ්, මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු හා ඔහුගේ පවුල මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
තවද අපගේ වදන් බොරු කළ ජනයාගෙන් (මුදවා) අපි ඔහුට උදව් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අපි (ජලයේ) ගිල්වූයෙමු.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
තවද දාවූද් හා සුලෙයිමාන්, පිරිසකගේ එළුවන් (රාත්‍රියෙහි අයාලෙ) එහි කඩා වැදුණු ගොවිබිමක් සම්බන්ධ (නඩු)ව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව මෙනෙහි කර බලනු. තවද ඔවුන්ගේ විනිශ්චය සඳහා අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘ
සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුටම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද දාවූද් සමග (අල්ලාහ් ව) සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදුකරන්නන් ලෙස සිටියෙමු.
ﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
තවද නුඹලාගේ යුද ගැටුමින් නුඹලා ව ආරක්ෂා කරනු පිණිස නුඹලා වෙනුවෙන් යුද ඇඳුම් නිපදවීමේ කලාව අපි ඔහුට ඉගැන්වූයෙමු. (මෙසේ තිබියදී) නුඹලා තුති පුදන්නන් වන්නෙහු ද?
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
තවද සුලෙයිමාන්ට සැඩ සුළඟද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. තවදසියලු දෑ පිළිබඳ ව අපි දැනුමැත්තන් ලෙස සිටියෙමු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞ
තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
තවද අය්යූබ්, නියත වශයෙන්ම පීඩාව මා වැලඳ ඇත. තවද නුඹ කරුණාවන්තයින් අතර මහා කරුණාන්විතයාණන් යැයි ඔහු ඔහුගේ පරමාධිපති ව ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පසුව කවර පීඩාවක් ඔහුට වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමග වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා නැමදුම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ
තවද ඉස්මාඊල්, ඉද්රීස් හා දුල් කිෆ්ල්, සියල්ලෝම ඉවසිලිවන්තයින් අතරින් වූහ.
ﮆﮇﮈﮉﮊﮋﮌﮍ
තවද අපි ඔවුන් ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දැහැමියන් අතරින් වූහ.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
තවද මත්සයාට අයත් (යූනුස්), ඔහු කෝපයට පත් ව ගිය අවස්ථාවේ ඔහු වෙත අපි බලය නොදරනු ඇතැයි ඔහු සිතුවේය. පසු ව ඔහු අන්ධකාරයන්හි සිට ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මම අපරාධකරුවන් අතරින් වීමි යැයි ඇමතීය.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු ව දුකින් මුදවා ගත්තෙමු. එලෙසය අපි දේවත්වය විශ්වාස කරන්නන් මුදවා ගනුයේ.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
තවද සකරිය්යා, මාගේ පරමාධිපතියාණනි! ඔබ මා තනි ව අතහැර නොදමනු. තවද ඔබ උරුමක්කරුවන්ගෙන් ශ්රේෂ්ඨයා යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතුවේය.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුට යහ්යා ව පිරිනැමුවෙමු. තවද අපි ඔහුට ඔහුගේ බිරිය දැහැමි කළෙමු. නියත වශයෙන්ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜ
තම කන්යාභව ආරක්ෂා කර ගත් තැනැත්තිය (වන මර්යම්) වනාහි එවිට අපි අපගේ ආත්මයෙන් ඇය තුළට පිඹිවෙමු. තවද ඇය හා ඇයගේ දරුවා ලෝවැසියන්හට සංඥාවක් බවට පත් කළෙමු.
ﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
නියත වශයෙන්ම මේ නුඹලාගේ ජනසමූහය එකම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭ
තවද ඔවුන්ගේ (ආගමික) කටයුතු ඔවුන් අතර වෙන් කර ගත්තෝය. සියලු දෙනා අප වෙත නැවත හැරී එන්නෝ වෙති.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺ
එහෙයින් කවරෙකු දේවත්වය විශ්වාස කරන්නකු ලෙස සිට යහකම් කරන්නේද එවිට ඔහුගේ ශ්රමයට කිසිදු ප්‍රතික්ෂේපයක් නොමැත. තවද නියත වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නෝ වෙමු.
ﭻﭼﭽﭾﭿﮀﮁﮂ
අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන්ම ඔවුහු නැවත හැරී නොඑති.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍ
අවසානයේ (බාධක) විවෘත කරනු ලැබු විට යඃජූජ් හා මඃජූජ් වන ඔවුහු සෑම උස් තැනකින් ම වේගයෙන් පැමිණෙනු ඇත.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡ
තවද සත්ය ප්‍රතිඥාව සමීප වී ඇත. එවිට ප්‍රතික්ෂේප කළවුන්ගේ බැල්ම පහත් ව පවතී. අහෝ අපගේ විනාශය! සැබැවින්ම අපි මේ ගැන අනවධානයෙහි පසු වූයෙමු. එසේ නොව අපි අපරාධකරුවන් වූයෙමු.
ﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
නියත වශයෙන්ම නුඹලා හා අල්ලාහ් හැර දමා නුඹලා නමදින දෑ නිරයේ ඉන්ධන වෙයි. නුඹලා ඒ වෙත පැමිණෙන්නෝ වෙති.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ
ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝම එහි සදාතනිකයෝ වෙති.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡ
එහි ඔවුනට විලාපයයි. තවද ඔවුහු එහි (වෙනත් කිසිවකට) සවන් නොදෙති.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
නියත වශයෙන්ම පෙර ඉකුත් ව ගිය, අපගෙන් යහපත හිමි අය වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නෝ වෙති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
ඔවුහු එහි කෙඳීරීමට සවන් නොදෙති. තවද ඔවුන්ගේ සිත් ආශා කරන දෑහි ඔවුහු සදාතනිකයෝ වෙති.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ
ඉමහත් භීතිය ඔවුන් දුකට පත් නොකරයි. තවද මෙය නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නුඹලාගේ දිනය වේ යැයි (පවසමින්) මලක්වරු ඔවුන් මුණ ගැසෙති.
ﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
ලේඛන ගත කළ පොත් හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින, මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි එය සිදු කරන්නන් වූයෙමු.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
තවද නියත වශයෙන්ම උපදෙසින් පසු සබූර් ධර්ම ග්රන්ථයෙහි "සැබැවින්ම මහපොළොව එය මාගේ දැහැමි ගැත්තෝ උරුමකර ගනිති " යැයි අපි සටහන් කළෙමු.
ﮉﮊﮋﮌﮍﮎﮏ
නියත වශයෙන්ම මෙහි නැමදුම් කරන ජනයාහට නිවේදනයක් ඇත.
ﮐﮑﮒﮓﮔﮕ
තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එකම දෙවිඳාණන් බවය. එහෙයින් නුඹලා අවනත වන්නෝ වෙත්ද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට "මම නුඹලාට එක සමාන ව දැනුම් දී ඇත්තෙමි. නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීපයෙන් ද එසේ නැතහොත් දුරින්ද යැයි මම නොදනිමි" යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
නියත වශයෙන්ම ප්‍රකාශයෙන් හෙළිවන දෑ ද ඔහු දනියි. තවද නුඹලා සඟවන දෑ ද ඔහු දනියි.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
තවද එය (එසේ ප්‍රමාදවීම) නුඹලාට පරීක්ෂණයක් ලෙස හෝ මද කලකට භුක්ති විඳීමක් ලෙස හෝ විය හැකි දැයි මම නොදනිමි.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰ
මාගේ පරමාධිපතියාණනි! නුඹ සත්යයෙන් යුතු ව තීන්දු දෙනු මැනව! නුඹලා වර්ණනා කරන දෑට විරුද්ධව මහා කරුණාන්විතයාණන් වූ අපගේ පරමාධිපති උදව් පතනු ලබන්නාය යැයි ඔහු (මුහම්මද්) පැවසීය.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers