අල්-කලම් සූරා අරාබි සහ සිංහල
අල්-කලම් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (52 ආයාත් — مكية). අල්-කලම් අසන්න, අල්-කලම් පරිවර්තනය, අල්-කලම් mp3, අල්-කලම් pdf.අල්-කලම් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
مَا أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නොවේ.
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.
بِأَييِّكُمُ الْمَفْتُونُ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.
وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම නුඹ අවනත නොවනු.
هَمَّازٍ مَّشَّاءٍ بِنَمِيمٍ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.
أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්;
إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ යැයි කියයි.
إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝය.
وَلَا يَسْتَثْنُونَ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
තවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.
فَطَافَ عَلَيْهَا طَائِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَائِمُونَ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.
أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَارِمِينَ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝය.)
أَن لَّا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නොවිය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝය).
وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
තවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝය.
فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන්ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවසුවෝය.
قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නොවේ දැයි මම නුඹලාට නොකීවෙම් දැ?යි ඔවුන් අතරින් මධ්යස්ථ අයෙකු කීවේය.
قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
“අපගේ පරමාධිපති සුවිශුද්ධය. නියත වශයෙන්ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආවෝය.
قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
“අහෝ අපගේ විනාශය! නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
عَسَىٰ رَبُّنَا أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත බලාපොරොත්තු තබන්නන් වෙමු.” (යැයි ඔවුහු පැවසුවෝය.)
كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
එලෙසය (අපගේ) දඬුවම. තවද මතු ලොවෙහි දඬුවම අති බිහිසුණුය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.
إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.
أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?
أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?
إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).
أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන්ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේද?
سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
මෙයට වගකිව යුත්තේ කවරෙකු දැයි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු.
أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِن كَانُوا صَادِقِينَ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
එසේ නොමැති නම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේ නම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!
يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නොදරති.
خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් (මෙලොව) නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූවෝය. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය.)
فَذَرْنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا الْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.
وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ උපාය තිරසාරය.
أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත්ද?
أَمْ عِندَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝද?
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
එහෙයින් (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නොවනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.
لَّوْلَا أَن تَدَارَكَهُ نِعْمَةٌ مِّن رَّبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහුට නොලැබුනේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.
فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
නමුත් ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. තවද ඔහු ව දැහැමියන් අතරට පත් කළේය.
وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ ٥١
📖 පරිවර්තනය
ආයාත් 51
තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.
وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ ٥٢
📖 පරිවර්තනය
ආයාත් 52
එහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.
කියවන්න අල්-කලම් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

