සූරා අල්-ජින්
PDF —
28 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-ජින් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-ජින් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ජින් පරිවර්තනය. අල්-ජින් (Meccan) 28 ආයාත්.



සූරා අල්-ජින්
28 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞ
නියත වශයෙන්ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී "සැබැවින්ම අපි පුදුමාකාර පාරායනයකට සවන් දුන්නෙමු යැයි පැවසූ වග මා වෙත දේව පණිවිඩය මගින් දන්වනු ලැබීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩ
එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නොකරන්නෙමු යැයි පැවසූ බවත් (දන්වනු ලැබීය.)
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
“තවද නියත වශයෙන්ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නොගත්තේය.”
ﭴﭵﭶﭷﭸﭹﭺﭻ
තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහි ව ප්‍රබන්ධ කතා පවසා සිටියේය.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆ
“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහි ව බොරුවක් කිසිවිටෙක නොපවසනු ඇතැයි නියත වශයෙන්ම අපි සිතමින් සිටියෙමු.”
ﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
තවද නියත වශයෙන්ම ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් මිනිස් වර්ගයාගෙන් පිරිසක් ආරක්ෂාව පැතුවෝය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝය.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
අල්ලාහ් කිසිවකු හෝ නැවත (පණ දී) එවන්නේම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින්ම ඔවුහු ද සිතුවෝය.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
තවද නියත වශයෙන්ම (ජින්වරුන් වන) අපි අහස ස්පර්ශ කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා උල්කාපාත වලින් පිරී තිබෙනු අපි දුටුවෙමු.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
තවද (අහසේ සිදුවන කතා බහ) සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ එසේ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහු දකිනු ඇත.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
තවද මහපොළොවේ වෙසෙන්නන් හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැයි නියත වශයෙන්ම අපි නොදනිමු.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
තවද නියත වශයෙන්ම අප අතරින් දැහැමියෝ ද වෙති. එමෙන්ම අප අතරින් එසේ නොවන්නන් ද වෙති. අපි විවිධ මාර්ග වල වෙන් ව සිටියෙමු.
ﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ
තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින්ම අපි සිතුවෙමු.
ﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
තවද නියත වශයෙන්ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නොවනු ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜ
තවද නියත වශයෙන්ම අප වනාහි අප අතරින් අවනත වන්නෝ ද වෙති. එමෙන්ම අප අතරින් (සත්‍යයෙන්) බැහැර වන්නෝ ද වෙති. එහෙයින් කවුරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝය.
ﭝﭞﭟﭠﭡﭢ
තවද (සත්‍යයෙන්) බැහැර වන්නෝ වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූවෝය.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪ
එසේම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවර ව සිටියේ නම් අපි ඔවුනට බහුල වශයෙන් ජලය සපයන්නෙමු යන වගත් (මට දන්වනු ලැබීය.)
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිසය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීම පිටු දකින්නේ ද ඔහු ඔහු ව දරුණු දඬුවමට යොමු කරනු ඇත.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
තවද නියත වශයෙන්ම මස්ජිදයන් අල්ලාහ් සතුය. එහෙයින් නුඹලා අල්ලාහ් සමග කිසිවෙක් නොඅයදිනු.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ
තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූවෝය.
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
“නියත වශයෙන්ම මා අයදිනුයේ මාගේ පරමාධිපතිවය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නොකරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන්ම මා බලය නොදරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
“(මා අවනත නොවුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නොහැක්කේමය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නොලබමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
අල්ලාහ් හා ඔහුගේ දූත පණිවිඩය ගැන දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නොවේ.) තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනිකයින් වෙති.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨ
අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැයි ද සංඛ්යාවෙන් වඩාත් අඩු කවුරුන් දැයි ද ඔවුහු මතු දැන ගනු ඇත.
ﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේදැයි ද මම නොදනිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﯵﯶﯷﯸﯹﯺﯻﯼ
ඔහු ගුප්ත දෑ දන්නාය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නොකරයි.
ﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
නමුත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන්ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.
ﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘ
ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන්ට දැනුම් දී ඇත්තේදැයි ඔහු දැන ගනු පිණිසය. ඔවුන් සමග ඇති දෑ පිළිබඳ ව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers