අන්-නූර් · 37/64
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නූර්
رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ ۝٣٧
Rinjaalul laa tulheehim tijaaratunw wa laa bai`un `an zikril laahi wa iqaamis Salaati wa eetaaa`iz Zakaati yakkhaafoona Yawman tataqallabu feehil quloobu wal absaar
📖 සිංහලෙන්
(ඔවුහු) තම ව්යාපාරය හෝ ගනු දෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.

🎧 අසන්න


📜 ආයාත් 35-39 — සූරා අන්-නූර්

35۞ اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ ۖ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ ۖ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونَةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُّورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِي اللَّهُ لِنُورِهِ مَن يَشَاءُ ۚ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති බිත්ති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළය. එම පළිඟු ව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම තෙල) ස්පර්ශ නොකළ ද එය ආලෝකය විහිදුවයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
36فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ
ඒවා උසට ඉදිකරනු ලබන්නටත් එහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලබන්නටත් (අල්ලාහ්ගේ) නිවෙස් හි අල්ලාහ් අවසර දී ඇත. එහි උදේ සවස ඔහු ව (මිනිසුන්) ඔහුව සුවිශුද්ධ කරති.
37رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ
(ඔවුහු) තම ව්යාපාරය හෝ ගනු දෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය. හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
38لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ ۗ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ
එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්රහය තුළින් ඔවුනට සමෘධිමත් කරනු පිණිසත්ය. තවද අල්ලාහ් අභිමත කරන අයට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරයි.
39وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاءً حَتَّىٰ إِذَا جَاءَهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِندَهُ فَوَفَّاهُ حِسَابَهُ ۗ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමානය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. නමුත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නොදකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ් ව දකිනු ඇත. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
අන්-නූර්කුර්ආන් දර්ශකය
64ආයාත්
MedinanRevelation
37ආයාත්

පරිවර්තනය — අන්-නූර් 37

සූරා අන්-නූර් ආයාත් 37 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (ඔවුහු) තම ව්යාපාරය හෝ ගනු දෙනුව හෝ අල්ලාහ් මෙනෙහි කිරීමෙන්…

සූරා ආයාත් 37/64 — සූරා අන්-නූර් النور (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නූර් අසන්න, සූරා අන්-නූර් පරිවර්තනය, සූරා අන්-නූර් mp3, සූරා අන්-නූර් pdf. ආයාත් 35–39. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers