وَأَنكِحُوا الْأَيَامَىٰ مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِن يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ ٣٢
🔤 Transliteration
Wa ankihul ayaamaa minkum was saaliheena min `ibaadikum wa imaa`kum; iny-yakoonoo fuqaraaa`a yughni himul laahu min fadlih; wal laahu Waasi`un `Aleem
📖 පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන් අතරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්යාපකය; සර්ව ඥානීය.
🌐 Additional reference in தமிழ்
වචනවල අර්ථ: الأَيَامَى (අල්-අයාමා): අයිම් යන්නෙහි බහු වචනයයි. එනම් විවාහ සහකරුවෙකු නොමැති පුරුෂයන් සහ ස්ත්රීන් ය. ඔවුන් කන්යාවන් වුවත්, වැන්දඹුවන් වුවත්, දික්කසාද වූවන් වුවත් එයට ඇතුළත් ය.وَالصَّالِحِينَ : යහපත්, ධාර්මික පුද්ගලයන්.عِبَادِكُمْ : ඔබ සතු (පිරිමි) වහලුන්.إِمَائِكُمْ : ඔබ සතු (ගැහැණු) වහලුන්.وَاسِعٌ : අතිමහත් භාග්යය හා දයාව ඇති තැනැත්තා.عَلِيمٌ : සියල්ල දන්නා තැනැත්තා.අර්ථ නිරූපණය: අහෝ ඇදහිලිවන්තයිනි! ඔබ අතරින් විවාහ සහකරුවෙකු නොමැති පුරුෂයන්ට සහ ස්ත්රීන්ට විවාහ කර දෙන්න. එසේම ඔබ සතු වහලුන් සහ වහල් ස්ත්රීන් අතරින් යහපත්, ධාර්මික අයට ද විවාහ කර දීමට කටයුතු කරන්න. විවාහය සඳහා ඉදිරිපත් වන අය දිළිඳුන් වුවහොත්, ඔවුන්ගේ දිළිඳුකම නිසා විවාහයෙන් වළකින්න එපා. මන්දයත්, අල්ලාහ් තආලා තම අතිමහත් භාග්යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් තආලා අතිමහත් භාග්යයේ හිමිකරුවෙකු වන අතර, ඔහුගේ දීමනා කිසිදා අවසන් නොවේ. ඔහු තම ඥානය අනුව තම ගැත්තන්ගේ තත්ත්වයන් මනාව දන්නා අතර, ඔවුන්ගෙන් සමහරුන්ට පොහොසත්කම ද, සමහරුන්ට පරීක්ෂාවක් ලෙස දිළිඳුකම ද ලබා දෙයි.
උපදේශ සහ පාඩම්: විවාහය යනු ඉස්ලාමයේ අතිශයින් දිරිමත් කරනු ලබන උතුම් ක්රියාවකි. එය පුද්ගලයාගේ පාරිශුද්ධභාවය ආරක්ෂා කරන අතර සමාජයේ ස්ථාවරත්වයට මග පාදයි. විවාහයේදී දිළිඳුකම බාධකයක් නොවිය යුතුය. අල්ලාහ් තආලා තම භාග්යයෙන් පොහොසත් කරන බවට පොරොන්දු වී ඇත. එබැවින් විවාහය ප්රමාද කිරීම හෝ අත්හැරීම නොකළ යුතුය. විවාහයේදී ධනයට වඩා ධාර්මිකත්වය සහ යහපත් චරිතය ප්රමුඛ කළ යුතුය. එය සැබෑ සතුටේ සහ සාර්ථක විවාහ ජීවිතයේ පදනමයි. සමාජයේ සියලුම ස්ථරවල අයගේ විවාහ කටයුතු සඳහා උපකාර කිරීම සමාජ වගකීමකි. වහලුන් සහ සේවකයන් වැනි අඩු තරාතිරමේ අයගේ විවාහයන්ට ද දිරිගැන්වීම අනුකම්පාව සහ සාධාරණත්වයේ ලකුණකි. අල්ලාහ් තආලාගේ භාග්යය අතිමහත් ය. ඔහු කැමති අයට අනපේක්ෂිත ආකාරයෙන් පොහොසත්කම ලබා දෙයි. එබැවින් ඔහු කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ ආඥා පිළිපැදීමට ඉදිරිපත් විය යුතුය. මෙම ආයාව අල්ලාහ් තආලාගේ දයාව සහ තම ගැත්තන් කෙරෙහි ඇති සැලකිල්ල පෙන්නුම් කරයි. ඔහු ඔවුන්ගේ අවශ්යතා දන්නා අතර ඔවුන්ගේ ජීවිත පහසු කිරීමට මග පෙන්වයි.
وَأَنكِحُواْ ٱلۡأَيَٰمَىٰ مِنكُمۡ وَٱلصَّٰلِحِينَ مِنۡ عِبَادِكُمۡ وَإِمَآئِكُمۡۚ إِن يَكُونُواْ فُقَرَآءَ يُغۡنِهِمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ٣٢
තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන් අතරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්යාපකය; සර්ව ඥානීය.
🖼️ Save Image
🎬 Save Video
📜 ආයාත් 30-34 — සූරා අන්-නූර්
30 قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ
දේවත්වය විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන්ද ඔවුන්ගේ ලිංගේන්ද්රියන් ආරක්ෂා කරන මෙන් ද නුඹ පවසනු. එය ඔවුනට වඩාත් පිවිතුරු වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
31 وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَىٰ عَوْرَاتِ النِّسَاءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ ۚ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
තවද දේවත්වය විශ්වාස කරන කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්රියන් ආරක්ෂා කරන මෙන්ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතරින් කාමාශාවකින් තොර ව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්රීන්ගේ රහස්ය පෙදෙස් ගැන වැටහීමක් නැති දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නොකළ යුතුය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද (පොළවෙහි) නොගැසිය යුතුය. තවද අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
32 وَأَنكِحُوا الْأَيَامَىٰ مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِن يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන් අතරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්යාපකය; සර්ව ඥානීය.
33 وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ اللَّهُ مِن فَضْلِهِ ۗ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا ۖ وَآتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِي آتَاكُمْ ۚ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا ۚ وَمَن يُكْرِههُّنَّ فَإِنَّ اللَّهَ مِن بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَّحِيمٌ
තවද විවාහය සඳහා (යමක්) නොලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පිවිතුරුභාවය රැකිය යුතුය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (හෙවත් නුඹලාගේ පාලනය යටතේ සිටින වහල්) අය අතරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පිවිතුරුභාවය රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නොකරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ ද එසේ ඔවුනට බල කරනු ලැබීමෙන් පසු ව ද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
34 وَلَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُّبَيِّنَاتٍ وَمَثَلًا مِّنَ الَّذِينَ خَلَوْا مِن قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ
තවද සැබැවින්ම අපි නුඹලා වෙත පැහැදිලි කරන වදන් ද නුඹලාට පෙර ඉකුත් ව ගියවුන් පිළිබඳ නිදසුන් ද බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු
පරිවර්තනය — අන්-නූර් 32 සූරා අන්-නූර් ආයාත් 32 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද නුඹලා අතරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන්…
සූරා ආයාත් 32/64 — සූරා අන්-නූර් النور (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නූර් අසන්න, සූරා අන්-නූර් පරිවර්තනය, සූරා අන්-නූර් mp3, සූරා අන්-නූර් pdf. ආයාත් 30–34. සිංහලෙන්: தமிழ்.