අර්-රාද් සූරා අරාබි සහ සිංහල

අර්-රාද් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (43 ආයාත් — مدنية). අර්-රාද් අසන්න, අර්-රාද් පරිවර්තනය, අර්-රාද් mp3, අර්-රාද් pdf.

අර්-රාද් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
المر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ ۗ وَالَّذِي أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ الْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අලිෆ්, ලාම්, රා. ඒවා දේව ග්‍රන්ථයේ වදන් වෙති. තවද නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති.
اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُّسَمًّى ۚ يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُم بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
කිසිදු කුලුනකින් තොර ව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහුය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත වූයේය. තවද ඔහු හිරු හා සඳු වසඟ කළේය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමු ව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි.
وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا ۖ وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ ۖ يُغْشِي اللَّيْلَ النَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද මහපොළොව දිග හැර එහි කඳු හා ගංගා ඇති කළේ ඔහුමය. තවද සෑම ඵල වගාවකින්ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩුද ඇති කළේය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන්ම වටහා ගන්නා ජනයාට එහි සාධක ඇත.
وَفِي الْأَرْضِ قِطَعٌ مُّتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِّنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද මුදුන් මුල සහිත හා මුදුන් මුල රහිත රටඉඳි ගස් ද ඇත. එකම ජලයෙන් සපයනු ලැබේ. පරිභෝජනයෙහි ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.
۞ وَإِن تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
(නබිවරය) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් ඔවුහු "අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු ද?" යැයි ඔවුන් පැවැසීම (මීටවඩා) පුදුමයක් වේ. තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන් ඔවුහුමය. ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද ඔවුහුමය. තවද නිරාවාසීහු ද ඔවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. තවද ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් සැබැවින්ම ඉකුත් ව ගොස් ඇත. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධ වලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්තය. එමෙන්ම නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۗ إِنَّمَا أَنتَ مُنذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති. (නබිවරය) සැබැවින්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද සෑම සමූහයකටම මග පෙන්වන්නෙකු විය.
اللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنثَىٰ وَمَا تَغِيضُ الْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَيْءٍ عِندَهُ بِمِقْدَارٍ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
සෑම කතක්ම උසුලන දෑ ද ගර්භාෂයේ අඩු වන දෑ ද එහි වැඩි වන දෑ ද අල්ලාහ් දනී. තවද සෑම දෙයක්ම ඔහු අබියස නියමිත ප්‍රමාණයක් අනුව පිහිටයි.
عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْكَبِيرُ الْمُتَعَالِ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
ඔහු (අල්ලාහ්) ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ (මනාව) දන්නාය. අති මහත් අති උත්තරීතරය.
سَوَاءٌ مِّنكُم مَّنْ أَسَرَّ الْقَوْلَ وَمَن جَهَرَ بِهِ وَمَنْ هُوَ مُسْتَخْفٍ بِاللَّيْلِ وَسَارِبٌ بِالنَّهَارِ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
නුඹලා අතරින් ප්‍රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද තවද රාත්‍රියෙහි සැඟවෙන්නා ද දහවල් කාලයේ සැරිසරන්නා ද (අල්ලාහ් ඉදිරියේ) එක සමානය.
لَهُ مُعَقِّبَاتٌ مِّن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُم مِّن دُونِهِ مِن وَالٍ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
(සෑම මිනිසකු ම) ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහු ව ආරක්ෂා කරමින් ලුහුබඳින්නන් ඔහුට වෙති. ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි. තවද යම් පිරිසකට අල්ලාහ් යම් නපුරක් අපේක්ෂා කළේ නම් එවිට එයට ආපසු හැරීමක් නොමැත. තවද ඔහුගෙන් තොර ව වෙනත් කිසිදු භාරකරුවකු ද ඔවුනට නොමැත.
هُوَ الَّذِي يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنشِئُ السَّحَابَ الثِّقَالَ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
ඔහු වනාහි බියක් හා (වැසි) බලාපොරොත්තුවක් ලෙසින් විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නාය. තවද ඔහු ඝන වලාකුළු නිර්මාණය කරයි.
وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَن يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. තවද ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අය ග්‍රහණය කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.
لَهُ دَعْوَةُ الْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِن دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُم بِشَيْءٍ إِلَّا كَبَاسِطِ كَفَّيْهِ إِلَى الْمَاءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ ۚ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
සැබෑ අයැදුම ඔහු සතුවේ. තවද ඔහු හැර දමා ඔවුන් අයැද සිටින්නන් ඔවුනට කිසිවකින් ප්‍රතිචාර නොදක්වති. එය තම කටට ජලය ළඟා කරවීමට තම දෑත් ජලයට දිගු කරන්නෙකු මෙන් මිස වෙනකක් නොවේ. එය ඔහු වෙත ළඟා වන්නක් නොවේ. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ අයැදුම මුළාවක මිස වෙනකක නොවේ.
وَلِلَّهِ يَسْجُدُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُم بِالْغُدُوِّ وَالْآصَالِ ۩ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද ඒවායෙහි හෙවණැලි ද කැමැත්තෙන් වුව ද අකමැත්තෙන් වුව ද උදේ හා හවස අල්ලාහ්ටම සුජූද් කරති.
قُلْ مَن رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ ۚ قُلْ أَفَاتَّخَذْتُم مِّن دُونِهِ أَوْلِيَاءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ ۗ أَمْ جَعَلُوا لِلَّهِ شُرَكَاءَ خَلَقُوا كَخَلْقِهِ فَتَشَابَهَ الْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
අහස්හි හා මහපොළොවේ පරමාධිපතියාණන් කවුරුන්දැ?යි (නබිවරය) නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ් හැර දමා තමන් වෙත කිසිදු ප්‍රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැයි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවිද? අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ?යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.
أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَّابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاءَ حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِّثْلُهُ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ ۚ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً ۖ وَأَمَّا مَا يَنفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْأَمْثَالَ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
ඔහු අහසින් ජලය පහළ කළේය. එවිට ඇළදොළ එහි ප්‍රමාණයට අනුව ගලා යයි. එම ගංවතුර (ඊට) ඉහළින් පිහිටන පෙණ පිඬු උසුලයි. තවද ආභරණ හා භාණ්ඩ සොයමින් ගින්නෙහි ඔවුන් ඒවා උණු කරන දැයින් ද ඒ හා සමාන පෙණ පිඬු ඇත. මෙලෙසය අල්ලාහ් සත්‍යය හා අසත්‍යයට උපමා කරනුයේ. එනම් පෙණ පිඬු වූ කලී එය තුරන් වී යයි. නමුත් මිනිසාට ප්‍රයෝජනය ගෙන දෙන දෑ වූ කලී එය මහපොළොවේ රැඳෙයි. එලෙසය අල්ලාහ් උපමාවන් ගෙන හැර පානුයේ.
لِلَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمُ الْحُسْنَىٰ ۚ وَالَّذِينَ لَمْ يَسْتَجِيبُوا لَهُ لَوْ أَنَّ لَهُم مَّا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ ۚ أُولَٰئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمِهَادُ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
තම පරමාධිපතිගෙන් ප්‍රතිචාර දැක්වූවන්ට යහපත් දෑ තිබේ. ඔහුට ප්‍රතිචාර නොදැක්වූවන්ට නියත වශයෙන්ම ඔවුනට මහපොළොවේ ඇති සියලු දෑ ද ඒ සමගම ඒ හා සමානයක් ද වී නම් ඔවුහු එය (සියල්ල) වන්දි වශයෙන් දෙනු ඇත. නපුරු විනිශ්චයක් ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. තවද එම නවාතැන නපුරු විය.
۞ أَفَمَن يَعْلَمُ أَنَّمَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ (සියළු) දෑ සත්‍යයක්ම බව දැන ගන්නා, අන්ධයා මෙන් වූ ඔහු වැනි ද? නියත වශයෙන්ම උපදෙස් ලබනුයේ බුද්ධිය ඇත්තන්ය.
الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللَّهِ وَلَا يَنقُضُونَ الْمِيثَاقَ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණ ව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නොකරති.
وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. තවද ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ ව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති.
وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත් ව ඉටු කළහ. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනටමය.
جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَن صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۖ وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති.
سَلَامٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා! එහෙයින් අවසන් නිවහන යහපත් විය. (යැයි පවසති.)
وَالَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۙ أُولَٰئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
අල්ලාහ්ගේ ගිවිසුම තහවුරු කිරීමෙන් පසු එය කඩ කරන තවද අල්ලාහ් විසින් නියෝග කරන ලද (ඥාතී සම්බන්ධතා වැනි) දෑ විසන්ධි කරන තවද මහපොළොවේ කලහකම් කරන අය වනාහි ඔවුනටමය ශාපය. තවද නපුරු නිවහන ද ඔවුනට ඇත.
اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا بِالْحَيَاةِ الدُّنْيَا وَمَا الْحَيَاةُ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا مَتَاعٌ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
අල්ලාහ් ඔහු අභිමත කරන අයට ජීවන පහසුකම් දිගු හරියි. තවද ඔහු (එය) සීමා කරයි. තවද ඔවුහු මෙලොව ජීවිතය පිළිබඳ ව සතුටු වෙති. තවද මෙලොව ජීවිතය මතු ලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමක් මිස වෙනකක් නොවේ.
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ ۗ قُلْ إِنَّ اللَّهَ يُضِلُّ مَن يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
තවද ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් විමසති. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට අභිමත අය ව නොමග යෑමට ඉඩ හරිනු ඇත. තවද ඔහු වෙතට යොමුවන්නන්හට ඔහු මග පෙන්වනු ඇත යැයි පවසනු.
الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
ඔවුන් වනාහි දේවත්වය විශ්වාස කළෝය. තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වනු ඇත. දැන ගනු! අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වනු ඇත.
الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَآبٍ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත.
كَذَٰلِكَ أَرْسَلْنَاكَ فِي أُمَّةٍ قَدْ خَلَتْ مِن قَبْلِهَا أُمَمٌ لِّتَتْلُوَ عَلَيْهِمُ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَٰنِ ۚ قُلْ هُوَ رَبِّي لَا إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
(නබිවරය!) එලෙස අපි සමූහයක් වෙත ඔබ ව දූතයෙකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත් ව ගියෝය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන් ව ප්‍රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහාය. ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ යැයි (නබිවරය,) නුඹ පවසනු.
وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ الْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَن لَّوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُم بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِيَ وَعْدُ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
තවද (ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන්ම (වෙනත්) කුර්ආනයක් තිබී එමගින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමගින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමගින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නොකරති.) නමුත් සියලු කරුණු අල්ලාහ් සතුය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයා හට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ වාසස්ථානවලට සමීපයෙන් එය (අර්බුද ය) සිදු වීම අඛණ්ඩ ව පවතිනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතිඥා ව කඩ නොකරයි.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
තවද සැබැවින්ම (නබිවරය) නුඹට පෙර සිටම දූතවරුන් සමච්චලයට ලක් කරනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසුව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වීද?
أَفَمَنْ هُوَ قَائِمٌ عَلَىٰ كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّئُونَهُ بِمَا لَا يَعْلَمُ فِي الْأَرْضِ أَم بِظَاهِرٍ مِّنَ الْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا مَكْرُهُمْ وَصُدُّوا عَنِ السَّبِيلِ ۗ وَمَن يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
සෑම ආත්මයක් ම ඔවුන් ඉපැයූ දෑ සම්බන්ධයෙන් බාර ව සිටින (අල්ලාහ් වන) ඔහු (ඔවුන් දෙවිවරුන් යැයි පවසන දෑට සමාන) ද? නමුත් ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝය. “නුඹලා ඔවුන්ගේ නම් සඳහන් කරනු. නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ නුඹලා ඔහුට දන්වන්නෙහු ද? එසේ නැතහොත් එය මතුපිටින් පවසන පුහු ප්‍රකාශයක් ද?” යැයි (නබිවරය! ඔවුන්ගෙන්) විමසනු. නමුත් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාරවත් කරන ලදී. තවද යහ මගින් ඔවුන් අවහිර කරන ලදී. තවද කවුරුන්ව අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොවනු ඇත.
لَّهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُم مِّنَ اللَّهِ مِن وَاقٍ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ද ඉතා දරුණුය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත.
۞ مَّثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوا ۖ وَّعُقْبَى الْكَافِرِينَ النَّارُ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ව්‍යූහය වනාහි ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ අවසානය (නිරා) ගින්නයි.
وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙතද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව සතුටු වෙති. එම කණ්ඩායම් අතරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම ඇරයුම් කරමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
وَكَذَٰلِكَ أَنزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُم بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِن وَلِيٍّ وَلَا وَاقٍ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
එලෙස අපි එය අරාබි බසින් වූ නීති(ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසු ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නොවනු ඇත.
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
තවද සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම (නියමිත) දේව ග්‍රන්ථයක් විය.
يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ ۖ وَعِندَهُ أُمُّ الْكِتَابِ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) ස්ථීර කරයි. තවද මාතෘ ග්‍රන්ථය ඇත්තේ ඔහු අබියසය.
وَإِن مَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
තවද අප ඔවුනට ප්‍රතිඥා කරන ඇතැමක් නුඹට අපි පෙන්වූව ද නැතහොත් (ඊට පෙර) නුඹ ව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට දූත මෙහෙවර) දන්වා සිටීම පමණි. තවද විනිශ්චය කිරීම අපගේ වගකීමය.
أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ ۚ وَهُوَ سَرِيعُ الْحِسَابِ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
නියත වශයෙන්ම අපි මහපොළොව එහි පැතිකඩවලින් එය කාදනය කරමින් පැමිණෙන බව ඔවුහු නොදුටුවෝද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
وَقَدْ مَكَرَ الَّذِينَ مِن قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
තවද ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. සියලු කුමන්ත්‍රණ අල්ලාහ් සතුය. ඔහු සෑම ආත්මයක්ම උපයන දෑ දනී. තවද අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හටදැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් මතු දැන ගනිති.
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْكِتَابِ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
තවද නුඹ (අල්ලාහ් විසින්) එවනු ලැබූ (රසූල්වරයකු) නොවේ යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසති. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් හා කවරෙකු අබියස දේව ග්‍රන්ථයේ ඥානය ඇත්තේ ද එවන් අය ප්‍රමාණවත් යැයි නුඹ පවසනු.
← 12 අර්-රාද් (13/114) 14 →
කියවන්න අර්-රාද් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

13الرعد Ar-Ra'd 📚 43 ආයාත් مدنية

ආයාත් ආයාත් – අර්-රාද් සූරා — 43 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers