وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ ٣٦
🔤 Transliteration
Wallazeena aatainaa humul Kitaaba yafrahoona bimaa unzila ilaika wa minal Ahzaabi mai yunkiru ba`dah; qul innamaa umirtu an a`budal laaha wa laaa ushrika bih; ilaihi ad`oo wa ilaihi maab
📖 පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙතද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව සතුටු වෙති. එම කණ්ඩායම් අතරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම ඇරයුම් කරමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
🌐 Additional reference in தமிழ்
වදන්වල අර්ථ: الْكِتَابَ : තව්රාත් සහ ඉන්ජීල් ග්රන්ථය.يَفْرَحُونَ : සතුටු වෙති.الْأَحْزَابِ : යුදෙව්වන් හා කිතුනුවන් අතරින් නබිතුමාට විරුද්ධව එක්සත් වූ කණ්ඩායම්.يُنكِرُ : ප්රතික්ෂේප කරයි.مَآبِ : නැවත යා යුතු ස්ථානය (ප්රතිපලය).අර්ථ විවරණය: යුදෙව්වන් හා කිතුනුවන් අතුරින් අපි ග්රන්ථය ලබා දුන් අය අතර, ඔබ වෙත පහළ කරන ලද කුර්ආනය ගැන සතුටු වන අය ද වෙති. උදාහරණයක් ලෙස අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රදියල්ලාහු අන්හු) සහ නජාෂි රජු වැනි අය, ඔවුන්ගේ ග්රන්ථවලට අනුකූල වන බැවින් කුර්ආනය පිළිගෙන සතුටු වූහ. නමුත් නජ්රාන්හි බිෂොප්වරුන් වන සයිද් සහ ආකිබ්, කඅ්බ් ඉබ්නු අෂ්රෆ් වැනි නබිතුමාට විරුද්ධව එක්සත් වූ කණ්ඩායම් අතරින් සමහරු කුර්ආනයේ සමහර කොටස් ප්රතික්ෂේප කරති. එනම්, ඔවුන්ගේ අභිමතාර්ථයන්ට නොගැලපෙන හෝ ඔවුන් විකෘති කළ දෑට පටහැනි වන කොටස් හෝ ඔවුන්ගේ ග්රන්ථ විකෘති කිරීම හෙළි කරන කොටස් ඔවුහු ප්රතික්ෂේප කරති.
(නබිතුමනි!) ඔබ ඔවුන්ට මෙසේ පවසන්න: "මා අණ කරනු ලැබ ඇත්තේ අල්ලාහ්ට පමණක් නමස්කාර කරන ලෙසයි. ඔහුට කිසිවෙකු හවුල් නොකරමි. ඔහු වෙතටම මම (මිනිසුන්) ආරාධනා කරමි. ඔහු වෙතටම මගේ නැවත යාමයි." තව්රාත් හා ඉන්ජීල් ග්රන්ථ ද මෙම ඒකදේවවාදය සහ අල්ලාහ් වෙතම ආපසු යාම පිළිබඳවම ඉගැන්වූ බව ද ඔබ පැහැදිලි කරන්න.
උගත හැකි පාඩම්: සත්යය පිළිගැනීමට සූදානම් වූ අය, එය ඔවුන්ගේ පූර්ව ග්රන්ථවලට අනුකූල වන බව දුටු විට සතුටු වෙති. මෙය ඔවුන්ගේ අවංකභාවයේ ලකුණකි. මිනිසුන් අතර වෙනස්කම් තිබියදීත්, ධර්මයේ මූලික පණිවිඩය එකමය: අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම සහ ඔහුට කිසිවෙකු හවුල් නොකිරීම. සත්යය පැවසීමේදී විරුද්ධවාදීන්ගේ ප්රතික්රියා ගැන බිය නොවී, පැහැදිලිව හා ධෛර්යවත්ව තම ආගමික වගකීම ඉටු කළ යුතුය. අල්ලාහ් වෙත ආපසු යාම පිළිබඳ විඥානය, මිනිසාගේ සියලු ක්රියාවන් නිවැරදි කරන අතර, ඔහුගේ ජීවිතයට අරමුණක් හා දිශාවක් ලබා දෙයි. කුර්ආනය පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම පුද්ගල තේරීමක් වුවද, අවසාන විනිශ්චය දිනයේදී සියල්ලෝම අල්ලාහ් වෙතටම ආපසු යනු ඇත.
وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَفۡرَحُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَۖ وَمِنَ ٱلۡأَحۡزَابِ مَن يُنكِرُ بَعۡضَهُۥۚ قُلۡ إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ وَلَآ أُشۡرِكَ بِهِۦٓۚ إِلَيۡهِ أَدۡعُواْ وَإِلَيۡهِ مَـَٔابِ ٣٦
තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙතද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව සතුටු වෙති. එම කණ්ඩායම් අතරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම ඇරයුම් කරමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
🖼️ Save Image
🎬 Save Video
📜 ආයාත් 34-38 — සූරා අර්-රාද්
34 لَّهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُم مِّنَ اللَّهِ مِن وَاقٍ
මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ද ඉතා දරුණුය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත.
35 ۞ مَّثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوا ۖ وَّعُقْبَى الْكَافِرِينَ النَّارُ
දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ව්‍යූහය වනාහි ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ අවසානය (නිරා) ගින්නයි.
36 وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَن يُنكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ
තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙතද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව සතුටු වෙති. එම කණ්ඩායම් අතරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම ඇරයුම් කරමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
37 وَكَذَٰلِكَ أَنزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُم بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِن وَلِيٍّ وَلَا وَاقٍ
එලෙස අපි එය අරාබි බසින් වූ නීති(ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසු ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නොවනු ඇත.
38 وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِّن قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ
තවද සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම (නියමිත) දේව ග්‍රන්ථයක් විය.
පරිවර්තනය — අර්-රාද් 36 සූරා අර්-රාද් ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙතද ඔවුහු නුඹ…
සූරා ආයාත් 36/43 — සූරා අර්-රාද් الرعد (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රාද් අසන්න, සූරා අර්-රාද් පරිවර්තනය, සූරා අර්-රාද් mp3, සූරා අර්-රාද් pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.