අල්-ජාසියා සූරා අරාබි සහ සිංහල
අල්-ජාසියා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (37 ආයාත් — مكية). අල්-ජාසියා අසන්න, අල්-ජාසියා පරිවර්තනය, අල්-ජාසියා mp3, අල්-ජාසියා pdf.අල්-ජාසියා සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
تَنزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
මෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
إِنَّ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِّلْمُؤْمِنِينَ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
නියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥා ඇත.
وَفِي خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَابَّةٍ آيَاتٌ لِّقَوْمٍ يُوقِنُونَ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
තවද නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن رِّزْقٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ الرِّيَاحِ آيَاتٌ لِّقَوْمٍ يَعْقِلُونَ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
තවද රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමගින් එය නැවත ප්රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
تِلْكَ آيَاتُ اللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ ۖ فَبِأَيِّ حَدِيثٍ بَعْدَ اللَّهِ وَآيَاتِهِ يُؤْمِنُونَ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
ඒවා අල්ලාහ්ගේ සංඥා වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන් වලට පසු ව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?
وَيْلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
මහත් සේ බොරු ගොතා පවසන සෑම පාපතරයකුටම විනාශය අත් වේවා!
يَسْمَعُ آيَاتِ اللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا ۖ فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
ඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන් වලට ඔහු සවන් දෙයි. පසු ව ඔහු එයට සවන් නොදුන්නාක් මෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳ ව (නබිවරය!) නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
وَإِذَا عَلِمَ مِنْ آيَاتِنَا شَيْئًا اتَّخَذَهَا هُزُوًا ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
ඔහු අපගේ වදන් අතරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේය. නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහුමය.
مِّن وَرَائِهِمْ جَهَنَّمُ ۖ وَلَا يُغْنِي عَنْهُم مَّا كَسَبُوا شَيْئًا وَلَا مَا اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاءَ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
ඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නොවනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත.
هَٰذَا هُدًى ۖ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
මෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
۞ اللَّهُ الَّذِي سَخَّرَ لَكُمُ الْبَحْرَ لِتَجْرِيَ الْفُلْكُ فِيهِ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්රා කරනු පිණිසත් ඔහුගේ භාග්යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ්ය.
وَسَخَّرَ لَكُم مَّا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ جَمِيعًا مِّنْهُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
තවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. නියත වශයෙන්ම සිතන ජනයාට මෙහි සංඥා ඇත.
قُل لِّلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْمًا بِمَا كَانُوا يَكْسِبُونَ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
අල්ලාහ්ගේ (දඬුවම්) දිනයන් අපේක්ෂා නොකරන්නන්හට සමාව දෙන්නැයි දේවත්වය විශ්වාස කළවුනට (නබිවරය!) නුඹ පවසනු. එය ඔහු පිරිසකට ඔවුන් උපයමින් සිටි දෑට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහාය.
مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ ۖ وَمَنْ أَسَاءَ فَعَلَيْهَا ۖ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
කවරෙකු යම් යහපතක් සිදු කළේද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) ඔහුට එරෙහිවය. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත.
وَلَقَدْ آتَيْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى الْعَالَمِينَ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවනට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු.
وَآتَيْنَاهُم بَيِّنَاتٍ مِّنَ الْأَمْرِ ۖ فَمَا اخْتَلَفُوا إِلَّا مِن بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
තවද සියලු (ආගමික) කරුණු වල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. නමුත් ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස වෙනත් කිසිවක් සඳහා ඔවුන් මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන්ම ඔබේ පරමාධිපති මතුලොවෙහි තීන්දු දෙනු ඇත.
ثُمَّ جَعَلْنَاكَ عَلَىٰ شَرِيعَةٍ مِّنَ الْأَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ لَا يَعْلَمُونَ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
පසු ව (ධර්ම දූතයින්ට නියෝග කළ) එම කරුණෙන් වූ පිළිවෙතක් මත අපි නුඹ ව පත් කළෙමු. එහෙයින් නුඹ එය අනුගමනය කරනු. තවද දැනුම නොමැති අයගේ ආශාවන් නුඹ අනුගමනය නොකරනු.
إِنَّهُمْ لَن يُغْنُوا عَنكَ مِنَ اللَّهِ شَيْئًا ۚ وَإِنَّ الظَّالِمِينَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۖ وَاللَّهُ وَلِيُّ الْمُتَّقِينَ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹව මුදවා ගන්නේ ම නැත. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරුය.
هَٰذَا بَصَائِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُوقِنُونَ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
මෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.
أَمْ حَسِبَ الَّذِينَ اجْتَرَحُوا السَّيِّئَاتِ أَن نَّجْعَلَهُمْ كَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَوَاءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَاءَ مَا يَحْكُمُونَ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
විශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
وَخَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
තවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. තවද සෑම ආත්මයක්ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَٰهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَىٰ بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ ۚ أَفَلَا تَذَكَّرُونَ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්රා තැබුවේය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේය. අල්ලාහ්ගෙන් පසු ව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?
وَقَالُوا مَا هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَا إِلَّا الدَّهْرُ ۚ وَمَا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ ۖ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
තවද “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නොකරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّا أَن قَالُوا ائْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
තවද අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස වෙනකක් ඔවුන්ගේ සාධකය නොවීය.
قُلِ اللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි; පසු ව නුඹලා මරණයට පත් කරයි; පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි; එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නොදනිති.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ الْمُبْطِلُونَ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
තවද අහස්හි හා මහපොළොවේ ආධිපත්‍ය අල්ලාහ් සතුය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති.
وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةً ۚ كُلُّ أُمَّةٍ تُدْعَىٰ إِلَىٰ كِتَابِهَا الْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
සෑම සමූහයක්ම දණින් වැටී සිටිනු නුඹ දකිනු ඇත. සෑම සමූහයක්ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහුය.” (යැයි කියනු ලැබේ.)
هَٰذَا كِتَابُنَا يَنطِقُ عَلَيْكُم بِالْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
මෙය නුඹලාට එරෙහි ව සත්‍යයෙන් යුතු ව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන්ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.
فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِي رَحْمَتِهِ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِينُ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණ ය.
وَأَمَّا الَّذِينَ كَفَرُوا أَفَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًا مُّجْرِمِينَ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නොතිබුණේ ද? එවිට නුඹලා උඩඟු වූයෙහුය. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූයෙහුය. (යැයි කියනු ලැබේ.)
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِي مَا السَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
“තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැයි අපි නොදනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නොසිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නොවූයෙමු යැයි නුඹලා පැවසුවෙහුය.
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
තවද ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේය.
وَقِيلَ الْيَوْمَ نَنسَاكُمْ كَمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ.
ذَٰلِكُم بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
“මෙයට හේතුව, නියත වශයෙන්ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලාව මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නොවනු ඇත. තවද ඔවුහු පිළිගනු ලබන්නන් නොවෙති.
فَلِلَّهِ الْحَمْدُ رَبِّ السَّمَاوَاتِ وَرَبِّ الْأَرْضِ رَبِّ الْعَالَمِينَ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
අහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ ද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා!
وَلَهُ الْكِبْرِيَاءُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
තවද අහස්හි හා මහපොළොවේ සියලු සාඩම්බරයන් ඔහු සතුය. තවද ඔහු මහා ප්‍රඥාවන්තය; සර්ව බලධාරීය.
කියවන්න අල්-ජාසියා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

