සූරා අල්-බය්යිනා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-බය්යිනා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-බය්යිනා පරිවර්තනය. සූරා අල්-බය්යිනා (Medinan) 8 ආයාත්.
Related
More සූරා PDF
සූරා අල්-බය්යිනා

ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣ
98:1
ධර්ම ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නොවූහ.
ﮤﮥﮦﮧﮨﮩﮪ
98:2
එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය.
ﮫﮬﮭﮮ
98:3
එහි ඍජු නීති රීති ඇත.
ﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
98:4
තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියෝය.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
98:5
තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
98:6
සැබැවින්ම පුස්තක ලත් ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
98:7
සැබැවින්ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහුමය මැවීම් අතරින් ශ්රේෂ්ඨම මැවීම වනුයේ.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
98:8
ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදහටම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එය තම පරමාධිපතිට බිය වූ අයටය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







