PDF —
8 ආයාත් Medinan PDF
Built right in your browser — download starts automatically

සූරා අස්-සල්සලා pdf — බාගත කරන්න (සිංහල)

සූරා අස්-සල්සලා pdf සිංහල — බාගත කරන්න සූරා අස්-සල්සලා පරිවර්තනය. සූරා අස්-සල්සලා (Medinan) 8 ආයාත්.



8 ආයාත් · Medinan · සිංහල
bismillah
ﮅﮆﮇﮈﮉ
99:1 මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට,
ﮊﮋﮌﮍ
99:2 මහපොළොව එහි ඇති බර බැහැර කළ විට,
ﮎﮏﮐﮑﮒ
99:3 තවද එයට කුමක් වී ඇත්දැ යි මිනිසා පවසයි.
ﮓﮔﮕﮖ
99:4 එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
ﮗﮘﮙﮚﮛ
99:5 සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
ﮜﮝﮞﮟﮠﮡﮢ
99:6 එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
ﮣﮤﮥﮦﮧﮨﮩ
99:7 එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
ﮪﮫﮬﮭﮮﮯﮰ
99:8 කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers