හූද් · 17/123
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා හූද්
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَن يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِّنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ ۝١٧
Afaman kaana `alas baiyinatim mir Rabbihee wa yatloohu shaahidum minhu wa min qablihee Kitaabu Moosaaa imaamanw wa rahmah; ulaaa `ika yu`minoona bih; wa mai yakfur bihee minal Ahzaabi fan Naaru maw`iduh; falaa taku fee miryatim minh; innahul haqqu mir Rabbika wa laakinna aksaran naasi laa yu`minoon
📖 සිංහලෙන්
තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු පැමිණ සිටිය දී එමෙන්ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී එවන් අය (ප්‍රතික්ෂේප කළවුන් හා) සමාන වන්නේ ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්නය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නොවනු. නියත වශයෙන්ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය විශ්වාස නොකරති.

🎧 අසන්න


📜 ආයාත් 15-19 — සූරා හූද්

15مَن كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන් (හි ප්‍රතිඵල) ඔවුනට එහි පූර්ණ ව පිරිනමමු. එහි ඔවුන්ට කප්පාදු කරනු නොලබනු ඇත.
16أُولَٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَّا كَانُوا يَعْمَلُونَ
මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහුමය. ඔවුන් එහි සිදු කළ දෑ විනාශ වී විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵලය.
17أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَن يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِّنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ
තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු පැමිණ සිටිය දී එමෙන්ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී එවන් අය (ප්‍රතික්ෂේප කළවුන් හා) සමාන වන්නේ ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්නය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නොවනු. නියත වශයෙන්ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය විශ්වාස නොකරති.
18وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۚ أُولَٰئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَٰؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ
අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබති. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු! අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා.
19الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. තවද පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
හූද්කුර්ආන් දර්ශකය
123ආයාත්
MeccanRevelation
17ආයාත්

පරිවර්තනය — හූද් 17

සූරා හූද් ආයාත් 17 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු…

සූරා ආයාත් 17/123 — සූරා හූද් هود (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා හූද් අසන්න, සූරා හූද් පරිවර්තනය, සූරා හූද් mp3, සූරා හූද් pdf. ආයාත් 15–19. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers