හූද් සූරා අරාබි සහ සිංහල

හූද් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (123 ආයාත් — مكية). හූද් අසන්න, හූද් පරිවර්තනය, හූද් mp3, හූද් pdf.

හූද් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
الر ۚ كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අලිෆ්. ලාම්. රා. (මෙය) එහි වදන් තහවුරු කරන ලදු ව, පසුව සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන් විසින් විස්තර කරනු ලැබූ පුස්තකයයි.
أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۚ إِنَّنِي لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා නැමදුම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම ඔහු වෙතින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි.
وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُم مَّتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُّسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ ۖ وَإِن تَوَلَّوْا فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද පසුව පශ්චාත්තාප වී ඔහු වෙත යොමු විය යුතුය. නියම කරන ලද කාලයක් දක්වා, ඔහු නුඹලාට යහපත් භුක්ති විදීමක් භුක්ති විදින්නට සලස්වයි. භාග්‍යවන්ත සෑම කෙනෙකුටම ඔහුගේ භාග්‍යය ඔහු පිරිනමයි. නමුත් ඔවුන් හැරී ගියේ නම් එවිට නියත වශයෙන්ම නුඹලා වෙත මහත්වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි.
إِلَى اللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයාය.
أَلَا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
දැන ගනු! සැබැවින්ම ඔවුන් (අල්ලාහ් වන) ඔහුගෙන් සැඟ වෙනු පිණිස ඔවුන්ගේ හදවත් (තුළ ඇති දෑ) වසන් කරති. දැන ගනු! ඔවුන්ගේ ඇඳුමින් ඔවුන් ආවරණය කරන විට ඔවුන් සඟ වන දෑද ඔවුන් හෙළි කරන දෑද ඔහු දනී. නියත වශයෙන්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
۞ وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُّبِينٍ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
මහාපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස වෙනත් අයකු මත නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත.
وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද අහස් හා මහපොළොව දින හයකින් මැව්වේ ඔහුය. තවද ඔහුගේ රාජධානිය ජලය මත විය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් අලංකාර දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. ‘සැබැවින්ම නුඹලා මරණයෙන් පසු ව නැවත නැගිටුවනු ලබන්නන්’ බව නුඹ පැවසුවේ නම් ‘මෙය පැහැදිලි ඉන්ද්‍රජාලයක් මිස නැතැ’යි දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَّعْدُودَةٍ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්‍රමාද කළේ නම් ‘එය වැළැක්වූයේ කුමක්දැ?’යි ඔවුහු පවසනු ඇත. දැන ගනු! ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන්නක් නොවේ. ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් ව වට කර ගනී..
وَلَئِنْ أَذَقْنَا الْإِنسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
තවද මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසු ව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන්ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නෙකු වේ.
وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي ۚ إِنَّهُ لَفَرِحٌ فَخُورٌ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද අපි ඔහුට අත් වූ පීඩාවන්ගෙන් පසු ව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘සැබැවින්ම නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රමෝදයට පත්වන උඬඟු වූවෙකි.
إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
නමුත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත.
فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أَن يَقُولُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَاءَ مَعَهُ مَلَكٌ ۚ إِنَّمَا أَنتَ نَذِيرٌ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
‘ඔහු කෙරෙහි නිධානයක් පහළ විය යුතු නොවේ ද, එසේ නැතහොත් ඔහු සමග දේව දූතයකු පැමිණිය යුතු නොවේ දැයි ඔවුන් පවසා සිටීම හේතුවෙන් නුඹගේ හදවත එමගින් පීඩනයට පත් ව තිබිය දී නුඹ වෙත දන්වනු ලබන දැයින් සමහර ඒවා (නුඹ නිවේදනය නොකොට) අත හැර දමන්නට පුළුවන. නියත වශයෙන්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද අල්ලාහ් සියලු දෑ මත භාරකරුය.
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِّثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُوا مَنِ اسْتَطَعْتُم مِّن دُونِ اللَّهِ إِن كُنتُمْ صَادِقِينَ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය!) නුඹ පවසනු. එසේ නම්, ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් නුඹලා ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ් හැර දමා (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.
فَإِلَّمْ يَسْتَجِيبُوا لَكُمْ فَاعْلَمُوا أَنَّمَا أُنزِلَ بِعِلْمِ اللَّهِ وَأَن لَّا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
එසේ ඔවුහු නුඹලාට පිළිතුරු නොදෙන්නේ නම් එවිට නියත වශයෙන්ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?
مَن كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන් (හි ප්‍රතිඵල) ඔවුනට එහි පූර්ණ ව පිරිනමමු. එහි ඔවුන්ට කප්පාදු කරනු නොලබනු ඇත.
أُولَٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَّا كَانُوا يَعْمَلُونَ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහුමය. ඔවුන් එහි සිදු කළ දෑ විනාශ වී විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵලය.
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَن يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِّنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහුගෙන් වූ සාක්ෂිකරුවකු පැමිණ සිටිය දී එමෙන්ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී එවන් අය (ප්‍රතික්ෂේප කළවුන් හා) සමාන වන්නේ ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්නය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නොවනු. නියත වශයෙන්ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය විශ්වාස නොකරති.
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۚ أُولَٰئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَٰؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලබති. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු! අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය වේවා.
الَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُم بِالْآخِرَةِ هُمْ كَافِرُونَ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. තවද පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
أُولَٰئِكَ لَمْ يَكُونُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ۘ يُضَاعَفُ لَهُمُ الْعَذَابُ ۚ مَا كَانُوا يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُوا يُبْصِرُونَ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
ඔවුහු මහපොළොවේ (අල්ලාහ් ව) නොහැකියාට පත් කරන්නන් නොවූහ. තවද අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාරකරුවන් ඔවුනට නොවීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නොවූහ. එමෙන්ම බලන්නන් ද නොවූහ.
أُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا يَفْتَرُونَ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තමන්ටම අලාභහානි කර ගත්තවුන් ඔවුන්මය. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ගොස් ඇත.
لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
නියත වශයෙන්ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින් බවට කිසිදු සැකයක් නැත.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කර, යහකම් කොට තවද තම පරමාධිපති වෙත යටහත් වූවන් වනාහි ඔවුහුමය ස්වර්ග වාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
۞ مَثَلُ الْفَرِيقَيْنِ كَالْأَعْمَىٰ وَالْأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා එමෙන්ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
තවද සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන්ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි.
أَن لَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) නැමදුම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි පැවසුවේය.)
فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹ ව නොදකිමු. එමෙන්ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹ ව අනුගමනය කරන බව ද අපි නොදකිමු. තවද අපට වඩා ශ්‍රෙෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නොසිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතමු’ යැයි ඔහුගේ ජනයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ.
قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَآتَانِي رَحْمَةً مِّنْ عِندِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَارِهُونَ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
මාගේ ජනයිනි! මා මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී ඔහු වෙතින් මා හට ආශිර්වාද පිරිනමා එය නුඹලා වෙත නොපෙනෙන්නට සලස්වා තිබිය දී, නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? නුඹලා එය පිළිකුල් කරන්නන් ලෙස සිටිය දී අපි නුඹලාට එය බලකරන්නෙමු ද? යැයි ඔහු පැවැසුවේය.
وَيَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۚ وَمَا أَنَا بِطَارِدِ الَّذِينَ آمَنُوا ۚ إِنَّهُم مُّلَاقُو رَبِّهِمْ وَلَٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
තවද අහෝ මාගේ ජනයිනි! මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නොඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස වෙනත් නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නොවෙමි. නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ව හමු වන්නෝ වෙති. එනමුත් මම නුඹලා ව දකිනුයේ අඥාන ව කටයුතු කරන පිරිසක් ලෙසිනි.
وَيَا قَوْمِ مَن يَنصُرُنِي مِنَ اللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
තවද අහෝ මාගේ ජනයිනි! මම ඔවුන් පලවා හැරියේ නම් අල්ලාහ් වෙතින් මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
وَلَا أَقُولُ لَكُمْ عِندِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ إِنِّي مَلَكٌ وَلَا أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ اللَّهُ خَيْرًا ۖ اللَّهُ أَعْلَمُ بِمَا فِي أَنفُسِهِمْ ۖ إِنِّي إِذًا لَّمِنَ الظَّالِمِينَ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
මා වෙත අල්ලාහ්ගේ භාණ්ඩාගාරයන් ඇතැයි මම නොකියමි. තවද මම ගුප්ත දැය නොදනිමි. තවද සැබැවින්ම මම මලක්වරයකු යැයි ද නොකියමි. තවද නුඹලාගේ ඇස් අවමානයෙන් දකින උදවියට අල්ලාහ් කිසිදු යහපතක් පිරි නොනමනු ඇතැයි මම නොකියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. නියත වශයෙන්ම මම එවිට අපරාධකරුවන් අතරින් වෙමි.
قَالُوا يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
අහෝ නූහ්! සැබැවින්ම නුඹ අප සමග තර්ක කළෙහිය. අප සමග වූ තර්කය නුඹ අධික කළෙහිය. නුඹ සත්‍යවාදීන් අතරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ اللَّهُ إِن شَاءَ وَمَا أَنتُم بِمُعْجِزِينَ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
සැබැවින්ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (අල්ලාහ් ව) නොහැකියාට පත් කරන්නන් නොවන්නෙහුය.
وَلَا يَنفَعُكُمْ نُصْحِي إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ اللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
තවද නුඹලාව නොමගෙහි අතහැර දමන්නට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නොවන්නේය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَا بَرِيءٌ مِّمَّا تُجْرِمُونَ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය) නුඹ පවසනු. එය මා ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිවය. තවද නුඹලා කරන වැරදි දැයින් මම නිදහස් වෙමි.
وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ آمَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
තවද නුඹගේ ජනයා අතරින් (මේ වන විටත්) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නොකරන්නේමය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹ දුක් නොවනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදී.
وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۚ إِنَّهُم مُّغْرَقُونَ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නිර්මාණය කරනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නෝමය.
وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِّن قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතරින් ප්‍රධානීහු ඔහු අසළින් ගමන් කළ සෑම විටම ඔහුට ඔවුහු සමච්චල් කළෝය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලාට සමච්චල් කරන්නෙමු යැයි ඔහු පැවසීය.
فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
එවිට තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත.
حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුන උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම යුගලයක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද එහි (නැවට) නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමග ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නොකළේය.
۞ وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේත් එය නතර වන්නේත් අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේය.
وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ الْكَافِرِينَ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේය. නූහ් තම පුතණුවන් ඇමතුවේය. ඔහු (නැවෙන්) බැහැර ව සිටියේය. ‘මාගේ පුතණුවනි, අප සමග ඔබත් ගමන් ගනු. තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමග නොවනු.
قَالَ سَآوِي إِلَىٰ جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ ۚ قَالَ لَا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
(එවිට ඔහු) ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි පැවසුවේය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නැත යැයි (නූහ්) පැවැසුවේය. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේය. එවිට ඔහු ගිලීගිය අය අතරට පත් විය.
وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الْأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ ۖ وَقِيلَ بُعْدًا لِّلْقَوْمِ الظَّالِمِينَ ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
අහෝ මහපොළොව! ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස! ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබීය. ජලය ද අඩු වී ගියේය. නියෝගය ද තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. තවද අපරාධකාරී ජනයා දුරස් වේවා යැයි කියනු ලැබීය.
وَنَادَىٰ نُوحٌ رَّبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
එවිට නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය.
قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ ۖ فَلَا تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ إِنِّي أَعِظُكَ أَن تَكُونَ مِنَ الْجَاهِلِينَ ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
එවිට නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය.
قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُن مِّنَ الْخَاسِرِينَ ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
මාගේ පරමාධිපතියාණනි! කවර දෙයක් ගැන මට දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබෙන් ඉල්ලීමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි. ඔබ මට සමාව දී ඔබ මා හට කරුණා නොකරන්නේ නම් මම අලාභවන්තයින් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلَامٍ مِّنَّا وَبَرَكَاتٍ عَلَيْكَ وَعَلَىٰ أُمَمٍ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
අහෝ නූහ්! අපගෙන් වූ ආශිර්වාදය සමග ද ඔබ වෙත හා ඔබ සමග සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමග ද ඔබ (නැවේ සිට) ගොඩ බසිනු. තවත් සමූහයන්, අපි ඔවුනට භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසුව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත.
تِلْكَ مِنْ أَنبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَا أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
එය ඔබ වෙත අප දන්වා සිටින ගුප්ත පුවත් අතරිනි. මීට පෙර නුඹ හා නුඹගේ ජනයා එය දැන සිටියේ නැත. එබැවින් නුඹ ඉවසනු. නියත වශයෙන්ම යහපත් අවසානය දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් හටය.
وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා බොරු ගොතන්නන් මිස වෙනත් අය නොවතැයි ඔහු පැවසුවේය.
يَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى الَّذِي فَطَرَنِي ۚ أَفَلَا تَعْقِلُونَ ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
මාගේ ජනයිනි! ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස වෙනත් අයෙකු වෙත නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?
وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُم مِّدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
තවද මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසුව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩ ව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නොපානු.
قَالُوا يَا هُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِي آلِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
අහෝ හූද්! නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අපි අතහරින්නන් නොවෙමු. තවද අපි නුඹ ව විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.
إِن نَّقُولُ إِلَّا اعْتَرَاكَ بَعْضُ آلِهَتِنَا بِسُوءٍ ۗ قَالَ إِنِّي أُشْهِدُ اللَّهَ وَاشْهَدُوا أَنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට නපුරක් සිදු කරනු ඇතැයි මිස වෙනකක් අපි නොපවසමු. (එවිට ඔහු) "නියත වශයෙන්ම මම අල්ලාහ්ව සාක්ෂියක් ලෙස ගනිමි. (අල්ලාහ් හැර) නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකු බවට නුඹලාද සාක්ෂි දරනු" යැයි (හූද්) පැවැසුවේය.
مِن دُونِهِ ۖ فَكِيدُونِي جَمِيعًا ثُمَّ لَا تُنظِرُونِ ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
ඔහු හැර (නුඹලා ආදේශ තබන දැයින් මම ඉවත්වූ කෙනෙකි). එමෙන්ම නුඹලා සියල්ල එක් ව මට කුමන්ත්‍රණ කරනු. පසුව නුඹලා මට අවකාශ නොදෙනු.’ යැයි ඔහු (හූද්) පැවසුවේය.
إِنِّي تَوَكَّلْتُ عَلَى اللَّهِ رَبِّي وَرَبِّكُم ۚ مَّا مِن دَابَّةٍ إِلَّا هُوَ آخِذٌ بِنَاصِيَتِهَا ۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَاطٍ مُّسْتَقِيمٍ ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
නියත වශයෙන්ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මත සිටින්නේය.
فَإِن تَوَلَّوْا فَقَدْ أَبْلَغْتُكُم مَّا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُ شَيْئًا ۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මා නුඹලා වෙත කවර කරුණක් සමග එවනු ලැබුවෙම් ද එය මා නුඹලා වෙත සැබැවින්ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නොවන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැක. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නාය.
وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَنَجَّيْنَاهُم مِّنْ عَذَابٍ غَلِيظٍ ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන් ව දැඩි දඬුවමින් මුදවා ගතිමු.
وَتِلْكَ عَادٌ ۖ جَحَدُوا بِآيَاتِ رَبِّهِمْ وَعَصَوْا رُسُلَهُ وَاتَّبَعُوا أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
තවද එය ආද්(සමූහයා)ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දුෂ්ට පාලකයකුගේම නියෝග පිළිපැද්දෝය.
وَأُتْبِعُوا فِي هَٰذِهِ الدُّنْيَا لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ عَادًا كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِّعَادٍ قَوْمِ هُودٍ ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ද ශාපය ඔවුහු ලුහු බඳිනු ලැබුවෝය. දැන ගනු! නියත වශයෙන්ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු! හූද්ගේ ජනයා වූ ආද් ට විනාශයක් ම විය.
۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ ۖ هُوَ أَنشَأَكُم مِّنَ الْأَرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي قَرِيبٌ مُّجِيبٌ ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලා ව මහපොළොවෙන් බිහි කළේ ඔහුය. තවද එහි පදිංචි වීමට සැලසුවේය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඉතා සමීපය; පිළිතුරු දෙන්නාය.
قَالُوا يَا صَالِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَٰذَا ۖ أَتَنْهَانَا أَن نَّعْبُدَ مَا يَعْبُدُ آبَاؤُنَا وَإِنَّنَا لَفِي شَكٍّ مِّمَّا تَدْعُونَا إِلَيْهِ مُرِيبٍ ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
‘අහෝ සාලිහ්! මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරන දෑට අප වන්දනාමාන කිරීමෙන් නුඹ අප ව වළක්වන්නෙහි ද? නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන අවිනිශ්චිත සැකයෙහි නියත වශයෙන්ම අපි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَآتَانِي مِنْهُ رَحْمَةً فَمَن يَنصُرُنِي مِنَ اللَّهِ إِنْ عَصَيْتُهُ ۖ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ ۝٦٣
📖 පරිවර්තනය ආයාත් 63
‘මාගේ ජනයිනි! මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම හිඳිමින් ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට ඔහු පිරිනමා තිබිය දී මම ඔහුට පිටුපෑවේ නම් අල්ලාහ්ගෙන් තොර ව මට උපකාර කරනුයේ කවුරුන් දැයි යන වග නුඹලා සිතා බැලුවෙහු ද? නුඹලා මට අලාභ හානිය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත’ යැයි ඔහු පැවසුවේය.
وَيَا قَوْمِ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ ۝٦٤
📖 පරිවර්තනය ආයාත් 64
එමෙන්ම අහෝ මාගේ ජනයිනි! මෙය නුඹලාට සංඥාවක් වශයෙන් (දෙන ලද්දා) වූ අල්ලාහ්ගේ ඔටු දෙනය. එබැවින් මහපොළොවේ උළා කන්නට නුඹලා ඌ අත හැර දමනු. යම් නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලා ව හසු කර ගනු ඇත.
فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا فِي دَارِكُمْ ثَلَاثَةَ أَيَّامٍ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ ۝٦٥
📖 පරිවර්තනය ආයාත් 65
එනමුත් ඔවුහු උගේ ගෙල නහර කපා දැමුවෝය. එවිට නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් භුක්ති විඳිනු. එය බොරු කළ නොහැකි ප්‍රතිඥාවක් යැයි ඔහු පැවසීය.
فَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ ۝٦٦
📖 පරිවර්තනය ආයාත් 66
අපගේ (දඬුවමේ) නියෝගය පැමිණි කල්හි අපගේ ආශිර්වාදය තුළින් හා එදින අවමානයෙන් අපි සාලිහ් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් ව මුදවා ගතිමු. නියත වශයෙන්ම ඔබේ පරමාධිපති වන ඔහුය අති බල සම්පන්න; සර්ව බලධාරී වන්නේ.
وَأَخَذَ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ ۝٦٧
📖 පරිවර්තනය ආයාත් 67
තවද මහා ගිඟුරුම් හඬ අපරාධ කළවුන් හසු කළේය. එවිට ඔවුහු උදෑසන තම නිවෙස් තුළ මළ කඳන් බවට පත් ව සිටියහ.
كَأَن لَّمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا إِنَّ ثَمُودَ كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِّثَمُودَ ۝٦٨
📖 පරිවර්තනය ආයාත් 68
ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නොවූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන්ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපති ව ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු! සමූද් (ජනයාට) විනාශයක් ම විය.
وَلَقَدْ جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ ۖ فَمَا لَبِثَ أَن جَاءَ بِعِجْلٍ حَنِيذٍ ۝٦٩
📖 පරිවර්තනය ආයාත් 69
ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නොවූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන්ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපති ව ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු! සමූද් (ජනයාට) විනාශයක් ම විය.
فَلَمَّا رَأَىٰ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا لَا تَخَفْ إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمِ لُوطٍ ۝٧٠
📖 පරිවර්තනය ආයාත් 70
ඔවුන්ගේ අත් ඒ(ආහාරය) වෙත ළඟා නොවූ බව ඔහු දුටු විට ඔවුන් නාඳුනන අය බව ඔහුට වැටහිණි. ඔවුන් ගැන බියක් දැනුණි. ‘නුඹ බිය නොවනු. නියත වශයෙන්ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබූවන් වෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.
وَامْرَأَتُهُ قَائِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَاقَ وَمِن وَرَاءِ إِسْحَاقَ يَعْقُوبَ ۝٧١
📖 පරිවර්තනය ආයාත් 71
තවද ඔහුගේ බිරිය ද සිට ගෙන සිටියාය. (මෙය ඇසූ) ඇය සිනහසුණාය. එවිට අපි ඇයට ඉස්හාක් පිළිබඳ හා ඉස්හාක්ගෙන් පසු යඃකූබ් පිළිබඳ ශුභාරංචි දැන්වූයෙමු.
قَالَتْ يَا وَيْلَتَىٰ أَأَلِدُ وَأَنَا عَجُوزٌ وَهَٰذَا بَعْلِي شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عَجِيبٌ ۝٧٢
📖 පරිවර්තනය ආයාත් 72
අහෝ මාගේ ඛේදය! මම මැහැල්ලියෙකු ව සිටිය දී සහ මේ මාගේ සැමියා වයෝවෘද්ධයෙකු ව සිටිය දී මම දරුවකු ප්‍රසූත කරන්නෙම් ද? නියත වශයෙන්ම එය පුදුම සහගත කරුණකි යැයි ඇය කීවාය.
قَالُوا أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللَّهِ ۖ رَحْمَتُ اللَّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ ۚ إِنَّهُ حَمِيدٌ مَّجِيدٌ ۝٧٣
📖 පරිවර්තනය ආයාත් 73
අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධයෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්‍යය නිවැසියන් වන නුඹලා සතු වේවා! නියත වශයෙන්ම ඔහු ප්‍රශංසා ලාභීය; අති කීර්තිමත්ය යැයි ඔවුහු පැවසුවෝය.
فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِيمَ الرَّوْعُ وَجَاءَتْهُ الْبُشْرَىٰ يُجَادِلُنَا فِي قَوْمِ لُوطٍ ۝٧٤
📖 පරිවර්තනය ආයාත් 74
ඉබ්‍රාහීම්ගෙන් බිය පහ ව ගොස් ශුභාරංචිය ද ඔහු වෙත පැමිණි කල්හි, ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමග වාද කරන්නට විය.
إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُّنِيبٌ ۝٧٥
📖 පරිවර්තනය ආයාත් 75
නියත වශයෙන්ම ඉබ්‍රාහීම් ඉතා ඉවසන සුළු කරුණාවන්ත (අල්ලාහ් වෙත) නැඹුරුවන්නෙකි.
يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَٰذَا ۖ إِنَّهُ قَدْ جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ ۝٧٦
📖 පරිවර්තනය ආයාත් 76
අහෝ ඉබ්‍රාහීම්! ඔබ මෙයින් වැළකෙනු. සැබැවින්ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන් වෙත ප්‍රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණෙන්නට ඇත.
وَلَمَّا جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌ ۝٧٧
📖 පරිවර්තනය ආයාත් 77
තවද අපගේ සුර දූතවරුන් ලූත් වෙත පැමිණි කල්හි ඔහු ඔවුන් පිළිබඳ කනස්සල්ලට පත් විය. තවද ඔවුන් පිළිබඳ ව බලවත් ලෙස පීඩනයට පත් විය. තවද මෙය දරුණු දිනයකි යැයි ඔහු පැවසුවේය.
وَجَاءَهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا يَعْمَلُونَ السَّيِّئَاتِ ۚ قَالَ يَا قَوْمِ هَٰؤُلَاءِ بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ فِي ضَيْفِي ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ ۝٧٨
📖 පරිවර්තනය ආයාත් 78
තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමග වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙරද ඔවුන් නපුරුකම් සිදුකරමින් පසු වූහ. මාගේ ජනයිනි! මේ මාගේ දූවරුන්ය. මොවුන් නුඹලාට අති පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නොකරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතරින් නොවේ දැයි ඔහු විමසුවේය.
قَالُوا لَقَدْ عَلِمْتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ ۝٧٩
📖 පරිවර්තනය ආයාත් 79
නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්‍යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහිය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැයි ද නුඹ නියත වශයෙන්ම දන්නෙහිය යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَىٰ رُكْنٍ شَدِيدٍ ۝٨٠
📖 පරිවර්තනය ආයාත් 80
නුඹලාට එරෙහි ව (ක්‍රියා කිරීමට) නියත වශයෙන් මට බලයක් තිබුණේ නම් නැතහොත් බලවත් ආධාරකයක් වෙත පිහිට පතන්නට මට හැකි වන්නේ නම්! යැයි ඔහු පැවසුවේය.
قَالُوا يَا لُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوا إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ اللَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا امْرَأَتَكَ ۖ إِنَّهُ مُصِيبُهَا مَا أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ ۚ أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ ۝٨١
📖 පරිවර්තනය ආයාත් 81
“අහෝ ලූත්! සැබැවින්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුන් කිසිවිටක ළඟා නොවන්නෝමය. එබැවින් රාත්‍රියේ කොටසක නුඹගේ පවුල රැගෙන රහසිගත ව පිටත් ව යනු. නුඹලා අතරින් කිසිවකු හැරී නොබැලිය යුතුය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන්ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන්ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීප ව නොවේ ද?” යැයි ඔවුහු පැවසූහ.
فَلَمَّا جَاءَ أَمْرُنَا جَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِّن سِجِّيلٍ مَّنضُودٍ ۝٨٢
📖 පරිවර්තනය ආයාත් 82
අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය (ගම්මානය) උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත පිලිස්සුනු ගල් වරුසාවක් වැස්සවීමු.
مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ ۝٨٣
📖 පරිවර්තනය ආයාත් 83
(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. තවද අපරාධකරුවන්ගෙන් එය දුරස් නොවීය.
۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُ ۖ وَلَا تَنقُصُوا الْمِكْيَالَ وَالْمِيزَانَ ۚ إِنِّي أَرَاكُم بِخَيْرٍ وَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُّحِيطٍ ۝٨٤
📖 පරිවර්තනය ආයාත් 84
තවද මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. කිරුම් හා මිනුම්වල අඩු නොකරනු. නියතවශයෙන්ම මම නුඹලා යහපත් තත්ත්වයේ දකිමි. තවද නියතවශයෙන්ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි යැයි ඔහු පැවසුවේය.
وَيَا قَوْمِ أَوْفُوا الْمِكْيَالَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ ۝٨٥
📖 පරිවර්තනය ආයාත් 85
තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා කිරුම් මිනුම් සාධාරණ ලෙසින් පූර්ණවත් කරනු. තවද ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නොකරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස ඉක්මවා කටයුතු නොකරනු.
بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَا أَنَا عَلَيْكُم بِحَفِيظٍ ۝٨٦
📖 පරිවර්තනය ආයාත් 86
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් වූයෙහු නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම්ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නොවෙමි.
قَالُوا يَا شُعَيْبُ أَصَلَاتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاءُ ۖ إِنَّكَ لَأَنتَ الْحَلِيمُ الرَّشِيدُ ۝٨٧
📖 පරිවර්තනය ආයාත් 87
අහෝ ෂුඅයිබ්! අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තු වල අප කැමති පරිදි අප කටයුතු නොකිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින්ම නුඹ ඉවසනු සුළු තැනැත්තාද යහ මග ගමන් කරන්නාද වේ යැයි (විහිඵවට) පැවසූහ.
قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّي وَرَزَقَنِي مِنْهُ رِزْقًا حَسَنًا ۚ وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَا أَنْهَاكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا الْإِصْلَاحَ مَا اسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ ۝٨٨
📖 පරිවර්තනය ආයාත් 88
අහෝ මාගේ ජනයිනි! මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය මා වෙත පිරිනමා තිබීම ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැර ව නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මම අපේක්ෂා නොකරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නොවෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස වෙනෙකෙකුගෙන් නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි.
وَيَا قَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِي أَن يُصِيبَكُم مِّثْلُ مَا أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَالِحٍ ۚ وَمَا قَوْمُ لُوطٍ مِّنكُم بِبَعِيدٍ ۝٨٩
📖 පරිවර්තනය ආයාත් 89
තවද අහෝ මාගේ ජනයිනි! මා සමග වූ භේදය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් දෙයක් නුඹලාට ඇති වීමට තරම් නුඹලා ව වැරදි කරුවන් බවට පත් නොකළ යුතුයි. තවද ලූත්ගේ ජනයාට (සිදු වූ දඬුවම) නුඹලා‌ට ඈතක නොවේ.
وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ ۝٩٠
📖 පරිවර්තනය ආයාත් 90
තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසුව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විතය; සෙනෙහෙවන්තය.
قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ ۖ وَمَا أَنتَ عَلَيْنَا بِعَزِيزٍ ۝٩١
📖 පරිවර්තනය ආයාත් 91
අහෝ ෂුඅයිබ්! නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. තවද ඔබ ව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන්ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නොවේ යැයි ඔවුහු පැවසුවෝය.
قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُم مِّنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ ۝٩٢
📖 පරිවර්තනය ආයාත් 92
අහෝ මාගේ ජනයිනි! අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහු ව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහුය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය‍.
وَيَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَاذِبٌ ۖ وَارْتَقِبُوا إِنِّي مَعَكُمْ رَقِيبٌ ۝٩٣
📖 පරිවර්තනය ආයාත් 93
තවද අහෝ මාගේ ජනයිනි! නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැයි ද බොරු පවසන්නා කවරෙකු දැයි ද නුඹලා මතු දැන ගනු ඇත. තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙක්මි.
وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِّنَّا وَأَخَذَتِ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ ۝٩٤
📖 පරිවර්තනය ආයාත් 94
තවද අපගේ නියෝගය පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමග විශ්වාස කළවුන් ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා ගිගුරුම් හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.
كَأَن لَّمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا بُعْدًا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ ۝٩٥
📖 පරිවර්තනය ආයාත් 95
ඔවුහු එහි වාසය නොකළාක් මෙනි. දැන ගනු! සමූද් ජනයා දුරස් වූවාක් මෙන් මද්යන් වාසීන් ද දුරස් වූහ.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ ۝٩٦
📖 පරිවර්තනය ආයාත් 96
තවද සැබැවින්ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධකය සමග මූසා ව එව්වෙමු.
إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُوا أَمْرَ فِرْعَوْنَ ۖ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ ۝٩٧
📖 පරිවර්තනය ආයාත් 97
ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. තවද ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි වූවක් නොවීය.
يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ ۖ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ ۝٩٨
📖 පරිවර්තනය ආයාත් 98
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු (ෆිර්අවුන්) ඔහුගේ ජනයාට පෙරමුණ ගනු ඇත. තවද ඔවුන් ව (නිරා) ගින්න වෙත ගෙන යනු ඇත. තවද එසේ ගෙන යනු ලබන ස්ථානය නපුරු විය.
وَأُتْبِعُوا فِي هَٰذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۚ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ ۝٩٩
📖 පරිවර්තනය ආයාත් 99
තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුහු ලුහුබඳිනු ලැබුවෝය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය.
ذَٰلِكَ مِنْ أَنبَاءِ الْقُرَىٰ نَقُصُّهُ عَلَيْكَ ۖ مِنْهَا قَائِمٌ وَحَصِيدٌ ۝١٠٠
📖 පරිවර්තනය ආයාත් 100
මේවා අපි නුඹ වෙත අප කියවා පෙන් වන පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතරින් වේ. ඒවායින් ශේෂ ව පවතින දෑ ද මුලිනුපුටා දමනු ලැබූ දෑ ද ඇත.
وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِن ظَلَمُوا أَنفُسَهُمْ ۖ فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِن دُونِ اللَّهِ مِن شَيْءٍ لَّمَّا جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ ۝١٠١
📖 පරිවර්තනය ආයාත් 101
තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නොවීය. තවද ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට අධික නොකළෝය.
وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ الْقُرَىٰ وَهِيَ ظَالِمَةٌ ۚ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ ۝١٠٢
📖 පරිවර්තනය ආයාත් 102
තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට ඔහුගේ ග්‍රහණය එලෙසය. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය.
إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّمَنْ خَافَ عَذَابَ الْآخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌ مَّجْمُوعٌ لَّهُ النَّاسُ وَذَٰلِكَ يَوْمٌ مَّشْهُودٌ ۝١٠٣
📖 පරිවර්තනය ආයාත් 103
නියත වශයෙන්ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා ඒ වෙනුවෙන් එක්රැස් කරනු ලබන දිනයකි. තවද එය ඉදිරිපත් කරවනු ලබන දිනයකි.
وَمَا نُؤَخِّرُهُ إِلَّا لِأَجَلٍ مَّعْدُودٍ ۝١٠٤
📖 පරිවර්තනය ආයාත් 104
තවද නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නොකරන්නෙමු.
يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِ ۚ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ ۝١٠٥
📖 පරිවර්තනය ආයාත් 105
එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොර ව කතා නොකරනු ඇත. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද භාග්‍යවන්තයා ද සිටියි.
فَأَمَّا الَّذِينَ شَقُوا فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ ۝١٠٦
📖 පරිවර්තනය ආයාත් 106
අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහිය. එහි ඔවුනට කෙඳිරි ගෑම හා මොර දීම ඇත.
خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ ۝١٠٧
📖 පරිවර්තනය ආයාත් 107
අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින්ය. නමුත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නාය.
۞ وَأَمَّا الَّذِينَ سُعِدُوا فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۖ عَطَاءً غَيْرَ مَجْذُوذٍ ۝١٠٨
📖 පරිවර්තනය ආයාත් 108
තවද භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින්ය. නමුත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නොනවතින ත්‍යාගයක් වශයෙනි.
فَلَا تَكُ فِي مِرْيَةٍ مِّمَّا يَعْبُدُ هَٰؤُلَاءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ آبَاؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍ ۝١٠٩
📖 පරිවර්තනය ආයාත් 109
එබැවින් (නබිවරය,) මොවුන් නැමදුම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නොසිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් නැමදුම් කරන්නාක් මෙන් මිස ඔවුන් නැමදුම් නොකරති. සැබැවින්ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොරව පූර්ණ ව පිරිනමන්නන් වෙමු.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِّنْهُ مُرِيبٍ ۝١١٠
📖 පරිවර්තනය ආයාත් 110
තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නමුත් එහි මත භේදයට ලක් විය. තවද නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නොවී නම්, ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරවන සැකයෙහි සිටිති.
وَإِنَّ كُلًّا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَالَهُمْ ۚ إِنَّهُ بِمَا يَعْمَلُونَ خَبِيرٌ ۝١١١
📖 පරිවර්තනය ආයාත් 111
තවද නියත වශයෙන්ම සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට නියත වශයෙන් ම පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ۚ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ۝١١٢
📖 පරිවර්තනය ආයාත් 112
එබැවින් නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමග පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවර ව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ثُمَّ لَا تُنصَرُونَ ۝١١٣
📖 පරිවර්තනය ආයාත් 113
. තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නොවනු. එවිට (නිරා) ගින්න නුඹලා ව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොර ව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.
وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ ۝١١٤
📖 පරිවර්තනය ආයාත් 114
තවද දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන අයහට මෙනෙහි කිරීමකි.
وَاصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ ۝١١٥
📖 පරිවර්තනය ආයාත් 115
තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරනු ඇත.
فَلَوْلَا كَانَ مِنَ الْقُرُونِ مِن قَبْلِكُمْ أُولُو بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الْأَرْضِ إِلَّا قَلِيلًا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُوا مَا أُتْرِفُوا فِيهِ وَكَانُوا مُجْرِمِينَ ۝١١٦
📖 පරිවර්තනය ආයාත් 116
ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගෙන් අපි මුදවා ගත් සුළු පිරිසක් හැර (අන් අය අපරාධ කළවුන් වූවෝය.) තවද අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටයෝය. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූවෝය.
وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ ۝١١٧
📖 පරිවර්තනය ආයාත් 117
තවද අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය විනාශ කිරීමට නුඹගේ පරමාධිපති නොවීය.
وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ ۝١١٨
📖 පරිවර්තනය ආයාත් 118
තවද නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. තවද ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙසම සිටිති.
إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ ۝١١٩
📖 පරිවර්තනය ආයාත් 119
නමුත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන්ම ඔහු ඔවුන් ව මැව්වේය. තවද ජින්වරුන් හා මිනිසුන් යන දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය.
وَكُلًّا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ ۚ وَجَاءَكَ فِي هَٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ ۝١٢٠
📖 පරිවර්තනය ආයාත් 120
තවද ධර්ම දූතයින්ගේ පුවත් අතරින් නුඹගේ හදවත් කවර කරුණක් මඟින් අපි ස්ථාවර කළෙමු ද එවන් සෑම දෙයක් ම නුඹ වෙත දන්වා සිටිමු. තවද මෙහි සත්‍යය ද දේවත්වය විශ්වාස කරන්නන් හට උපදෙසක් හා මෙනෙහි කිරීමක් ද නුඹ වෙත පැමිණ ඇත.
وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَامِلُونَ ۝١٢١
📖 පරිවර්තනය ආයාත් 121
තවද නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින්ම අප ද ක්‍රියා කරන්නන් වෙමු යැයි විශ්වාස නොකරන්නන්හට (නබිවරය) නුඹ පවසනු.
وَانتَظِرُوا إِنَّا مُنتَظِرُونَ ۝١٢٢
📖 පරිවර්තනය ආයාත් 122
තවද නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම අපි ද බලාපොරොත්තුවන්නන් වෙමු.
وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ ۝١٢٣
📖 පරිවර්තනය ආයාත් 123
අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතුය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය. එබැවින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ ව අනවධානියෙකු නොවේ.
← 10 හූද් (11/114) 12 →
කියවන්න හූද් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

11هود Hud 📚 123 ආයාත් مكية

ආයාත් ආයාත් – හූද් සූරා — 123 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers