අත්-තව්බා · 64/129
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තව්බා
يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ ۝٦٤
Yahzarul munaafiqoona an tunaz zala `alaihim Sooratun tunabbi `uhum bimaa feequloobihim; qulistahzi`oo innal laaha mukhrijum maa tahzaroon
📖 සිංහලෙන්
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. "නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය" යැයි (නබිවරය!) නුඹ පවසනු.
🎧 අසන්න

📜 ආයාත් 62-66 — අත්-තව්බා

62يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَن يُرْضُوهُ إِن كَانُوا مُؤْمِنِينَ
ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරවනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කරවීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය.
63أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَن يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? මහත් වූ අවමානය එයයි.
64يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُم بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. "නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය" යැයි (නබිවරය!) නුඹ පවසනු.
65وَلَئِن سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنتُمْ تَسْتَهْزِئُونَ
තවද නුඹ (මේ ගැන) ඔවුන් ගෙන් විමසුවෙහි නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳවත් දැයි (නබිවරය!) නුඹ අසනු.
66لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُم بَعْدَ إِيمَانِكُمْ ۚ إِن نَّعْفُ عَن طَائِفَةٍ مِّنكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ
නුඹලා නිදහසට කරුණු නොකියනු. නුඹලාගේ විශ්වාසයෙන් පසු ව සැබැවින්ම නුඹලා ප්‍රතික්ෂේප කළෙහුය. නුඹලා අතරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටි බැවිනි.
අත්-තව්බාකුර්ආන් දර්ශකය
129ආයාත්
MedinanRevelation
64ආයාත්

පරිවර්තනය — අත්-තව්බා 64

සූරා අත්-තව්බා ආයාත් 64 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත…

සූරා ආයාත් 64/129 — අත්-තව්බා التوبة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තව්බා අසන්න, අත්-තව්බා පරිවර්තනය, අත්-තව්බා mp3, අත්-තව්බා pdf. ආයාත් 62–66. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers