ආල්-ඉම්රාන් · 34/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ ۝٣٤
Zurriyyatam ba`duhaa mim ba`d; wallaahu Samee`un `Aleem
📖 සිංහලෙන්
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
🎧 අසන්න

📜 ආයාත් 32-36 — ආල්-ඉම්රාන්

32قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
(තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. නමුත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ව ප්‍රිය කරන්නේ නැත.
33۞ إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ
සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්‍රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේය.
34ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
35إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ
මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලබන්නක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනව. නියත වශයෙන්ම ඔබ සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
36فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
පසුව ඇය එය ප්‍රසූත කළ කල්හි මාගේ පරමාධිපතියාණෙනි! සැබැවින් ම මම එය ප්‍රසූත කළේ ගැහැනු දරුවකු ලෙසිනි. තවද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නොවේ. තවද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම ඔබ වෙතින් පතන්නෙමි යැයි ඇය පැවසුවාය.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
34ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 34

සූරා ආල්-ඉම්රාන් ආයාත් 34 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක…

සූරා ආයාත් 34/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 32–36. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers