ආල්-ඉම්රාන් · 33/200
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — ආල්-ඉම්රාන්
۞ إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ ۝٣٣
Innal laahas tafaaa Aadama wa Noohanw wa Aala Ibraaheema wa Aala Imraana `alal `aalameen
📖 සිංහලෙන්
සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්‍රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේය.
🎧 අසන්න

📜 ආයාත් 31-35 — ආල්-ඉම්රාන්

31قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
නුඹලා අල්ලාහ් ව ප්‍රිය කරමින් සිටියෙහු නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලා ව ප්‍රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය යැයි (නබිවරය!) නුඹ පවසනු.
32قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
(තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. නමුත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ව ප්‍රිය කරන්නේ නැත.
33۞ إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ
සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්‍රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේය.
34ذُرِّيَّةً بَعْضُهَا مِن بَعْضٍ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
35إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي ۖ إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ
මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලබන්නක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනව. නියත වශයෙන්ම ඔබ සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ආල්-ඉම්රාන්කුර්ආන් දර්ශකය
200ආයාත්
MedinanRevelation
33ආයාත්

පරිවර්තනය — ආල්-ඉම්රාන් 33

සූරා ආල්-ඉම්රාන් ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්‍රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල…

සූරා ආයාත් 33/200 — ආල්-ඉම්රාන් آل عمران (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: ආල්-ඉම්රාන් අසන්න, ආල්-ඉම්රාන් පරිවර්තනය, ආල්-ඉම්රාන් mp3, ආල්-ඉම්රාන් pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers