අල්-ආදියාත් සූරා අරාබි සහ සිංහල

අල්-ආදියාත් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (11 ආයාත් — مكية). අල්-ආදියාත් අසන්න, අල්-ආදියාත් පරිවර්තනය, අල්-ආදියාත් mp3, අල්-ආදියාත් pdf.

අල්-ආදියාත් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
—
x1
bismillah
وَالْعَادِيَاتِ ضَبْحًا ۝١
📖 පරිවර්තනය ආයාත් 1
හති දමමින් වේගයෙන් දිව යන්නන් මත දිවුරමින්,
فَالْمُورِيَاتِ قَدْحًا ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන්නන් මත ද,
فَالْمُغِيرَاتِ صُبْحًا ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
තවද අලුයමෙහි ආක්රමණය කරන්නන් මත ද (දිවුරමින්.)
فَأَثَرْنَ بِهِ نَقْعًا ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
එවිට එමගින් උන් දූවිලි නංවති.
فَوَسَطْنَ بِهِ جَمْعًا ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
وَحُصِّلَ مَا فِي الصُّدُورِ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව අභිඥානවන්තය.
← 99 අල්-ආදියාත් (100/114) 101 →
කියවන්න අල්-ආදියාත් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

100العاديات Al-'Adiyat 📚 11 ආයාත් مكية



ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers