අල්-අහ්සාබ් · 55/73
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අහ්සාබ්
لَّا جُنَاحَ عَلَيْهِنَّ فِي آبَائِهِنَّ وَلَا أَبْنَائِهِنَّ وَلَا إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ أَخَوَاتِهِنَّ وَلَا نِسَائِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَانُهُنَّ ۗ وَاتَّقِينَ اللَّهَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا ۝٥٥
Laa junaaha `alaihinna feee aabaaa`ihinna wa laaa abnaaa`ihinna wa laaa ikhwaanihinnna wa laaa abnaaa`i ikhwaanihinna wa laaa abnaaa`i akhawaatihinna wa laa nisaaa`i hinna wa laa Maa malakat aimaanuhunn; wattaqeenal laah; innal laaha kaana `alaa kulli shai`in Shaheedaa
📖 සිංහලෙන්
(නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරියන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ (සමීප) කාන්තාවන් හෝ ඔවුන්ගේ දකුණත් හිමි කරගත් (වහල්) අය විෂයෙහි ඔවුන් වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
🎧 අසන්න

📜 ආයාත් 53-57 — අල්-අහ්සාබ්

53يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلَّا أَن يُؤْذَنَ لَكُمْ إِلَىٰ طَعَامٍ غَيْرَ نَاظِرِينَ إِنَاهُ وَلَٰكِنْ إِذَا دُعِيتُمْ فَادْخُلُوا فَإِذَا طَعِمْتُمْ فَانتَشِرُوا وَلَا مُسْتَأْنِسِينَ لِحَدِيثٍ ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيِي مِنكُمْ ۖ وَاللَّهُ لَا يَسْتَحْيِي مِنَ الْحَقِّ ۚ وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِن وَرَاءِ حِجَابٍ ۚ ذَٰلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ ۚ وَمَا كَانَ لَكُمْ أَن تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَن تَنكِحُوا أَزْوَاجَهُ مِن بَعْدِهِ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِندَ اللَّهِ عَظِيمًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! සංග්‍රහයක් වෙත නුඹලාට අවසර දෙනු ලැබීමෙන් මිස නුඹලා නබිතුමාගේ නිවෙස් වලට ඇතුළු නොවනු. ඔහුගේ භාජනය දෙස බලන්නන් ලෙස නොසිටිනු. නමුත් නුඹලා ඇරයුම් කරනු ලැබුවේ නම් එවිට නුඹලා පිවිසෙනු. එසේ නුඹලා ආහාර ගත්තේ නම් විසිර යනු. කතා කිරීම පිණිස බැඳී සිටින්නන් නොවනු. නියත වශයෙන්ම එය නබිවරයා අපහසුතාවට පත් කරනු ඇත. එවිට ඔහු නුඹලා හේතුවෙන් ලැජ්ජාවට පත් වෙයි. තවද අල්ලාහ් සත්යය පිළිබඳ ව ලැජ්ජාවට පත් නොවෙයි. තවද නුඹලා (නබිවරයාගේ බිරින්දෑවරුන් වන) ඔවුන්ගෙන් යම් වස්තුවක් ඉල්ලා සිටින විට තිරයක පසුපසින් සිට ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු. එය නුඹලාගේ සිත් හා ඔවුන්ගේ සිත් වලට වඩාත් පිවිතුරුය. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට නුඹලා වේදනා කිරීමත් ඔහුගෙන් පසු ව ඔහුගේ බිරියන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නොවීය. නියත වශයෙන්ම එය අල්ලාහ් අබියස බරපතල කරුණකි.
54إِن تُبْدُوا شَيْئًا أَوْ تُخْفُوهُ فَإِنَّ اللَّهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا
නුඹලා යමක් හෙළි කර සිටිය ද එසේ නැතහොත් නුඹලා එය සඟවා සිටිය ද නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.
55لَّا جُنَاحَ عَلَيْهِنَّ فِي آبَائِهِنَّ وَلَا أَبْنَائِهِنَّ وَلَا إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ إِخْوَانِهِنَّ وَلَا أَبْنَاءِ أَخَوَاتِهِنَّ وَلَا نِسَائِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَانُهُنَّ ۗ وَاتَّقِينَ اللَّهَ ۚ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدًا
(නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරියන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ (සමීප) කාන්තාවන් හෝ ඔවුන්ගේ දකුණත් හිමි කරගත් (වහල්) අය විෂයෙහි ඔවුන් වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
56إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
නියත වශයෙන්ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ඔහුට නුඹලා ද ප්රාර්ථනා කරනු. තවද නුඹලා සාමය පතනු.
57إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا
නියත වශයෙන්ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට හිංසා පීඩා කරන්නන් වන ඔවුනට මෙලොවෙහි හා මතුලොවෙහි අල්ලාහ් ශාප කරනු ඇත. තවද ඔවුනට නින්දාසහගත දඬුවමක් ඔහු සූදානම් කර ඇත.
අල්-අහ්සාබ්කුර්ආන් දර්ශකය
73ආයාත්
MedinanRevelation
55ආයාත්

පරිවර්තනය — අල්-අහ්සාබ් 55

සූරා අල්-අහ්සාබ් ආයාත් 55 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (නබිවරයාගේ බිරියන්) ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ පුතුන් හෝ ඔවුන්ගේ සහෝදරයන්ගේ…

සූරා ආයාත් 55/73 — අල්-අහ්සාබ් الأحزاب (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අහ්සාබ් අසන්න, අල්-අහ්සාබ් පරිවර්තනය, අල්-අහ්සාබ් mp3, අල්-අහ්සාබ් pdf. ආයාත් 53–57. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers