අල්-මාඉදා · 33/120
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මාඉදා
إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَافٍ أَوْ يُنفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ ۝٣٣
Innamaa jazaaa`ul lazeena yuhaariboonal laaha wa Rasoolahoo wa yas`awna fil ardi fasaadan ai yuqattalooo aw yusallabooo aw tuqatta`a aideehim wa arjuluhum min khilaafin aw yunfaw minalard; zaalika lahum khizyun fid dunyaa wa lahum fil Aakhirati `azaabun `azeem
📖 සිංහලෙන්
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන් ව පිටුවහල් කරනු ලැබීමය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
🎧 අසන්න

📜 ආයාත් 31-35 — අල්-මාඉදා

31فَبَعَثَ اللَّهُ غُرَابًا يَبْحَثُ فِي الْأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَٰذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءَةَ أَخِي ۖ فَأَصْبَحَ مِنَ النَّادِمِينَ
පසුව තම සහෝදරයාගේ දේහය වසන්නේ කෙසේදැයි ඔහුට පෙන්වීමට අල්ලාහ් පොළොව හාරා පෙන්වන කපුටෙක් එවීය. අහෝ විනාශය! මා මෙම කපුටා මෙන් වන්නට වත් නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසන්නට තිබුණි යැයි ඔහු පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතරට පත් විය.
32مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا ۚ وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِي الْأَرْضِ لَمُسْرِفُونَ
ඒ හේතුවෙන් සැබැවින්ම ප්‍රාණ ඝාතනයක් හේතුවෙන් හෝ මහපොළොවේ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් හෝ මිස කවරෙකු යම් ආත්මයක් ඝාතනය කළේ ද ඔහු මුළු මිනිස් සමූහයා ඝාතනය කළා හා සමානය.තවද කවරෙකු එය (ආත්මය) ජීවත් කරවන්නේ ද ඔහු මුළු මිනිස් සමූහයා ජීවත් කළා හා සමානය යැයි ඉස්රාඊල්ගේ දරුවනට නියම කළෙමු. තවද අපගේ දූතවරු පැහැදිලි සාධක සමඟ සැබැවින්ම ඔවුන් වෙත පැමිණියෝය. අනතුරු ව ඔවුන් අතුරින් බො‍හෝ දෙනා ඉන් පසුවද මිහිතලයේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන් වූහ.
33إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَافٍ أَوْ يُنفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින් මහපොළොවේ සැරිසරන්නන්ගේ ප්‍රතිවිපාකය ඔවුන් ඝාතනය කරනු ලැබීම හෝ ඔවුන් එල්ලා මරනු ලැබීම හෝ ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද මාරුවෙන් මාරුවට කපා දමනු ලැබීම හෝ එම භූමියෙන් ඔවුන් ව පිටුවහල් කරනු ලැබීමය. එය ඔවුනට මෙලොවෙහි වන අවමානයයි. මතු ලොවෙහි ද ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
34إِلَّا الَّذِينَ تَابُوا مِن قَبْلِ أَن تَقْدِرُوا عَلَيْهِمْ ۖ فَاعْلَمُوا أَنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
නමුත් නුඹලා ඔවුන් කෙරෙහි බලය යෙදවීමට පෙර පාපක්ෂමා ඉල්ලා සිටියවුන් හැර. එබැවින් සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්ත ය; යැයි නුඹලා දැන ගනු.
35يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහු වෙතට (සමීප වීමේ) මාධ්‍යයන් නුඹලා සොයනු. ඔහුගේ මාර්ගයේ නුඹලා අරගල කරනු. නුඹලාට ජය අත්පත් කර ගත හැකිය.
අල්-මාඉදාකුර්ආන් දර්ශකය
120ආයාත්
MedinanRevelation
33ආයාත්

පරිවර්තනය — අල්-මාඉදා 33

සූරා අල්-මාඉදා ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමඟ සටන් වැද කලහකම් කරමින්…

සූරා ආයාත් 33/120 — අල්-මාඉදා المائدة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මාඉදා අසන්න, අල්-මාඉදා පරිවර්තනය, අල්-මාඉදා mp3, අල්-මාඉදා pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers