PDF —
8 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අත්-තකාසුර් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අත්-තකාසුර් pdf සිංහල — බාගත කරන්න සූරා අත්-තකාසුර් පරිවර්තනය. සූරා අත්-තකාසුර් (Meccan) 8 ආයාත්.

← අල්-කාරියාසූරා අත්-තකාසුර් අල්-අස්ර් →


8 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮣﮤﮥ
102:1 තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
ﮦﮧﮨﮩ
102:2 නුඹලා මිනීවළවල් හමු වන තුරු,
ﮪﮫﮬﮭ
102:3 එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
ﮮﮯﮰﮱﯓ
102:4 යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
ﯔﯕﯖﯗﯘﯙ
102:5 එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
ﯚﯛﯜ
102:6 නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
ﯝﯞﯟﯠﯡ
102:7 පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
ﯢﯣﯤﯥﯦﯧ
102:8 තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers