සූරා අල්-කාරියා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-කාරියා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-කාරියා පරිවර්තනය. සූරා අල්-කාරියා (Meccan) 11 ආයාත්.
Related
More සූරා PDF
සූරා අල්-කාරියා

ﭴﭵ
101:1
කම්පනය ඇති කරන සිදුවීමකි.
ﭶﭷﭸ
101:2
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
ﭹﭺﭻﭼﭽ
101:3
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
ﭾﭿﮀﮁﮂﮃ
101:4
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
ﮄﮅﮆﮇﮈ
101:5
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
ﮉﮊﮋﮌﮍ
101:6
තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්,
ﮎﮏﮐﮑﮒ
101:7
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
ﮓﮔﮕﮖﮗ
101:8
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
ﮘﮙﮚ
101:9
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
ﮛﮜﮝﮞﮟ
101:10
තවද එය කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
ﮠﮡﮢ
101:11
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







