අල්-බකරා · 217/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ ۖ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ ۖ وَصَدٌّ عَن سَبِيلِ اللَّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِندَ اللَّهِ ۚ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ اسْتَطَاعُوا ۚ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ ٢١٧
Transliteration
Yas`aloonaka `anish Shahril Haraami qitaalin feehi qul qitaahun feehi kabeerunw wa saddun `an sabeelil laahi wa kufrum bihee wal Masjidil Haraami wa ikhraaju ahlihee minhu akbaru `indal laah; walfitnatu akbaru minal qatl; wa laa yazaaloona yuqaatiloonakum hatta yaruddookum `an deenikum inis tataa`oo; wa mai yartadid minkum `an deenihee fayamut wahuwa kaafirun fa ulaaa`ika habitat a`maaluhum fid dunyaa wal aakhirati wa ulaaa`ika ashaabun Naari hum feehaa khaalidoon
පරිවර්තනය (සිංහලෙන්)
📖 සිංහලෙන්
ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස අති මහත් පාපයකි බව පවසන්න. තවද කලහකම ඝාතනයට වඩා අති මහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලා ව නැවත හරවන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නොවන්නෝ මය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහුමය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහුමය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
Additional reference in தமிழ்
🎧 අසන්න
📜 ආයාත් 215-219 — සූරා අල්-බකරා
215يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ ۖ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ ۗ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ
තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ඔවුහු නුඹගෙන් විමසති. යහපත් දැයින් නුඹලා වියදම් කළ යුත්තේ දෙමාපියන්, ඥාතීන්, අනාථයින්, දුප්පතුන් සහ මගියන්ට වේ යැයි නුඹ පවසනු. තවද නුඹලා සිදු කරන යම් යහපත් දැයක් වුව ද ඒ ගැන සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය.
216كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ
සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදී. නුඹලා යමක් පිළිකුල් කළ හැක. නමුත් එය නුඹලාට යහපතක් විය හැකිය. නුඹලා යමක් ප්‍රිය කළ හැක. නමුත් එය නුඹලාට හානිදායක විය හැකිය. අල්ලාහ් (සියල්ල) දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
217يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ ۖ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ ۖ وَصَدٌّ عَن سَبِيلِ اللَّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِندَ اللَّهِ ۚ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَن دِينِكُمْ إِنِ اسْتَطَاعُوا ۚ وَمَن يَرْتَدِدْ مِنكُمْ عَن دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස අති මහත් පාපයකි බව පවසන්න. තවද කලහකම ඝාතනයට වඩා අති මහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලා ව නැවත හරවන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නොවන්නෝ මය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහුමය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහුමය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
218إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ أُولَٰئِكَ يَرْجُونَ رَحْمَتَ اللَّهِ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
නියත වශයෙන්ම විශ්වාස කළවුන් හා දේශය අත හැර දමා ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවන් වන ඔවුහුමය අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන්නෝ. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
219۞ يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ ۖ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِن نَّفْعِهِمَا ۗ وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ
(නබිවරය) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අති මහත් බවත් පවසනු. තවද තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ද නුඹගෙන් ඔවුහු විමසති. අතිරේක දෑ (වියදම් කරනු) යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
217ආයාත්
පරිවර්තනය — අල්-බකරා 217
සූරා අල්-බකරා ආයාත් 217 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති.…සූරා ආයාත් 217/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 215–219. සිංහලෙන්: தமிழ்.
العربية
English
Bahasa Indonesia
Türkçe
Русский
فارسی
Français
اردو
বাংলা
Deutsch
Español
中文
हिन्दी
Português
Italiano
ภาษาไทย
Polski
Nederlands
Shqip
Kiswahili
O'zbek
தமிழ்
Melayu
Bosanski
Soomaali
Azərbaycan
کوردی
한국어
日本語
Svenska
Dansk
Norsk
پښتو
മലയാളം
සිංහල
Tamazight
Hausa
አማርኛ
Български
Тоҷикӣ
Қазақша
Filipino
سنڌي
Yorùbá
Fulfulde
Татарча
ئۇيغۇرچە
Кыргызча
ਪੰਜਾਬੀ
Jawa
తెలుగు
မြန်မာ
ગુજરાતી
Oromo
मराठी
Tiếng Việt
Malagasy
Нохчийн
Wolof
ދިވެހި
ಕನ್ನಡ
Українська
Ελληνικά
ქართული
ខ្មែរ
دری
Qafar af
Maranao
नेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Monday, September 7, 2026
Don't forget us in your sincere prayers








